Product Tag: Masitha Prakashana

Masitha Prakashana

Showing all 14 results

Show:

විශ්මජනක සොරකමක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 21

Highlights:

ලෝක ප්‍රකට විද්‍යාඥයාගේ නිවස අසල පිහිටි එළිමහන් බිමෙහි ළමුන් කඳවුරු බැඳගෙන කල් ගත කළේ හරිම සතුටින්..! ඒත් එක් දිනක රැයේ කව්රුන් හෝ විද්‍යාඥයාගේ කුටියට රහසේ ම ඇතුළු වී පර්යේෂණ සටහන් සොරකම් කර ගෙන ගොස් තිබුණා..! ඒ සොරකම කළේ කව්ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට පටන් ගත්තා. විද්‍යාඥයාගේ ඉතිරි පර්යේෂණ සටහන් සඟවා තබා ගැනීමේ වගකීමත් ළමුන්ට පැවරුණා. ඒවා සොරුන්ගෙන් රැක ගන්නට ළමුන් සමත් වෙයි ද? සොරුන් ඔවුන්ට අනතුරක් කරයි ද?

හිම යායක සැඟවුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 17

Highlights:

හිම යායකින් වැසී ගිය පාළු කඳුකරය හරිම අපූරු දසුනක්..! ඒත් හිටි හැටියේ ම ඒ පළාතේ පොළොව යටින් නැගෙන අබිරහස් දෙදරුම් හඬ කුමක් ද? කඳුකරය සිසාරා පැතිරි යන වර්ණවත් මීදුම ඇති වන්නේ කොහොම ද? ළමුන් පුදුමයට පත් වුණා..! කඳු පාමුල හුදෙකලාව පිහිටි නිවසේ ගුප්ත බව ළමුන් ව තව තවත් කුතුහලයට පත් කළා. හිමෙන් වැසුණු මේ අපූරු පළාතේ සැඟ වී ඇති රහස් එකින් එක අනාවරණය කර ගන්නට ළමුන්ට හැකි වෙයි.

නටඹුන් අතරේ වැළලුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 15

Highlights:

මිනිසුන් අත හැර දමා ගොස් වල් බිහි වූ පිටිසර බද පාළු නිවසක්..! මහ රෑ අඳුරේ පාළු නිවසේ සැරිසරන්නේ කව්ද? හදිසියේ ම එක් දිනක් මහ රෑ පාළු නිවස අවට අඳුරු ගස් අතරීන් අත්භූත වර්ණවත් එළි අහසේ එහා මෙහා පාවෙන්නට පටන් ගත්තා..! මේ ගුප්ත සිදුවීම් වලින් ළමුන් කලබලයට පත් වුණා. නොපෙනෙන බලවේග වලින් ළමුන්ට යම් අනතුරක් සිදු සිදුවීම් අනාවරණය කර වෙයි ද? මේ අබිරහස් සිදුවීම් අනාවරණය කර ගන්නට ඔවුන්ට හැකි වෙයි ද.

මීදුම් තැන්නේ රැයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 13

Highlights:

මීදුම් තැන්නේ ගුප්ත කාලගුණය ගැන නොයෙක් කට කතා පැතිර තිබුණා..! මැදියම් රැයේ දී මීදුම් තැන්නේ සිට අහසට විහිදෙන අබිරහස් එළියක්..! ඒ එළිය වටා ඉහළ අහසේ අඳුරේම සැරිසරන අත්භූත ගුවන් යානයක්..! ගුවන් යානයෙන් බිමට හෙළූ මලු වල ඇත්තේ මොනවාද? ළමුන් මේ අබිරහස් සිදුවීම් ගැන විපරම් කරන්නට පටන් ගත්තා. ඒත් මීදුමින් වැසී ගිය පාළු පරිසරයේ නොසිතූ විරූ ලෙස ඔවුන් අතරමං වුණා. ළමුන්ට මීදුම් තැන්නෙන් පිට වී එන්නට මග සොයා ගන්නට හැකි වෙයි ද? මේ අත්භූත සිදුවීම් වල සුලමුල කුමක් ද?

විල්තෙරේ බියකරු රැයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 10

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දහවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

පාළු බලකොටුවේ සටනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 09

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් නවවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

හොලි ගස යට සැඟවු රහස – සත් මිතුරන්ගේ වීරක්‍රියා 02

Highlights:

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.

බාර්ස් ගබඩාවේ රහස් කල්ලිය – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 06

Highlights:

” ඔයා මට අදහසක් දුන්නා. මම පඹයෙක් වගේ ඇඳගෙන වෙස් මුහුණක් දාගෙන හිටියොත් කොහොම ද…? ඔයාලගෙන් කෙනෙකුට පුළුවන් මාව සිඩ් කැෆේ එක ළඟ තැනක ගිහින් තියන්න. දැන් මේ පඹයා ඉන්නවා වගේ. කවුරුවත්ම හිතන්නෙ නැහැ මම ඇත්ත කෙනෙක් කියලා. මට ඕන තරම් වෙලාවක් එතනම ඉන්න පුළුවන් කාගෙවත් අවධානයට ලක් වෙන්නෙ නැතුව.”

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.

හුදකලා කන්දේ වයලින් වාදකයා – සත් මිතුරන්ගේ වීරක්‍රියා 10

Highlights:

“මෙහේ වයලීනයක් නැහැ. සමහර විට ඒක කොහේ හරි පඳුරක් යට ගංගලා ඇති. ඒත්, එහෙම හිතන්නත් බැහැ. ඒක විනාශ වෙන්න ඉඩ තියෙන නිසා… ඒකෙ කවරය තියෙන්න විදිහකුත් නැහැනෙ. කවරය පරණ බඩු කඩේ පිටිපස්සෙ තිබුණෙ. ජෙනට්… ඔයා ඇවිත් පරීක්ෂා කරලා බලන්න.”

ජෙනට් පඩි පෙළ නැග්ගා. අනිත් අය ඇය පරීක්ෂා කරන දෙස ද බලා සිටියා. පීටර්, කොලින්ට සහ ජැක්ට කැරවනය යට පරීක්ෂා කරන ලෙස පැවසුවා. ඒත්, ඔවුන්ට වයලීනය හමුවුණේ නැහැ.

එක්වරම ජෙනට් කෑ ගැසුවේ අනිත් අයව උඩ විසි කරමින්. “මොකක්ද ඒ…?” ඔවුන් ඇසුවා.

“බලන්න මම කැරවනයෙ දොරේ පිටිපස්සෙ එල්ලිලා තිබිලා හොයාගත්ත දේ. ” ඇය කෑ ගැසුවා.

“ඒක ඇරියම බිත්තියට තද වෙනවා. මම හිතුවෙ නැහැ මේ වෙලාව වෙනකම් ඒක පිටුපස බලන්න.”

ඉන්පසුව ඇය සප්ත සුමිතුරන්ට යමක් පෙන්නුවා. ඒ හොරකම් කරන ලද වයලීනය නෙවෙයි.. ඒත්. ඒ හොරකම් කරන ලද පඹයාගේ

ඇඳුම්.

බාට්ලට් මන්දිරයේ උද්‍යාන පාලකයා- සත් මිතුරන්ගේ වීරක්‍රියා 08

Highlights:

“අද රෑට මමයි ජැකුයි ගෑස් ගිනි දැල්ලේ අභිරහස මොකක් ද
බලන්න යනවා. ඒක තවමත් දැල්වෙනවා ඇති කියලා මට
හිතෙනවා.” ඔවුන් සියලු දෙනාම තම දිවා ආහාරය සඳහා
නිවෙස් වලට ගියා. ඒ උද්යෝගිමත්ව. ජැක් තම ගෙවත්තේ
වූ මඩුවට ගියේ ඉණිමගක් තිබේදැයි බැලීමට. ඔව්…..
ඔහුගේ පියා උස ගස්වල පලතුරු කැඩීමට භාවිත කළ පරණ
ඉණිමග එහි තිබුණා.

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන
ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය
නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට
එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත්
අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි
සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර
එකතු වෙති.

ගිනි පඹයාගේ අබිරහස – සත් සුමිතුරන්ගේ වීරක්‍රියා 11

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින්
ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන්
එකක් වන ද සීක්‍රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන
ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය
නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට
එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත්
අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි
සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර
එකතු වෙති.

හිම තලාවේ අපූරු නිවසක් – සත් මිතුරන්ගේ වීරක්‍රියා 01

Highlights:

“පළවෙනියටම කරන්න දෙයක් තියෙනවා. පීටර්
නැවතත් කිව්වා. “අපි අලුත් රහසිගත වචනයක්
හොයා ගන්න ඕන. නත්තල පහු වුණාට පස්සේ
වෙන් සෙලාස් වගේ වචනයක් ගැළපෙන්නේ නැහැ.
ඒ වගේම කොලින් කෑ ගහලා කිව්ව නිසා හැමදෙනාම
දැන් ඒක දන්නවත් ඇති…”

“එහෙම වෙන්න විදිහක් නැහැ”… කොලින් කතා
කරන්නට උත්සාහ කළද පීටර් ඔහුට බාධා කළා.

“බාධා කරන්න එපා. මම තමයි මේ සංගමයේ
නායකයා. මම කිව්ව විදිහට අපි අලුත් රහසිගත
වචනයක් යොදා ගන්න මන මම දක්කා ඔයාලා
දෙන්නෙක් ඔයාලගෙ බැජ් පළඳින්නෙ නැතුව ඇවිත්
ඉන්නවා. ජෝර්ජුයි. කොලිනුයි…”

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින
සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි.
එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන
විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම
කතාව ගෙතී ඇත.

වැලි පතලේදී හමුවු ආගන්තුකයා සත් මිතුරන්ගේ වීරක්‍රියා 07

Highlights:

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්, කොලින් සහ ජෝර්ජ්
යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක
සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,
සොර මැරකම් වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත
ක්‍රියාවන්හි නිරත වෙමින් අබිරහස් හෙළිදරව් කිරීමට වෙරදරති.
පීටර් සහ ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල්
සුනඛයාද ළමුනගේ උදව්වට නිතරම එකතු වෙයි.

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොර කල්ලියක් සමඟ
හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ කල්ලිය පසුපස යන ළමුන්ට
විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම කතාව
ඒ වටා ගෙතී ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping