අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය
අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය
- 2017 නව විෂය නිර්දේශයට අනුකූල
- ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි
මගේ පුංචි ගුරුතුමී
සඳුදා දින මම වෙනදාටත් වඩා වේලාසනින් පාසල් යාමට සූදානම් වුයෙමි. ගුරුතුමිය දකින තෙක් මට ඉවසුමක් නැත. ඇය යළිත් නොඒදෝයි සැකයක් මා තුළ පවතියි. අනෙකුත් ගුරුවරු පැමිණ දින දෙක තුනකින් නතර විය.සති තුනක් ගිය පසු ඇය ද නතර වීමට බැරි නැතැයි මට සිතුණි.
“අද උදේම මොකද ලෑස්ති වෙන්නෙ…? අම්මා මගේ කලබලය දැක ඇසුවා ය.
අසංකගේ විශ්මිත ජය
“පුංචි දොස්තර මහත්තයත් එක්ක වචනයක් කතා කළත් අසනීප හොඳන් වෙනවා.”
“පුංචි දොස්තර මහත්තයට දරුවොත් හරි කැමතියි.”
“පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කිව්වම සන්තෝසයෙන් බොනවා.”
“ඉස්සර බෙහෙත් බොන්ට ගියාම අඬන දොඩන අපේ දරුවා පුංචි දොස්තර මහත්තයාගෙ බෙහෙත් කීවාම හිනාවෙවී බොන්නේ.”
දුම්බර නිළමේ
“ඉඩම වටේම තේක්ක ගස් හිටවපන්…. තේක්ක දැන් බුරුමයෙන් ගෙන්වන්නේ. මම දොරවල්වලට ලී ගෙන්න ගත්තේ කොළඹ වෙළෙන්දෙකුට කියලා.ගිනි ගණන්. හොඳ තේක්ක පැළ වගයක් මට ළඟදීම ලැබෙයි.”
“එහෙමයි හාමුදුරුවනේ.. ඉඩම වටේටම තේක්ක පැළ දාන්ටයි මම හිතාගෙන ඉන්නේ.”
“ඒක හොඳයි… හොඳයි… උඹට මම කියන්ට ඉස්සර සේරම තේරෙනවා.”
මම ද ගැහැනියක්මි
“ගෑනියක් දික්කසාද කරල උඹ ඒකා බඳින්න කැමතිද?” ඇය ඇසුවාය.
“ඇයි?”
“ඒත් ගැහැනියක්. උඹත් ගැහැනියක්.තවත් ගෑනියෙක් අමාරුවෙන් දාල උඹව බැඳ ගන්නව නම් ඒක මම විශ්වාස කරන්නෙ නෑ.අනිත් එක එක ගෑනියෙක් අත හැරපු මිනිහට උඹව අත් හරින එක එච්චර දෙයක් නොවෙයි.ඒක මතක කියා ගනින්”
නුවරකලාවියේ අලුත් නෑයෝ
“අපේ ගම දැන් අලුත්ම එකක් රංකිරෝ.වේලු කසාද බැන්දෙ සිංහල එකියක්.මොහොමඩ් කසාද බැන්දෙ සිංහල එකියක්.මේවා සේරම වෙනස්වෙන කාලයක්.උඹ ක්‍රිෂ්ණාට එකිත් එක්ක පවුල් කන්ට කියපන්.මොකද කොල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑනෙ.” නායක් හාමුදුරුවෝ මෙන්ම නිලමේද අදහස් දැක්වූයේ එලෙසින්ය.
තරුණ දුවේ මේ අහන්න
විශේෂයෙන් තරුණ දූවරුන් ඉන්නවා නිවසේ දී හැසිරෙන්නේ මේ ලෙසිනුයි. ඔවුන් නිවසේ හැසිරෙන්නේ යක්ෂණියන් ලෙස. තව කෙනෙකුගේ නිදහස දෙස බලන්නේ වත් නෑ.ආත්මාර්ථකාමී ලෙස තම විනෝදය සලකාගෙන ඔවුන් කටයුතු කරනවා. සිංදු කියනවා, කෑ ගසනවා, රූපවාහිණි බලනවා, වයසක දෙමාපියන් දවස තිස්සේම මහන්සි වී විවේක ගන්නේ රාත්‍රියටයි.
අපොයි මගේ ඉස්කෝලේ
“මේ ළමයින්ට දැන් බඩගිනිත් ඇති.ඉන්න මම රොටී ටිකක් පුච්චලා දෙන්නම් කාල ආපහු මේ පාරෙම ගිහිල්ලා ගඟෙන් ආපහු එගොඩවෙන්ට. ඒ පාර දන්නවා නේද? ආයෙත් මෙහාට එහෙම එන්න එපා.” නෑ මාමෙ අපි දැන් කෙලින්ම ආපු පාරේ ආපහු ගිහිල්ලා වතුර අඩු තැනකින් ගඟෙන් එගොඩ වෙනවා.ඊටපස්සෙ ගඟ උඩහට ගියාම තෙල්දෙනිය කිට්ටුයි.
සසල මැදුර
එදා පටන් ඒබරං සියලු වැඩ නිමවා රාත්‍රී ඉගෙන ගන්නට ගියේ ය. මුදලාලි පැවසුවේද ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ආණ්ඩුවේ තනතුරක් හෝ ලබා ගත හැකි බව ය. ඒබරං තරුණයාගේ ක්‍රියා පිළිවෙළට ඔහු බෙහෙවින් ආකර්ෂණය වී සිටියේ ය.ඔහු අනාගතයේ දියුණු තත්ත්වයකට පත් වෙතැයි ඉසදින් කල්පනා කළේ ය.
අපූරු සංචාරයක්
“හොඳයි අපි උත්සාහය අත්හරින්නේ නෑ. මේ
වාගේ දෙයක් වුණාම ලංකාවම කලබල වෙනවා.
මාධ්‍යයට යන්ට දෙන්ට හොඳ නෑ.”
“ඔව් ගියොත් කරදරේ,”
එහෙත් මාධ්‍යයට දරුවන්ගේ අතුරුදහන්වීම රහසක්
කරන්නට නොහැකි විය. ඒ ප්‍රදේශයේ සිටින මාධ්‍ය
කරුවන් කීපදෙනෙක්ම කලබලය ගැන දැන ගත්තෝය.
ඔවුහු උදාරගේ නිවසට පැමිණ විස්තර විමසන්නට වුහ.
“අපි හරියට දන්නේත් නෑ මහත්තුරුනේ. ළමයි ඊයේ
ඉඳලා නෑ තමා.”
අන්තිම ඉල්ලීම
සිරිදාස බලු කික්කියක් ගෙදරට ගෙනාවේ පවුලේ සියලු දෙනාගේම බලවත් ඉල්ලීම පිටය. රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් වූ ඔහුගේ බිරිඳ මැහුම් ගෙතුම් කරමින් දවසේ කීයක් හරි සොයා ගත්තා ය. සිරිදාසට එය මහත් පහසුවක් විය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ටිකක් හෝ අඩුකර ගැනීමට එයින් හැකි වූවා යයි එහු කල්පනා කළේ ය.
සංචාරක කිරිල්ලී
මා මගේ ජීවිත කථාව කොතනින් පටන් ගන්නේ ද කියා මේ වන තෙක් සිතමින් සිටිමි. එහෙත් එහ් පැවසිය යුතුමය යන බලවත් හැඟීම මා සිත කලඹයි.මගේ කුඩා කාලය මව්පිය සෙනෙහස නොලැබුණු එකක් යැයි මට නිතරම සිතේ.
සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි
බොහෝ වෙහෙස වී පැමිණි මා නන්දාගේ නිවසට ගොඩ වදින විට රාත්‍රී අට ද පසු වී තිබුණි.ඇය මා එනතෙක් බොහෝ වේලාවක් බලා සිට ඇති බව මම දැන සිටියෙමි. දවස තිස්සේ ම මා වෙනුවෙන් අවශ්‍ය දේ සුමනේ සමඟ ගොස් ගෙනවිත් රාත්‍රී ආහාර සකස් කොට තිබූ ඇය පමණක් නිවසේ සිටීම නිසා මම සුමනෙ ගැන විමසීමි.
තෑගි ගොඩයි
එදා පවුලේ සියලු දෙනාටම ප්‍රීතිමත් දිනයක් විය. එයට හේතුව ඔවුන් එදා රුපියල් පන්සියයක් පමණ හම්බකර තිබීමය. එය ඔවුනට විශාල ආදායමක් විය. සිරිසෝම කඩයට ගොස් පරිප්පු හා කරවල ගෙන ආවේය. කාලෙකින් දරුවන්ට හොඳට කන්නට දෙන්ට පුළුවන් වීම ගැන සිරිසෝම මෙන්ම ඔහුගේ බිරිඳද සතුටට පත්වූහ.
කුරුලු පැටවුන් ඉගිල ගොසින්
” ලබන අවුරුද්දේ ඉඳලා දුන්හින්නෙ ඉස්කෝලෙට යන්ට ඕනෑ.
මේ පාර වාර විභාගෙ ඉවර වුණාම අස්වීම සහතිකෙත් අරගෙනම
එන්ට ඕනෑ නිවාඩු දුන්න ගමන්ම.” අප්පච්චි කියනවා අහගෙනයි.
“පයින්ම යන්ට එපායැ… පොඩි එකාට ලේසි වෙන එකක් නෑ,”
අම්මා කිව්වා.
දුන්හින්නෙට හැතැප්ම දෙකක් විතර තිබුණා ගමේ ඉදලා
තෙල්දෙනියේ යනකොට දුන්හින්න ඉස්කෝලෙ දැකලා තියෙනවා
සම්පත්. ලොකු ඉස්කෝලෙට ගමේ ඉදලා ළමයි එන බව සම්පත්
දැන හිටියා. තමන්ටත් කවදාහරි ලොකු ඉස්කෝලෙට යන්ට වෙන
බවත් දැනන් හිටියා.
“කොල්ලො කෙල්ලො ඔය යන්නෙ. අපේ එකත් පුරුදු වෙයි.”
අප්පච්චි කිව්වා.
මල්ලිකා නංගි ඉගෙන ගන්ට කම්මැලියි. ඊලඟ අවුරුද්දෙ
එයත් දුන්හින්න ඉස්කෝලෙට ආවා. ඒත් අටේ පන්තියට
විතරයි ගියේ.
“උඹට ඉගෙන ගන්ට බැරි නම් ගෙදර වැඩපලක් ඉගෙන
ගනින්.” අම්මා එක දවසක් කිව්වා සම්පත්ට මතකයි…
හුටපට වීදිය
හුටපට වීදිය
ඔවුන් ද මේ සමාජයේ ම සාමාජීකයන් ය.
අව්ව, වැස්ස, සුළඟ කාටත් නොමිලයේම
ලැබෙන්නා සේ ම ඔව්න්ට ද ඒ සියලු
දෙය ලැබුණි. එහෙත් ජිවිතය ජයගැනීම
සඳහා ඔවුන්ට මහත් අරගලයක් කරන්නට
සිදුවීම පෙර ආත්මවල පව් පින් පලදීම ද?
සමාජයේ වෙසෙන තවත් එක් මිනිස්
කොට්ඨාසයක්ගැන දශමයක් වු මේ කතාව
අප හැමගේම කතාවම විය නොහැකිද?