Product Tag: graphicare

graphicare

Showing all 5 results

Show:

භූත දඩයම

Highlights:

නවීන විද්‍යාවට නතු නොවන අනේක විධ අද්භූත බලවේග අප ජීවත්වන විශ්වයේ නිබදව ක්‍රියාත්මක වන බවත් ඒ මගින් මිනිස් සංහතියට විවිධාකාර බලපෑම් එල්ල වන බවත් ලොව පුරා පැතිර ගත් විශ්වාසයකි. නමුදු මෙම අසංවිධිත විශ්වාසය සහ පොදුජන මානසික සෞඛ්‍යය අතර ඍජු සබැඳියාවක් පවතින බව මනෝ වෛද්‍යවරුන්ට පහසුවෙන් තහවුරු කරගත හැකිය.

ඇස්වහ කටවහ

Highlights:

ජේන් උන්දෑ යනු මීට අඩසිය වසක් පමණ අතීතයට දිවයන මාගේ මතක සීමාවේ එහා කෙළවරින් මතුවන අපූරු ගැහැනියකි. එක්දහස් නවසිය හැටේ දශකය තෙක් දශක කිහිපයක් පුරා අප ගම් ප්‍රදේශයේ කාගේත් විශේෂ අවධානයට යොමුව හිඳ හැත්තෑව දශකයේ මුල් භාගයේ දී පමණ කලක් රෝගාතුරව පසුවී මියගිය ජේන් උන්දෑට මා ජිවීතයේ එදා මෙදා තුර දුටු සුවිශේෂ චරිත අතරිනුදු මුල් තැනක් හිමිවෙයි.

සුනඛ මිතුරෝ

Highlights:

මීට වසර හතලිස් දවසකට පමණ පෙර වනාන්තරවල විසු අනේක විධ සත්ව කොට්ඨාශ අතුරින් වෘක ගණයට අයත් එක් සත්ව සමුහයක් එම වනාන්තරවල පිහිටි ආදි මානව ජනාවාස වෙත සංක්‍රමණය වූහ. ඒ එම මානවයාගේ සත්ව දඩයම් අවශේෂ ආහාරයට ගනු පිණිසය.

මන රංජන මිථ්‍යා කතා

Highlights:

ශ්‍රී ලංකාව තුළ මිථ්‍යාවට එරෙහි නූතන ගවේෂණාත්මක සාහිත්‍ය සම්ප්‍රදායේ පුරෝගාමියා හා සටන්කරුවා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කොවුර් ය. ඔහු මුල පිරූ ඒ කර්තව්‍ය‍යේ අඛණ්ඩ සම්ප්‍රදාය හැත්තෑව දශකයේ අග භාගයේ ඔහුගේ අභාවයත් සමග ඇන හිටියේ ය.

සිංහල අලුත් අවුරුද්දේ මායාව සහ යථාර්ථය

Highlights:

යම් ජන සමාජයක් විසින් එල්බ ගැනුණු චිරාගත සම්ප්‍රදායන් මුල්කොට ගත් සංස්කෘතික දායාදයන්‍ට පහර ගැසීම දෙබරයකට ගල් ගැසීමකි. ඒ අනුව සමස්ත  ශ්‍රී ලංකිකයින්ගේ අසම-සම ජාතික උත්සවය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන  සිංහල අලුත් අවුරුද්ද කෙරෙහි විවේචන එල්ල කිරීමේ බැරෑරුම් සහ අවදානම් සහගත බව පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping