Product Tag: H. Rider Haggard

H. Rider Haggard

Showing all 8 results

Show:

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

ඇලන්ගේ බිරිද

Highlights:

එච්. රයිඩර් හැගාඩ් විසින් ඇලන් ක්වාටර්මේන් ගේ චරිතය අළලා ලියන ලද නවකතා අතරින් සිවු වැන්න වන “ඇලන ගේ බිරිඳ ” ( ALLAN’ s WIFE ) නමැති මේ නව ප්‍රබන්ධයට පාදක වී ඇත්තේ, එංගන්තයෙහී කුඩා දැරියක ව සිටිය දී තමා විසින් ජිවිතය බේරා දෙනු ලැබ. පසු ව අප්‍රිකාවේ රුදුරු මරු කතරක අතරමං ව සිටිය දී දෛවෝපගත ලෙස තමා ගේ දිවි ගළවා ගනු ලැබු ස්ටෙලා කාර්සන් නැමැති ඉංග්‍රිසි ජාතික තරුණිය සහ ඇලන් ක්වාටර්මේන් අතරේ ඇති වන ප්‍රේම වෘත්තාන්තය යි. ඔවුන් ගේ ප්‍ර්‍රේමය විවාහයෙන්, කූට ප්‍රාප්තියට පත් වුව ද, කෙටි කලකින් සිදු වන වියෝගයෙන්, මේ කතාන්දරය කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍ය‍යක් බවට පත් වෙයි.

අයේෂා ආපසු එයි

Highlights:

රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

ක්ලියෝපැට්රා

Highlights:

ආරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳුකරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබු පැපිරස් ලේඛනයකින් එළිදරව් කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.

අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජීප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකීස් කුමරු, පාරාඕ මෙන් කවුරා ගේ පිරිමීඩයේ පිහිටි නිධන් ඝර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.

මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජීප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.

දඩයක්කාර ක්වාටර්මේන්

Highlights:

“ඉක්බිති ව ඈ එක් දිගු කෑ ගැසීමක් ද සමඟ සිය හෙල්ලයත් ඉදිරියට නෙරවා ගෙන, මුව දෙනක පනින ආකාරයෙන් සතුරු පිරිසෙහි මධ්‍යයට ම පැන්නා ය. ඇය ගේ මේ පිනුම දුටු බුතියානා සෙබළුන් වෙතින් නැංවුණේ පර්වත ප්‍රාන්තවල හැපී ගිගුරුම් දුන් මහා ඝෝෂයකි. එක් පොදියකට රැස් වුණු ඔවුහු, සුළඟෙහි ලෙළ දුන් ඇගේ ධවල සාළුව පිටුපසින් සතුරන් මධ්‍යයට ම පැන්නෝ ය. මේ සමඟ ම මටුකුවන් බිම ඇද වැටෙන්නට ගත්තේ සුළි සුළඟක්, හමුවේ ඉදිරී වැටෙන ගස් විලාසයෙනි. එ වැනි ප්‍රබල ප්‍රචණ්ඩ ප්‍රහාරයකට කිසි ම හමුදාවකට මුහුණ දෙන්නට බැරි ය. එම ප්‍රහාරය ඉවුරු කඩා ගෙන ගලන මහා ජල ප්‍රවාහයකට සමාන විය. ඒ සෙබළ පිරිසේ ඉදිරි ගමන හමුවේ ඉදිරියෙන් හා දෙ පසින් පොදි කමින් සිටි සතුරෝ කෙසෙල් කඳන් මෙන් බිම පතබෑවුණ හ. ඒ මහා විනාසයේ උදම් තරංගය ඉදිරියෙන් මයිවා ගේ ධවල සාටකය ලෙළ දෙමින් ගමන් කළේ ය…”

අතීතයට ගිය ඇලන්

Highlights:

ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජීප්තුවට අයත් වු ෂබාකා නම් වු සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජිවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත.
එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනොල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජීප්තුවේ පාරඕ වන පෙරෝආ ලෙසත්,හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති.
සදාකාලික අවිවාහක ජිවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නි ය.

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

මායා සිහිනය

Highlights:

දහනව වන සියවස අග දී ප්‍රබන්ධ කතා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඒ අතර රයිඩර් හැගාර්ඞ්ගේ කෘති විශේෂ තැනක් ගනී. මේවා කල්පිත ප්‍රබන්ධ වුව ද, ඒ බව පාඨකයාට නොහැඟෙන පරිදි ප්‍රබලව නිර්මාණය කර ඇත.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping