Product Tag: Pahan Publications

Pahan Publications

Showing all 10 results

Show:

උත්තම නිහඬතාවය

Highlights:

අප නිහඬතාව නැමැති මනසින් සවන් දෙන්නේ නම් පක්ෂීන්ගේ
සෑම නාදයක්ද, සුළඟට ළෙල දෙන තුරු ලතාවන්ගේ සෑම කෙඳිරීම්
හඬක්ද අපට යමක් කියනවා ඇත. මේ සියල්ලක්ම අපට කියන්නේ
කුමක්ද ? අර්ථ ගන්වන්නේ කුමක්ද ? ඔබ කතාබහින් තොරව සවන්
දීම කළ යුතු බව නොවේද ? කතාවට වඩා සවන් දීම ඔබේ ජීවිතයට
අර්ථයක් ගෙන එයි.

ඒ රූ කාගේද…

Highlights:

බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න. කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කරන්නෙවත් නැත. ඇතැම්විට ඒ රහස් බොහෝ වේදනාකාරීය. ඒවා කොතරම් ගැඹුරින් වළලා ඇති දැයි කිවහොත්,ඒවා ඒ පවුලේ අයටම අමතකව යයි.

මේ මැන්ඩිගේ කතාවයි. අර්බුදයක් විසින් ඒ රහසෙහි දොර විවර කරන තෙක්ම තම පවුලේ බියකරු රහසේ යතුර ඇත්තේ තමා අත යැයි නොදැන වුන් මැන්ඩිගේ කහතාවයි.

සීතල කඳුළු බිංදු

Highlights:

දියණිය දෙස බලා උන්
මෙලනි අමතා මලින්ද
කථා කළේ ලෙන්ගතුවය.
මෝටර් රථය පණ
ගැන්වූ මලින්ද ගේ දෙනෙත්
මෙලනි දෙස
යොමු වූයේ ඉබේටමය.
‘මානසික රෝහල’ යන පුවරුව
දුටු දේවකීගේ හදවතේ ඇති
වූයේ දැඩි කම්පනයකි.
මඳ වේලාවක් එදෙස බලා සිටි
ඇයගේ දෙනෙතට කඳුළු බිංදු
කිහිපයක් ගලා ආවේය.

දෙසිතක සුසුමන්

Highlights:

නිමන්තා එසැණින්  එම ලියුම අතට ගත්තාය
ලියුම කැඩීම්ට පෙර ඇය බලා සිටියේ තම ආදරණීය ජාලියගේ අත් අකුරු දෙසය.
තාමත් ඒ අකුරු එලෙසමය.
ඔහු ඉංග්‍රීසී අකුරු ලියන රටාව වෙනස්ය.
අයි අකුරට තිතක් වෙනුවට ඔහු තබන්නේ බිංදුවකි.
එලෙස ඉංග්‍රීසි අකුරු අමුතුම හැඩ යොදා ඔහු ලියන්නේය.
ඒ ලියුම් කවරයෙහි To ලෙස සඳහන් කරමින්
තමන්ගේ නම ලියා ඇති අතර නැවතත් අතින් අතගා
මුවට ළං කළ නිමන්තා ආදරණියව සිප ගත්තේ
ආරියපාල මහතා තමාගෙන් ඉවතට යන තුරු සිටය.

ඩිසී – Dizzy

Highlights:

උපන් දින හරි අපුරු බව මම දනිමි. ප්‍රශ්නයටකට ඇත්තේ කොතරම් උත්සහ කළද සන්සුන්වන්නට නොහැකි වීමය.

පෙර පාසල් දරුවන්ගේ වැඩපොත

Highlights:

ශ්‍රී ලංකාවේ පෙර පාසල් සඳහා හඳුන්වා දී ඇති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ඉගෙනුම් අත්දැකීම් සංග්‍රහය අනුව සකස් කර ඇත.

පෙර පාසල් වියේ සිටින දරුවාගේ සියලු දක්ෂතාවන් ඉස්මතු කෙරෙන ආකාරයට මේ පොතේ අභ්‍යාස නිර්මාණය කර ඇත.

පෞද්ගලික කාරණයක්

Highlights:

කෙන්සබුරෝ ඔඑ විසින් රචිත “පෞද්ගලික කාරණයක්” ( A Personal Matter ) 1989 දී ප්‍රික්ස් යුරෝපාලියා සම්මානයත්, 1994 දී සාහිත්‍ය‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයත්, ජපානයේ ෂින්චෝෂා සාහිත්‍ය සම්මානය සහ ජුනිචිරෝ තනිසාකි සම්මානයත් වැනි බොහෝ සම්මාන “පෞද්ගලික කාරණයක්” කෘතිය සඳහා හිමිකරගෙන ඇත.

කඳුලක් ද ආදරේ

Highlights:

සිතුම් සමඟ විවාහ ගිවිස නොගත්තේ නම් ජීවිතය සතුටුදායකම දිනය එදා ය. එහෙත් දෛවය ජීවිතයත් සමඟ කරන්නේ අරුම පුදුම සෙල්ලම් ය. දෑස් ඉදිරියේ ගෙත්තම් කරන්නේ ජීවිතයේ ප්‍රශ්ණ පත්‍රයක්ම පමණි. ජිවිතයට සැනසිල්ල ලබා දෙන්නේ ඊට වඩා සියදහස් ගුණයකින් පරිපුර්ණ දුක් සෑම මොහොතකම පාහේ හිනැහෙන්නට සිදුවන්නේ ද කඳුළු මැදිනි.

අවුෂ්විට්ස් හි සොයුරියෝ

Highlights:

ජෝශෆ් මෙන්ගෙලේ නම් දොස්තරවරයාගේ විකෘති පර්යේෂණ සඳහා යොදාගත් නට්සි කඳවුරුවල හිරවූ දරුවන් ගැන මින් කියැවෙයි. මෙහි කතා නායිකාව වන ඊවා සිය සොයුරිය සමග පර්යේෂණ සඳහා ගොදුරු වන්නේ අවුරුදු 10 දී ය.ඊවා පසුකලෙක යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටි මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙයි. ඇය අවුරුදු 84ක් ම ජීවත්වීමද පුදුමයකි.‘අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ’ දෙවැනි ලෝකයේ මෙතෙක් නුදුටු පැත්තක් ගැන හෙළි කරයි.

සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම් ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය ද රැගෙන දිගු ගමනක් යයි. ඊවාගේ කතාව අවසානයේ දසක අටක් පුරා දිවෙන වීර චරිතාපදානයක් බවට පත්වෙයි . ඇය ඔවුන්ට වද හිංසා පැමිණවූ නට්සින්ට ලෝකය හමුවේ සමාව ප්‍රදානය කරයි. ඊවා ආන්දෝලාත්මක චරිතයක් බවට පත් වන්නේ එතැන් සිටය.

කවුරුන්ද නුඹ මගේ

Highlights:

දිග හුස්මක් හෙළපු මං ආපහු
ඇඳෙන් නැගිටලා රෙදි ටික නවන්න
ගත්තා.හැබැයි එක අතකින් මට
මෙහෙන් ටික දවසකට හරි ඈත්
වෙලා ඉන්න තියෙන එක හොඳයි…
මොකද ගමේ හිටියොත් අර
ධනුෂ්කගෙන් තවත් කරදර.එහෙම
බැලුවම අම්මත් සතුටු වෙයි මං මේ
ගමන යන එක ගැන.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping