සදහටම ඔබගේමයි
“මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ.
එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න
පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත්
කෙනෙක් අවශ්‍ය නැහැනේ. වෙන කෙනෙක් මට
ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ
ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන
අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ.
මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ
නැහැනේ වෙන කෙනෙක්…
යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ
හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි
මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා
ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට
අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා
වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට
පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න
මම සදහටම ඔයාට ආදරෙයි. මගේ වයිෆ් වෙන්නේ…
මගේ ළමයින්ගේ අම්මා වෙ න්නේ ඔයයි කවදා හරි.”
අරිත සිංහබාහු.
මට පෙර සිටි ඇය
අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යනුකූල බැඳීමක් ඇති
කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම
කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ
හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම
පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා
විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව
ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි.
මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක්
පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත්‍යානුකූල
හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච
බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි.
මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි.
මට ඔහුව සම්පූර්ණයෙන් මගේ කරගන්න අවශ්‍ය වුණි.