මා විසින් මා වෙත
පිරිමින්ගේ ප්‍රේමය බොහෝ අරුමැසිය… සනසවන සුළුය…. මනරම්ය.. නමුත් මා හට සෑම විටම නොපිරුණු හිස් කමක් දැනෙයි…. විටෙක පරිපූර්ණත්වයක් දැනෙයි… මට මා තුළම අධික සංකීර්ණතාවයක් දැනෙයි….
යුතුකම් වගකීම් ඉටු කරන්නට, සිරුර බෙදාගන්නට, ආදරය බෙදා ගන්නට, සමාජයට පේන්නට තවත් පිරිමියෙකුත් ආත්මය බෙදාගන්නට තවත් පිරිමියෙකුත් ගැහැණියකට අත්‍යවශ්‍යම යැයි මම අතිශය පුද්ගලිකව විශ්වාස කරමි… ඉතින් එය ඇත්තක්ය. මා සර්වසම්පූර්ණ හිස් තැන් නොමැති ගැහැණියක ලෙස දැනෙන්නේ එබැවිනි…
ද්‍රෝහියාගේ හදවත
“ඔයාගෙ හදවත, මගෙ සිහී!”
– රාදුක් අන්ද්‍රේ කෝව් –
“ඒක හරිම ද්‍රෝහී ගෑනියෙක්ගෙ හදවතක් රාදු”
– සිහින්‍යා අධීෂ්වරී –
“ඔයා නම දුන්නු කෙල්ලගෙ ජීවිතේ මට ගන්න උනොත්, මම ඒක ගන්නවා. ඒත් මම දන්නෑ ඔයා හංගන රහස. ඔයා ඒක හරිම තැන වළලලා. මට රාදුව නවත්තන්න බෑ. එයාට පුළුවනි මං වගේම අනිත් අයත් ඉන්න තැන අපායක්ද ස්වර්ගයක්ද කියල තීරණේ කරන්න. ඒ හින්දා ඔයාගෙ සිහින්‍යා අපිට බාධාවක් උනොත් එයාව මම අයින් කරනවා,
– ඔමටෝලා හාමෝනියා කෝව් –
සඳ රූ ඇඳි සඳ 2
ජිවිතය
ලියැවුණු,
ලියැවෙන
හැම පේළියකම
මම ඔබ කියැවූයෙමි;
කියවමි;
කියවන්නෙමි.
“සීනු යමක් රූසරට කීවාය. පිළිතුරු සමග හාදුවක්ද සීනුට ලැබිණ. සියල්ල යහපත් බවත් සුපුරුදු ලෙසින් ගෙවනා බවත් ශාක්‍යාට සිතෙයි. ඇය වෙත වූ අපහසුව දුරු වී ගොස් ය. සිරුරට සැහැල්ලුවක් දැනෙයි. සීනු සිනා සෙමින් සිටියි. ලෝකය වෙනදා සේම කැරකෙයි. ඉර පායා ඇත්තේ අහසේමය. වලාකුළු පාවෙන්නේ සුළං හමනා දෙසටය. සියල්ල නිසි ලෙසය. ශාක්යා නිදහසේ හුස්ම ගනිමින් සිටියාය. “
සඳ රූ ඇඳි සඳ 1
මෙතැනදීය
මෙසේය
මෙවෙලෙහිය යනුවෙන්
මගේ ආදරයට නියමයන් නැත.
අවහිර සීමා විරහිතව එය ඔබ සොයා ගලා එයි…
මගේ ආදරය එලෙසය…
මම මා ලෙස ඔබට ආදරය කරමි.
ඔබ ඔබය සිතා මම ආදරය කරමි…
” ඔයාට පසුතැවෙන්න කිසිම දෙයක් මං ඉතු වරුසවිතාන හැමදාම රසල වරුසවිතානව අං හැමදාම ආඩම්බර මිනිහෙක් වෙලා ඉඳීවී….
රාධාවරී
“ඇයි තමුසෙ කිව්වේ හිනාවෙන්න හේතු හදන්න කියලා. ඉතින් මම හේතු හදනවා දැන් තමුසෙ හිනා වෙනවා.”
“මම දැන් සර්ට ආදරේ නෑ”.
“ම් හරි”
ඔහු පැවසුයේ පෙර මුහුණේ ඇඳෙන සිනහව අතුරුදහන් නොකරය.
“ඇයි සර් හිනාවෙන්නෙ”.
“මට ආදරේ හිතුනොත් දිගැසි මට තමුසෙ ආදරෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මම ආදරේ කරනවා… ඒ මගෙ හැටි”
මාරුතයේ ගීතය
එතකොට මිස් යුහන්සා දන්නවද… මීට අවුරුදු දහයකට කලින් ඔයා හදිසියේම අතුරුදන් උන බව.. ඒ වගේම ඒක තවමත් නොවිසඳුන ගැටලුවක් වෙලා තියන බව…
වසර දහයක්? යුහන්සාගේ සිතට නැගුනේ පුදුමයකි… ඈ බොහෝ කලක් නින්දේ හා අවදිවෙමින් සිටි බව ඇය දැන උන්නාය… නමුත් ඒ වසර දහයක් බව කෙසේ විශ්වාස කරන්නද? අතුරුදන් වූයේ කෙසේද? ඒ කුමක් නිසාද සහ අද මෙවන් කාමරයක් තුල සිටින්නේ මන්දැයි ඇයට සිතාගන්නට නොහැකි වී තිබුනේ සියල්ල පටලැවිල්ලක් මෙන්දැනෙන නිසාමය.
ඒ වගේම… අපිට දැනගන්න ඕන ඔයාට මොකද උනේ වගේම හදිසියේම ඔයා අතුරුදන් උන තැනට නගර ගානක්දුරින් එකපාරටම මතු වුනේ කොහොමද කියලා..
හිතලු
ඒ දුටු හිරුමල වෙත
නුඹව ළගට ඇදගෙන වියරුවෙන් මෙන් සිපගන්නට සිතෙයි…නුඹෙ ගෙලේ ඇති සියුම් රේඛා රටාවන් මගේ දෙතොලින් උණුහුම් කරන්නට සිතෙයි… මගේ ප්‍රේමිය යැයි කියා තදින් බදා වැළදගන්නට සිතෙයි…නුඹේ අසල දැවටෙන්නට සිතෙයි…ප්‍රේමයෙන් උන්මන්තක වි ඇති සිත නුඹ අසල සින්නකරන්නට සිතෙයි.