Product Tag: Kumara Siriwardhana

Kumara Siriwardhana

Showing all 2 results

Show:

රම්පාගේ කතාව

Highlights:

ටී. ලොබ්සාං රම්පාගේ ‘ තෙවෙනි ඇස’ සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතීන් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප්‍රමාණයකි.

හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග්‍රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තීන් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප්‍රතිචාර ලෙස නැඟෙන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැගෙන්නේ නොතකා හැරීමේ හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය රම්පාගේ පාඨකයෝ දස දහස් ගණනින් ලොව වටා සිටිති. එහි අරුත තමන් නොදන්නා, නොඇසූ දෙයට සියලු දෙනා මනස් වසාගෙන නොසිටින බවය.

මෙය එම විවෘත මනස් සහිත පාඨකයන්ට ය. ඔහු පවසන කතා අසත්‍ය යැයි මෙතෙක් සනාථ කොට නැත. එම කතා අසත්‍ය නම් ඒවා ඔහුගේ දැනුමට එකතු වූයේ කෙසේද යන්නත් කිසිවකුත් පැහැදිලි කර නැත. ආචාර්ය රම්පා මෙම පොත ලියූ අතර මෙය ඔහුගේ තුන්වෙනි කෘතිය ද වෙයි.

රම්පාගේ කතාව තමා විවේචනය කළ සියලු දෙනාට ලොබ්සාං රම්පා දෙන පිළිතුර ය. මෙහි සෑම පිටුවකින්ම ඔහු තමන් පවසන්නේ සත්‍යයක්ම බවට සහතික වෙයි.

ඉක්මන් සල්ලි

Highlights:

පුද්ගලයන් පැහැරගෙන කප්පම් ඉල්ලා
සිටීම ඉතාලියේ සුලබය. එරට බලවත්ම
ධන කුවේරයා වු කාලෝස් ගැර්ඩ් සිය
දියණිය ජීනා විදුලි සැර කැවු වැටකින්
වටවු, මිනීමරු බල්ලන් මුරට යෙදවු
වතුයායක් මැද මන්දිරයක, වෙඩි තැබීම
පසුපස තවත් හේතු තිබිණිද.?

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping