Product Tag: Nohandunanni Publications

Nohandunanni Publications

Showing all 7 results

Show:

ද්‍රෝහියාගේ හදවත

Highlights:

“ඔයාගෙ හදවත, මගෙ සිහී!”

– රාදුක් අන්ද්‍රේ කෝව් –

“ඒක හරිම ද්‍රෝහී ගෑනියෙක්ගෙ හදවතක් රාදු”

– සිහින්‍යා අධීෂ්වරී –

“ඔයා නම දුන්නු කෙල්ලගෙ ජීවිතේ මට ගන්න උනොත්, මම ඒක ගන්නවා. ඒත් මම දන්නෑ ඔයා හංගන රහස. ඔයා ඒක හරිම තැන වළලලා. මට රාදුව නවත්තන්න බෑ. එයාට පුළුවනි මං වගේම අනිත් අයත් ඉන්න තැන අපායක්ද ස්වර්ගයක්ද කියල තීරණේ කරන්න. ඒ හින්දා ඔයාගෙ සිහින්‍යා අපිට බාධාවක් උනොත් එයාව මම අයින් කරනවා,

– ඔමටෝලා හාමෝනියා කෝව් –

ශේෂ කදු

Highlights:

ගැහැණුන් ප්‍රේමයෙන් ආතුර වෙයි… අත ඇරෙන තැනත් මඟ ඇරෙන තැනත් ගැහැනිය බලා හිදින්නේය.. ප්‍රේමයේ නාමයෙන්ම මනස ව්‍යාකූල කර ගන්නේය.. තමන් තුළම තමන්ව හඳුනා ගන්නට නොහැකි වන්නේය. තමන් තුළම ආත්ම කිහිපයක් ජීවත් කරමින් ප්‍රේමය ජීවත් කරවන්නේය. ගැහැනුන් එසේය. ප්‍රේමය මායාවක්ව අදහන්නෙ එහෙව් ගැහැනුන්ය.

රාධාවරී

Highlights:

“ඇයි තමුසෙ කිව්වේ හිනාවෙන්න හේතු හදන්න කියලා. ඉතින් මම හේතු හදනවා දැන් තමුසෙ හිනා වෙනවා.”

“මම දැන් සර්ට ආදරේ නෑ”.

“ම් හරි”

ඔහු පැවසුයේ පෙර මුහුණේ ඇඳෙන සිනහව අතුරුදහන් නොකරය.

“ඇයි සර් හිනාවෙන්නෙ”.

“මට ආදරේ හිතුනොත් දිගැසි මට තමුසෙ ආදරෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මම ආදරේ කරනවා… ඒ මගෙ හැටි”

පිච්ච මල් හීනය

Highlights:

පිච්ච මල් හීනය “මගේ අත අතාරින්න අශී… ප්ලීස්…” මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඬකින් කතා කළේ… හැඟීම්වලට ඉඩ දුන්නොත් මට වෙන්නේ අඬන්න…

“ඇයි දැන් මම අල්ලනකොටද අමාරු… අරූ කර වටේ අත දාගෙන ඉන්නකොට කිසිම අමාරුවක් තිබ්බේ නෑ නේද…”

අශීගේ තරහව පිපිරෙනවා… ඒත් එයාට කිසිම සාධාරණ අයිතියක් නැහැ මේ විදිහට තරහා ගන්න. මේ තරමටවත් මම නෝක්කාඩු ගන්නේ මම එයාට ආදරේ කරන නිසා… ඒත් යාළුකමට, ඒ හැඟීම අයිති නැති නිසා මම උපරිම උත්සහ ගන්නවා. ඒ හැඟීම් හංගන්න. මානවිවයි අශීවයි එක තැන දකිද්දී තරහා නොගෙන ඉන්න. ඒත් අශීගේ හිතේ මං ගැන තියෙන්නේ යාළුකමක් විතරයිනම් එයාට මේ තරම්වත් තරහා ගන්න අයිතියක් නැහැ.

“එයයි ඔයයි කියන්නේ මට දෙන්නෙක් අශී. ඔයා මගේ යාළුවා… යාළුවා ඉන්න ඕන සීමාවක් ඇතුලේ…” හිතේ තිබ්බ තරහවට මම ලොකු පණ්ඩිත කතාවකුත් කියලා දැම්මා.

“අහ්… ඒකත් එහෙමද… එතකොට මම ඉන්න ඕනා සීමාවල් ඇතුලේ. එතකොට විශ්වට සීමාවල් පනින්න දීලා තියෙන්නේ ඇයි කියලත් මට කියන්න පුළුවන්ද මැඩම්…?” අශී සන්සුන් වෙන්න දරන උත්සහයේ පවා තියෙන්නේ තරහවක්.

“ඔව්… ඔයාට විතරක් නෙමේ මටත් පුළුවන් ආදරය කරන්න. මම විශ්ව අයියට ආදරෙයි.”

මම මගේ තුන් හිතකවත් තිබ්බේ නැති දෙයක් කියලා දැම්මා. අශීගේ මුහුණට ආවේ මම කවදාවත් දැකලා නැති තේරුම් ගන්න බැරි බැල්මක්. මට ඕන වුණේ අශීට රිද්දන්න. මම වෙන කෙනෙක්ට ආදරේ කළාම අශීට රිදෙනවද බලන්න. හරියට එයා වෙන කෙනෙක්ට ආදරේ කළාම මට රිදෙනවා වගේ.

“විශ්ව දන්නවද මේක…? අශී අර අමුතු බැල්ම පිටින්ම මගෙන් අහුවා.

“නැහැ…”
“මෝඩ වෙන්නෙපා ඕයි… ඒකට කෙල්ලෙක් ඉන්නවා…”

මාරුතයේ ගීතය

Highlights:

එතකොට මිස් යුහන්සා දන්නවද… මීට අවුරුදු දහයකට කලින් ඔයා හදිසියේම අතුරුදන් උන බව.. ඒ වගේම ඒක තවමත් නොවිසඳුන ගැටලුවක් වෙලා තියන බව…

වසර දහයක්? යුහන්සාගේ සිතට නැගුනේ පුදුමයකි… ඈ බොහෝ කලක් නින්දේ හා අවදිවෙමින් සිටි බව ඇය දැන උන්නාය… නමුත් ඒ වසර දහයක් බව කෙසේ විශ්වාස කරන්නද? අතුරුදන් වූයේ කෙසේද? ඒ කුමක් නිසාද සහ අද මෙවන් කාමරයක් තුල සිටින්නේ මන්දැයි ඇයට සිතාගන්නට නොහැකි වී තිබුනේ සියල්ල පටලැවිල්ලක් මෙන්දැනෙන නිසාමය.

ඒ වගේම… අපිට දැනගන්න ඕන ඔයාට මොකද උනේ වගේම හදිසියේම ඔයා අතුරුදන් උන තැනට නගර ගානක්දුරින් එකපාරටම මතු වුනේ කොහොමද කියලා..

ඔබ ගාව නවතිමි

Highlights:

ආදරේ කියන්නෙම
උඹේ මුණ මතක් වෙන කොට ලියවෙන…
ලියවෙන කොට උඹේ මුණ මතක් වෙන එක…

මන්තරයක් වගේ ඇහෙන
“පරිස්සමින් ඉන්න බුදුසරණයි”
කියන එක….

පුරුද්දට නෙවේ නම් කියන්නෙ…
මේ ලෝකෙ වාසනාවන්තම
මම

කප්පරක් වැඩ අස්සෙ මැවෙනකොට ඔය මූණ
“වස්තුව ”
කියන්නෙ දරාගන්න ම බැරි තැන.
පුළුවන්නම් ඉස්සර තරමටම නැතත්
දෙතුන් පාරක් වත්
හිතලාම මගාරින එක නවත්තලා
කතා කරන්න
මට…

කඩවර

Highlights:

ප්‍රේතයින් පිසාචයින් යක්ෂයින් අමුනුස්සයින් පමණක් නොව, විශ්වයේ ඇති සියලුම අඳුරු බලවේගයන් තම පාලනයට ගත් එක් බලගතු මිනිස් ආත්මයක්…

ජීවත් වීමටත්, මිය යෑමටත් නොහැකිව සියල්ල අහිමි කරගත් එක් සාමාන්‍ය ගැහැණියක්…

අහිංසක ගැමියන් සිටින සතුට පිරුණු ගම්මානයක්…

එක් අරමුණක් වෙනුවෙන් සියලු දේ වැනසූ එක් මිනිසෙකුගේ කතාවක්….

“කඩවර”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping