Product Tag: Karunadasa Suriyarachchi

Karunadasa Suriyarachchi

Showing all 3 results

Show:

කළු දෝංකාරය

Highlights:

“…මගෙ දුවේ.. ඇත්ත ලෝකය.. ප්‍රබන්ධ කතාවලට
වඩා දරුණුයි.. සාහසිකයි.. නරුමයි.. ඇත්තටම
විශ්වාස කරන්ඩ බැරි තරම්..

ඒ අමානුෂික ක්‍රියාව පියවරෙන් පියවර විස්තර කළා
නම් කියාවි, අවිශ්වාසනීය ප්‍රබන්ධයක සාහසික
ජේදයක් කියලා…”

කන්ද පාමුල

Highlights:

“ඔබේ දරුවන් ඔබේ නොවේමැයි!
ඔව්හු ජිවිතය ඉල්ලන දු පුතුන් වෙති!
උපත ලද මුත් උන් ඔබෙන්
ඔබේ දරුවන් නම් නොවේ.
ඔවුන් ඔබ හා සමඟ සිටිමුත්
ඔබට ඔවුන්ගේ අයිතියක් නැත.
ලබන මුත් උන් ඔබෙන් පෝෂණ
ඔබේ සිතිවිලි හිමි නොවේ.
උන්ගෙ සිතිවිලි උන් සමඟ වේ.
නිවහනේ රැඳිය හැකි වෙතත්
උන්ගේ සිරුරු උන්ගේ ආත්ම
එහි රැඳුම හැකි නොවේ.”

උං ගියාදෙං

Highlights:

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද
නොපෙනී යන තුරා ජස්ටින් බාලා සිටියේය. ඒ අතර
හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුනේ යන්තමින්
සසල විය. එය දුර ඈත හුමිටිකන්ද මුදුනේ
සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරි නැත.
එහෙත් සසල වු ගොරොක් ගස් මුදුන මොහොතකින්
නිසල විය.

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වු එකම ප්‍රාණියා ද පොළොව
යටය.කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලු ජස්ටින් උදැල්ල
ගැනීමට පහත් විය.

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට
තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.
මස්..ලේ..තෙත.. කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල්
ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping