Product Tag: Grantha.lk

Grantha.lk

Showing all 7 results

Show:

May December Romance ( කොළපාට ඇස් )

Highlights:

ආරති දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල
විසින් ලියන ලද “MAY DECEMBER ROMANCE” නවකතාව
විවාහක ගෘහනිර්මණ ශිල්පී ආචාර්යවරයෙකු සහ
තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක්
ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය
ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත්
ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන්
අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම
පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක
ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය
කරන පර්යේෂණාත්මක කෘතියකි.

අම්මා

Highlights:

‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’

හිරිකඩ

Highlights:
දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන….

“මට නම් බෑ ඕව කරන්න… මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න”

එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය.

“ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ… දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි… අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන් දැනගන්න ඕන මේ රට දියුණු කරන්න. අන්න එහෙම උනොත් නම් උඹට වීරයෙක් වෙන්න පුළුවන්. නැතුව අතපය අකුළගෙන බුදියගෙන හරියන්නෑ බොල. කුඹුරු කොටල්ලා… වගා කරපල්ලා… එවුව මෙව්වා හදපල්ලා… ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හිතපල්ලා. දවසෙන් දවස දියුණු වෙයල්ලා. දැන් ඉතිං නිදහසේ හුස්ම ගනින් මයෙ පුතේ. මේ අහස යට උඹල දැන් නිදහස්!   “

යක්ඛරාජ

Highlights:
පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු – යසස් මොනවට කියා      පානා

ඇස් තුනෙන් හැම පිරික්සා සිව්  –     අතින් ගති බිලි සියල්        ඕනා

රැස් දෙනා සුදු වතින් සැරසී     –  නිල් කයින් සිත් කුකුස්         ගේනා

අශ්ව මුව එළු බැටළු සූකර    –     පිටෙහි පැමිණේ මහා          සෝනා

 

දක්ෂකම් පෑ සේන සෙන්පති  –  මොහුයි පෙර පිදු ගැමුණු     සේනා

යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ  – ලබා දස දෙස බලය     පානා

රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු      –    විකුම් පා සමයමේ              පේනා

වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ       –  සසලවයි සැම මහා             සෝනා

පින්න

Highlights:
වෙව්ලන දෑතින්ම විදුලි පන්දම අල්වා ගත් හෙතෙම නැවතත් එය ඒ දෙසට යොමු කළේ තමා දුටුවේ හිතලූවක්දැයි සක්සුදක් සේම සැක හැර දැන ගැනීමටය.
නැත!

එය ඔහු සිත රැඳි හිතලූවක් නොවීය. එය සැබෑවකි.

එය ඔහු කිසිසේත්ම නැවත දකින්නට ලැබේ යැයි සිතූ දර්ශනයක් නොවීය. එකිනෙක වෙනස් නිල් හා කහ පැහැති දෑසක් ……!

ඔව්!

ඒ…. එම දෑසම බැව් හෙතෙම සිතීය.

රුධිර කේෂ නාලිකාවලින් ගහන, රක්ත වර්ණයට හැරුණු නිල් – කහ දෙඇස් තමාට කිසිඳු කලක අමතක වේ යැයි හේ නොසිතීය.

ගැහැනු පිරිමි මල් පලතුරු

Highlights:
“මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ… අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා – රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි… ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා… අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ…” එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.එය මට සැනසුමකි.ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි.එහි තෙතක් විය.ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.

මංමුලා වූ ආර්යාව

Highlights:
Fiesta කෘතියට පසුබිම් වනුයේ පුවත්පත් කලාවේදියෙකු හා ඉංග්‍රීසි ජාතික කාන්තාවක් අතර හටගත් ප්‍රේමයකි.එය බලාපොරොත්තුවෙන් ඈත් වු පීඩාකාරි ආදරයක් වන්නේ ඔහු යුද්ධයෙන් තුවාල ලබා බෙලහීන තත්වයට පත් වුවෙකු බැවිනි.ඒ් අතර ඈ සෙසු මිනිසුන් සමඟ ආවේගාත්මක බැදීම් ඇතිකර ගනී.පැරීසිය හා ස්පාඤ්ඤ පසුබිම් කරගත් මෙහි සිදුවිම් තුලින් පෙන්වනුයේ දෙවැනි ලෝක යුද්ධ සමයට පෙර පැවති අනාරන්ෂිත සමයේ කලකිරිම හෙළිකිරිමය.විචාරකයන් පවසා තිබෙන පරිදි හෙමිංචේ fiesta කෘතිය ලියා තිබෙන්නේ ටී.එස්.එලියට් ගේ ප්‍රකට කාව්‍ය නිර්මාණයක් වු The Waste Land ඇසුරිනි.එහි යටිකය තුවාල වීමෙන් සයනයේ කාලය අපතේ හරිනු ලබන තම රාජධානිය ඵල රහිත වු රජෙකු පිළිබඳව කියැවේ.මෙහි කතා නායකයා වන ජේක් බාර්න්ස් ද ඒ් ඒ් අන්දමට තුවාල ලබා වඳ බවින් පිරි ලොවක ‌ජීවත් වු අයෙකි.ප්‍රධානම සංසිද්ධිය සාහිත්‍ය තුළ තිගැස්මක් ඇති කරවන සුළුය.අප එය නිර්භීතකම ලෙසින් හඳුනවා නොදීම හෙමිං චේ මහතාට කරන ගෞරවයකි.යනුවෙන් එකල විචාරකයෙකු ‌මෙම කෘතිය පිළිබඳ ලියා තිබේ .එහිදි බොහෝ විනෝදජනක කෙළිදොලෙන් පිරි හෙටක් නොදකින සිදුවිම් අපට හමුවේ.විශේෂයෙන් පැම්පෙලෝනා සැණකෙළිය, උද්වේගී ගවපොර, වීදි නැටුම් යනාදි දේවල් එකල ජනයාට විනෝදය සැපයු අන්දම මෙහි හොඳින් විස්තර වෙයි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping