Product Tag: Ganga Niroshini Sudhuwelikandha

Ganga Niroshini Sudhuwelikandha

Showing all 4 results

Show:

ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග

Highlights:

ක්ලෙමන්ටයින් රෝස් මහත් ප්‍රමෝදයට පත්ව සිටියි. පිටුපස මිදුලේ
යෝධ කූඩාරමක් ඇති අතර අමුත්තෝ මෝටර් රථවල පිරී එහි එන්නට
යති. නිවසට බෙහෙවින්ම අවශ්‍ය කර ඇති අලුත් වහලයක් ගැනීම
සඳහා ඇයගේ මවට මුදල් අවශ්‍ය වී ඇති අතර පෙන්බර්ති මැදුරේ මංගල
උත්සවයක් පැවැත්වීමෙන් ඒ මුදල උපයා ගැනීමටට හැකි වනු ඇත.

එහෙත් මේ සියලු උද්යෝගය මැද ඩිග්බි සීයා අසනීප වන අතර
ආරාධනා පත්‍රයක් නැතිවී යයි. හැම දෙනාගේම භීතියට හේතුවන
පරිදි නිවසේ කටයුතු බලා කියා ගැනීමට වයලට් ආච්චි මම්මා
වෙත පැවරෙයි.

ලස්සනට ඔතා ඇති මංගල තෑගි දකින ක්ලෙමන්ටයින්ට විශිෂ්ට
අදහසක් පහළ වෙයි. එහෙත් හරි වෙලාවට ඒ අපූරු තෑග්ග
සොයාගන්නට හැකි වේවිද?

ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළෙ ජංජාලය

Highlights:

ක්ලෙමන්ටයින් රෝස් සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ
මහත් උද්‍යෝගයට පත්ව සිටිති. ඔවුන් ඒ වසන්ත කාලයේ
ගමේ ගොවිපලකට ද විනෝද ගමනක් යන්නට යන බව ගුරුතුමිය
ඔවුන්ට කියයි. ගමනට උදව් වීම සඳහා වයලට් ආච්චි මම්මාත් ඔවුන්
සමග යන්නට එන විට ඇගෙන් ඇත්තටම කොතරම් උදව්වක් ලැබෙනු
ඇත්දැයි කිසිවකුටත් හරියටම සිතාගත නො නොහැකි විය.

ගොවිපලේ දී වයලට් ආච්චි මම්මා සහ බොටම්ලි මහත්මිය අතුරුදන් වී
ගොස් දරුණු බැටළුවකු රමොන්, ජොෂුවාට අනින්නට එන විට සෑම සැලසුම්ක්
ම අවුල් වී යයි.

රමෝනගෙන් මිදී පලා ගොස් නැති වූ කාන්තාවන් දෙදෙනා සොයා
ගැනීමට ක්ලෙමන්ටයින්ට සහ ඇගේ මිතුරු මිතුරියන්ට හැකිවේද?

ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා

Highlights:

ක්ලෙමන්ටයින් රෝස් මෙලොවට බිහි වූයේ සාමාන්‍යයෙන්
සිදුවන ආකාරයට රෝහලක දී නොව, කුඩා වෑන් රථයක
පිටුපස රවුම් පාන් කූඩයක් තුළදීය.

සිය මව වන ක්ලැරිසා ආර්යාාවත්, ප්‍රධාන සේවකයා වන
ඩිග්බි පර්ට්විස්ට්ල් සහ ලැවැන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා
සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමග පෙම්බර්ති ෆ්ලොස්
ගමේ ගරාවැටුණු විශාල වලව්වකක ජීවත්වන ලස්සන කුඩා
දැරියගේ කතා කතන්දරය ආරම්භ වන්නේ මෙලෙසිනි.

ක්ලෙමන්ටයින් ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු
නොවූ ලෙස එහි ආ විට නිවසේ මහා අවුලක් ඇති වෙයි.

වයලට් ආච්චි මම්මා ට ඇත්තටම ඕනෑ වී ඇත්තේ මොනවාද?
ඇ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ කුමක්ද?

සවන් ළග සරන්නා

Highlights:

ලේඛකයකු වන ටොම් කෙනඩි, සිය බිරිඳ ගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන, නව ජීවිතයක් ආරම්භ කිරීමට හැකි වනු පිණිස, ඔහු ගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමග ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක නිවසක පදිංචියට යයි.

ඒ කාලයේදීම ෆෙදර්බෑන්ක්වල කුඩා පිරිමි ළමයකු අතුරුදහන් වන අතර, එහි සුලමුල සොයාගැනීමේ වගකීම පීට් විලිස් සහ අමැන්ඩා බෙක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරෙයි.

ඒ අතරේ ජේක් ට ඔහුගේ කාමරයේ ජනේලයෙන් පිටත සිට කිසිවකු රහසින් කොඳුරන හඬ ඇසෙන්නට පටන් ගනියි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping