Product Tag: Godage And Brothers

Godage And Brothers

Showing all 6 results

Show:

ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිනි

Highlights:

ඩබ්ලියු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සඳහට ම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නො‍නැසී පවත්නේ ය.

ජුලිහත

Highlights:

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.

විජයබා කොල්ලය

Highlights:

1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය තුන් කොටසකට බෙදිණි. කුමරුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද සම්පූර්ණ සිද්ධියේ නියමුවා වූයේ මොහුය. කෝට්ටේ රජු බවට පත් වීමට මායාදුන්නේ සිහින මැවූ අතර සත්වන බුවනෙකබාහු මුල සිටම මොහු ගැන සැක කරමින් පෘතුගීසින්ගේ උදව් පැතීය. එබැවින් මෙම සිද්ධිය නිසාවෙන් අභ්‍යන්තර ආරාවුල් සහ ශ්‍රී ලාංකික රාජධානියන්හී කටයුතු වලට අත පෙවීමට පෘතුගීසින්ට ඉඩ සැලසුණි.

චාලක රසායනය

Highlights:

චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.

චාලක රසායනය, වර්ග කළ බහුවරණ ප්‍රශ්න

Highlights:

මෙය චාලක රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ චාලක රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

11 ශ්‍රේණිය සිංහල සාහිත්‍යය විමසුම

Highlights:

සිංහල සාහිත්‍යය යුග නම් කර ඇත්‍තේ ඒ ඒ රාජධානිවල නමින් ම ය. අනුරාධපුර යුගයට පසුව එළැඹෙන්නේ පොළොන්නරු යුගයයි. පොළොන්නරු යුගයේ මුවදෙව්දාවත, සසදාවත යන ගී කාව්‍ය දෙක ලියැවී තිබේ. අපේ පැරණි ම ගද්‍ය කෘති රචනා වී ඇත්තේ ද පොළොන්නරු යුගයේ ම ය.ඒ විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සර හා ගුරුළුගෝමීන්ගේ අමාවතුර වේ.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping