Product Tag: Minsara Prakashana

Minsara Prakashana

Showing all 4 results

Show:

4 ශ්‍රේණිය සිංහල – ප්‍රශ්නෝත්තර සාර සංග්‍රහය

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නට පමණක් නොව සිංහල බස හඹා යන දුවා දරුවන්ට 4 ශ්‍රේණිය සිංහල – ප්‍රශ්නෝත්තර සාර සංග්‍රහය 2500ට ආසන්න ප්‍රශ්න සංඛ්‍යාවක් පිළීතුරු සමඟ පෙළ පොත සම්පූර්ණ ආවරණය වන පරිදි ප්‍රශ්න ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ආචාරධර්ම

Highlights:

ආයුෂ පවත්වා ගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවාරණය පදනම් කර ගත්තකි. එහි ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවතුම් පැවතුම් ක්‍රම හා වත් පිළිවෙත් ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන පරිදි කායික – මානසික දෙ අංශයෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ.

අනාවැකිය

Highlights:

නවකතාවක තිබිය යුතු සියලුම සාධනීය ලක්ෂණ හෝ ඉන් බොහෝමයක් ඇතුළත් නවකතාවක් කියවීමට ලැබෙන්නේ කලාතුරකිනි. “අනාවැකිය” වු කලී එවැනි නවකතාවකි.

මෙතෙක් අවධානයට ලක්නොවු තේමාවක් වටා මුල සිට අග දක්වා පාඨක අවධානය හා කුතුහලය නොබිදී රැකෙන අයුරින් මනා හේතුඵල සම්බන්ධතාවක් ඇතිව කතාව විකාශනය වන අතර එය වඩාත් ඔපවත් වී ඇත්තේ ඉතා සාර්ථක චරිත නිරූපණය හා අඛ්‍යානයේදි මෙන්ම සංවාද නිර්මාණයේදී ද දක්වා ඇති කුසලතාව හේතුකොටගෙන ය.

කතා රසය කුළුගැන්වෙන අන්දමින් තම යථාර්ථවාදී දෘෂ්ටිය ඔස්සේ කතුවරයා විසින් සමාජයට ව්‍යංග්‍ය‍යෙන් ලබාදෙන පණිවිඩය කාලෝචිත මෙන් ම සමාජ අභිවෘ‍ද්ධිය පිණිස ද වන්නේය.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ

සුබාවෝ

Highlights:

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා ඔහුගේ පවුලේ අයට අත්වුණු ඛේදවාචකයක් හා ඊට වගකිව යුතු අමන දේශපාලනඥයකු හා ඔහුගේ සගයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ පුවතක් කොටි සංවිධානය උතුරේ බලය පැතිරවූ කාලය ද පසුබිම් කරගෙන ප්‍රකාශ කෙරෙන “සුබාවෝ” නවකතාව ආශාවෙන් කියවාගෙන යා හැකි වෘතාන්තයක් වෙයි. කුතුහලයෙන් යුක්තව කථාව ඇරඹෙන්නේ ඛේදවාචකයෙන් බේරුණු
ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටින මාධ්‍යවේදියාගේ දියණියක වන සුබා ඕනෑම තැනක සිටින පුද්ගලයෙකු වෙත එල්ල කළ හැකි සූක්ෂම මිසයිලයක් නිර්මාණය
කිරීම පිළිබඳ අපූරු තොරතුරකි.

නොයෙක් අකටයුතුකම් සිදුකරන ඉහත කී දේශපාලනඥයා හා ඔහුගේ සගයෙකුට ස්වභාවධර්මය විසින් දැඬුවම් ලබා දෙනු ලබන අතර නොයෙක් විපත්වලට මුහුණ දුන් සුබා සහ තවත් දියණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව වන අයුරින් කථාව අවසානයෙහි හෙලි වෙයි. සමාජ ආර්ථික දේශපාලන යථාර්තයෙන් ඔප් නැංවුණු කෘතිය පාඨකයාට වින්දනයක් ලබා දෙන අතරම ඔහුගේ බුද්ධියට ද අමතයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping