Product Tag: Jayantha Weerasinghe

Jayantha Weerasinghe

Showing all 9 results

Show:

ළමා මුතු – 03 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

2018 නව විෂයය සංශෝධනයන්ට අනුව 03 ශ්‍රේණිය සඳහා මෙම වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩපොතෙහි විශේෂත්වයක් වනුයේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වින්දනාත්මක ඉගෙනුම් අවස්ථා පුළුල් වන අයුරින් මෙහි අභ්‍යාස පෙළ ගස්වා තිබිමයි. එසේ අවශ්‍ය අභ්‍යාස සඳහා පිළිතුරු, පොතෙහි පසු භාගයෙහි දක්වා ඇත.

ළමා මුතු – 04 ශ්‍රේණිය සිංහල වැඩ පොත

Highlights:

මෙහි එන අභ්‍යාස හා ක්‍රියාකාරකම් පෙළගස්වනු ලැබ ඇත්තේ හතර ශ්‍රේණියේ එක් එක් අධ්‍ය‍යන වාරයන්හි පාසල් පන්ති කාමරය තුළ හැදෑරීමට නිර්දේශිත විෂයය කරුණුවලට සමගාමී ව ගුරු අත්පොත ගුරු කොට සලකමිනි.

ළමා මුතු – 05 ශ්‍රේණිය පරිසරය ඇගයීම් ප්‍රශ්න සහ පිළිතුරු

Highlights:

සෑම මාසයකට ම යෝජිත පරිසරය පාඩම් ඇසුරෙන් සැකසුණු මාසික පැවරුම් පත්‍ර 16 ක්, වාර 3 සඳහා සැකසුණු වාර අවසාන පැවරුම් පත්‍ර 3 ක් සමඟ පිළිතුරු පත්‍රය ද මෙහි අඩංගු වේ.

ළමා මුතු – 05 ශ්‍රේණිය පරිසරය

Highlights:

2020 නව විෂයය නිර්දේශ සංස්කරණය යටතේ එළි දුටු පොදු ගුරු මාර්ගෝපදේශයෙහි නිර්දේශිත නිපුණතා ආවරණය වන අයුරින් පරිසර තේමා 16 ක් අලළා සැකසුණු අභ්‍යාසවලින් මෙම වැඩ පොත සමන්විත වේ.

ළමා මුතු – 05 ශ්‍රේණිය සිංහල වැඩ පොත

Highlights:

5 ශ්‍රේණි සිංහල විෂයය සඳහා 2020 නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය වී ඇත. චතුර්විධ භාෂා කුසලතා යටතට ගැනෙන ශ්‍රවණය, කථනය, කියවීම හා ලිවීම ඈ ක්ෂේත්‍ර යටතේ එන බහුවිධ නිපුණතා සාධනය කිරීම පිණිස 5 ශ්‍රේණි ගුරු මාර්ගෝපදේශයෙහි ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරකම් හා ඊට අදාළ ප්‍රතිපෝෂණ ක්‍රියාකාරකම් ද සපයා තිබේ.

ළමා මුතු – 05 ශ්‍රේණිය භාෂා අත්වැල (05 ශ්‍රේණිය සිංහල කියවීම් පොතට අත්වැලක්)

Highlights:

කියවීම් පොතෙහි සපයා ඇති අභ්‍යාසවලට සමගාමී ව සැකසූ ප්‍රතිපෝෂණ අභ්‍යාස පෙළක් මෙම ළමා මුතු 5 ශ්‍රේණිය භාෂා අත්වැල වැඩ පොතට ඇතුළැත් කර තිබේ.තවද, සිසු සිසුවියන් විසින් බාහිරින් සපයා ගත යුතු ව ඇතැයි සැලකෙන අතිරේක තොරතුරු රැසක් ද මෙහි අඩංගු වේ.

ළමා මුතු – 04 ශ්‍රේණිය භාෂා අත්වැල (04 ශ්‍රේණිය සිංහල කියවීම් පොතට අත්වැලක්)

Highlights:

2019 වසරේ දී රජයේ පාසල්වල 4 වන ශ්‍රේණි සිසුවියන් සඳහා සිංහල කියවීම් පොත නමින් නව පෙළ පොතක් සම්පාදනය කරනු ලැබ ඇත. එය පාඩම් 18 කින් සමන්විතය.කවි, ගී, රබන් පද, කෙටි නාට්‍ය, දෙබස්, චිත්‍ර කතා, ජාතක කතා, දේශීය විදේශීය පාඩම් ලෙසින් ඊට ඇතුළත් ව ඇත. තවද මෙම සෑම පාඩමක් ම ආශ්‍රය කර ගනිමින් අහ්‍යස ද සපයා තිබේ.

Lama Muthu – English Work Book 2

Highlights:

Lama Muthu Grade 02 English Activity Book

  • Identifying letters
  • Writing Letters
  • Letter ‘a’ says ‘ah’
  • Phonics

ළමා මුතු – ඉලක්කම් හුරුව සංඛ්‍යා සංකල්ප වැඩ පොත

Highlights:
  • 1 සිට 9 තෙක් සංඛ්‍යා හඳුනා ගැනීම
  • 1 සිට 9 තෙක් සංඛ්‍යා නාම හඳුනා ගැනීම
  • එක් එක් සංඛ්‍යාංකයට අදාළ ද්‍රව්‍ය / රූප සහ ද්‍රව්‍ය / රූපවලට අදාළ සංඛ්‍යාංක හඳුනා ගැනීම
  • 1 සිට 9 තෙක් සංඛ්‍යා නිවැරදි හැඩ හා අංග ප්‍රමාණ සහිත ව ලිවීම
  • සංඛ්‍යා අනුපිළිවෙල හඳුනා ගැනීම
  • 1 සිට 9 තෙක් සංඛ්‍යා ගණන් කිරීම
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping