Product Tag: Kapila Gamini Jayasinghe

Kapila Gamini Jayasinghe

Showing all 9 results

Show:

සිවිල් නඩුවල ප්‍රායෝගික ගැටලු (Practical Problems of Civil Trials)

Highlights:

“සිවිල් නඩුවල ප්‍රායෝගික ගැටලු” නමැති මෙම ග්‍රන්ථයෙන් පරිච්ඡේද 50 ක් පුරා අවධානයට ලක් කරන්නේ 2023 ඔක්තෝබර් මාසය දක්වා යාවත්කාලීන කරන ලද නවතම නඩු තීන්දු 161 ක් ඇසුරින් දිසා අධිකරණවල නඩු විභාග කටයුතු වලදී ප්‍රායෝගිකව මතුවන ගැටලු වලට පිළිතුරු සැපයෙන ස්වරූපයෙන් (Question & Answer Pattern) විග්‍රහකිරීමටයි. එසේම මාතෘකා අනුව වර්ගීකරණය කරන ලද විනිශ්චිත නඩු තීන්දු නාමාවලියක්ද පොතෙහි අගට අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට, නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත

කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය

Highlights:

එකවර මුදල් ගෙවා භාණ්ඩ මිලදීගත නොහැකි සාමාන්‍ය මහජනතාව බහුලව භාවිත කරන කල්බදු (ලීසිං) හා පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම හෙවත් කුලී සින්නක්කර ක්‍රමයට අදාළ නීති තත්ත්වයන් මේ ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ. පරිච්ජේද 28 කින් හා පිටු 141 කින් යුත් කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය ග්‍රන්ථය චකී මාතෘකා වලට අදාළ ව්‍යවස්ථාපිත අණපනත් හා විනිශ්චිත නඩු තීන්දු 28 ක් ද ඇසුරින් ප්‍රායෝගික නඩු නිමිති පදනම් කරගෙන රචනා වී ඇත. එසේම 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරණ පනත සියලු සංශෝධන සහිතව ග්‍රන්ථයේ අගට චක්කර ඇත. මාතෘකා අනුව වර්ගී කරණය කරන ලද නඩු තීන්දු නාමාවලියක්ද යුහු යොමුව සඳහා (For Quick Reference) as අන්තර්ගත වේ.

 

මේ නිසා සිංහලයෙන් සරල බසින් ලියැවුණු කල්බදු (ග්‍රීසිං) හා කුලී සින්නක්කර නීතිය නමැති මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට හා නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වේ. සිවිල් අධිකරණ වල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) ව්‍යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලෙන් නීති ග්‍රන්ථ 43 ක් ද නවකතා 5ක්, කෙටිකතා පොත් 4ක්, පර්වර්තන නවකතා 2ක් සහ නාට්‍ය ග්‍රන්ථ එකක් ලියා පළකර ඇත. ඒවා නීති වේදීන් මෙන්ම සාමාන්‍ය පාඨකයන් අතරද අතිශය ජනප්‍රිය විය. මෙම ” කල්බදු (වීසිං) හා කුලී සින්නක්කර නීතිය ඔහුගේ 44 වන නීති ග්‍රන්ථයයි.

පාඩු, අලාභ වන්දි නීතිය

Highlights:

මෙම ග්‍රන්ථ‍ය මගින් පාඩු, අලාභ වන්දි නීතියට අදාළ පහත දැක්වෙන ක්ෂේත්‍ර පිළිබඳව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හා විනිශ්චිත නඩු තින්දු 249 ක් ඇසුරින් සරල සිංහලයෙන් විග්‍රහ කෙරෙන පරිච්ඡේද 20 ක් සංගෘහිතකර ඇත. එසේම මාතෘකා අනුව වර්ගීකරණය කරන ලද 2022 අප්‍රේල් මස දක්වා යාවත්කාලීන කළ විනිශ්චිත නඩු තීන්දු නාමාවලියක්ද මෙහි අන්තර්ගත වේ.

උගස් නඩුකර

Highlights:

ලෝකයම ණයමත රෝල් වන යුගයක එකවර චංචල හෝ නිශ්චල දේපළක් මිලදීගත නොහැකි බොහෝ දෙනා මිලදී ගන්නා දේපළම උගසට තබා ලබාගන්නා ණයකින් එහි භුක්ති විඳීමේ අයිතිවාසිකම ලබා ගනිති.එහිදී මූල්‍ය ආයතන ණයකරුවන්ගෙන් උගස්කරයකට අත්සන් ලබා ගනිති.

සිවිල් අභියාචන නඩුකර

Highlights:

පරිච්ඡේද 18 ක්පුරා විහිදෙන ආකාරයට සිවිල් නඩුවිධාන සංග්‍රහයේ සහ වෙනත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරින් විනිශ්චිත නඩු තීන්දු සිංහලයෙන් සහ ඉංග්‍රීසියෙන් යන භාෂා දෙකෙන්ම අන්තර්ගත කොට සිවිල් අභියාචන නඩු වලදී වැදගත් වන නීති ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සිවිල් අභියාචන නඩුකර ග්‍රන්ථ‍ය රචනා කර ඇත.

තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීම | සිවිල් නඩුවල පියවර – 3

Highlights:

සිවිල් නඩුවක නඩු තීන්දුව ප්‍රකාශකිරීම, එම තීන්දු ප්‍රකාශය ඇතුළත් කිරීම සහ එකී තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීමේදී අනුගමනය කෙරෙන ප්‍රායෝගික පියවර පිළිබඳව සාකච්ඡා කිරීමටයි.ඒ අනුව පරිච්ඡේද 18 ක් පුරා විහිදෙන සිංහලයෙන් කෙරෙන විවරණයක් ද ඊට අදාල ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ද, විනිශ්චිත නඩු තීන්දු ද මෙහි ඇතුළත් වේ.

අන්තිම කැමති පත්‍ර නීතිය

Highlights:

අන්තිම කැමතිපත්‍රක තිබිය යුතු අනිවාර්ය අංග, අන්තිම කැමතිපත්‍ර වර්ගීකරණය, හවුල් අන්තිම කැමතිපත්‍රවල විශේෂතා, අන්තිම කැමතිපත්‍රක නීතිමය වලංගුභාවය, ඒවා අවලංගු කළ හැකි ආකාරය, අන්තිම කැමතිපත්‍රක නැති වුවහොත් බලපාන නීති තත්ත්වය, අන්තිම කැමතිපත්‍රක් ඔප්පු කරවා ගැනීමට අධිකරණයක් වෙත යාමේ කාර්ය පටිපාටිය, මියගිය අයෙක් නාමිකයකු පත් කළවිට එය අන්තිම කැමති පත්‍ර නීතියට බලපාන හැටි, රජයේ ඉඩමකට අන්තිම කැමතිපත්‍රයක් ලිවිය හැකිද, අන්තිම කැමතිපත්‍ර වලට සම්බන්ධ වැරදි මොනවාද යනාදී වැදගත් කරුණු මෙම කෘතියේ අන්තර්ගතවේ.

නිහැඬියාවේ ගීතය

Highlights:

ඔහු ඇයට සමීප විය. ලෝරි දෙපාවලට අගුළු වැටුණාක් මෙන් කිසිවක් කර කියාගත නොහැකි තත්තවයකට පත්වී සිටියාය. ඔහු අතේ වූ ඇඳුම බිම දමා ඇයව තුරුලු කරගත්තේ උමතුවෙන් මෙනි. සති කීපයක් තිස්සේ යටපත් කරගෙන සිටි හැඟීම් සියල්ල පිටකර හැරීමට ඔහුගේ මුළු ගතම සූදානම් වී තිබිණි. ඇගේ දෙතොල ඔහුගේ දෙතොල් පහස අපේක්ෂාවෙන් විවරව තිබිණි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
23 Cart
Close

My Cart