Product Tag: Poetry Sinhala

Poetry Sinhala

Showing all 2 results

Show:

කුමාරතුංග මුනිදාස කුමර ගී

Highlights:
කුමාරතුංග මුනිදාසයන්ගේ ළමාකවි ගී නිර්මාණවල විශේෂත්වය වන්නේ ස්වභාව සෞන්දර්‍යයෙන් ලත් අත්දෑකීම් කාවය්‍ය කරණය සඳහා යොදා ගනිමින් එය සරල බස් වහරකින් දරුවාට වැටහෙන සේ ඉදිරිපත් කර තිබීමයි. එසේ තෝරාගත් කවි ගී නිර්මාණ කීපයක් මෙම කෘතිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

සිංහල ජන ගායනා ශෛලි

Highlights:
1865 සිට හියු නෙවිල්‌ වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර්‌ ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන්‌ අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස්‌ කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්‌, ඒ ඇසුරින්‌ නිර්මාණ කරන්ටත්‌ උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන්‌ කිහිපදෙනකු පමණි. සමන්‌ පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත්‌ බොහෝ දුර ගමන්‌ කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක්‌ හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන්‌ පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි’” නමැති මෙම කෘතියෙන්‌ සිංහල ජන සංගීත ක්‍ෂේත්‍රය මත ප්‍රබල ආලෝක ධාරාවක්‌ පතිත වන බව අපගේ විශ්වාසය යි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping