Product Tag: Prageeth Madhuranga

Prageeth Madhuranga

Showing all 8 results

Show:

විශ්මජනක සොරකමක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 21

Highlights:

ලෝක ප්‍රකට විද්‍යාඥයාගේ නිවස අසල පිහිටි එළිමහන් බිමෙහි ළමුන් කඳවුරු බැඳගෙන කල් ගත කළේ හරිම සතුටින්..! ඒත් එක් දිනක රැයේ කව්රුන් හෝ විද්‍යාඥයාගේ කුටියට රහසේ ම ඇතුළු වී පර්යේෂණ සටහන් සොරකම් කර ගෙන ගොස් තිබුණා..! ඒ සොරකම කළේ කව්ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට පටන් ගත්තා. විද්‍යාඥයාගේ ඉතිරි පර්යේෂණ සටහන් සඟවා තබා ගැනීමේ වගකීමත් ළමුන්ට පැවරුණා. ඒවා සොරුන්ගෙන් රැක ගන්නට ළමුන් සමත් වෙයි ද? සොරුන් ඔවුන්ට අනතුරක් කරයි ද?

කොඳුරන දුපතේ දවසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 20

Highlights:

කොඳුරන දූපත නොයෙක් අබිරහස් සිදුවීම් වලින් පිරුණු ගුප්ත තැනක් බවට කටකතා පැතිරී තිබුණා. ඒ කතා ඇත්තක් ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට හොර රහසේ ම කොඳුරන දූපතට ඇතුළු වුණා. දූපතේ පොළොව යට පිහිටි රහස් උමගක්..! පැරණි පිළිම සමූහයක්..! මේ අපූරු සොයාගැනීම් වලින් ළමුන් පුදුමයටත් සතුටටත් පත් වුණා..! මේ අතර ම තවත් පිරිසක් කොඳුරන දූපතේ සැරිසරමින් කුමක් හෝ රහස් කටයුත්තකට අර අදින බව පෙනෙනනට තිබුණා..! ඔවුන් ගේ අරමුණ කුමක් ද? ඔවුන්ගෙන් සමන්ට යම් කිසි කරදරයක් සිදු වෙයි ද?

ගොවිපළේ අපූරු නිවාඩුවක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 18

Highlights:

ගිනි ගෙන දැවී සහමුලින් ම විනාශ වූ ආදි කාලේ මන්දිරයක්..! ඒත් ඒ මන්දිරයේ නටඹුන් කලකට පෙර ගොවිපළේ පොළොව යට වැළලී ගොස් තිබුණා. වටිනා පුරා වස්තු පිරී තිබෙන පොළොව ‌යට පිහිටි රහස් උමගක්..! මේ අපූරු සොයා ගැනීම් නිසා ළමුන්ට දැනුණේ නිම් හිමි නැති සතුටක්..! ඒත් නොසිතූ විරූ ලෙස ඔවුන් උමග තුළ සිර වුණා..! මේ අතර තවත් පිරිසක් ඒ වටිනා පුරා වස්තු සොයමින් සිටියා…! ඒවා කවුරුන් අතට පත් වෙයි ද? ළමුන්ට උමගෙන් පිට වී එන්නට පුළුවන් වෙයි ද?.

පාළු මැදුරේ සිරකරුවෙක්

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ එකලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

පාළු බලකොටුවේ සටනක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 09

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් නවවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

බකුසුකන්දට සවාරියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 08

Highlights:

මගේ සහෝදරයා කාමරේක හිර කරගෙන හිටියා.! අපිටත් යන්න දෙන්නේ නැතුව තියා ගත්තා.! දැන් ඒ මදිවට තව ළමයෙක්ව පැහැරගෙන යන්නද ලෑස්තිය?” ජුලියන් කියන්නට පටන් ගත්තා. ” හිරෙන් නිදහස් වෙලා ආව විතරයි නේද? ආපහු එහාටම යන්න ඕනෙ වෙලාද?”

ජුලියන්ගේ කතාව අසා රූකිට කේන්ති ගියා. රූකි රිචාඩ්ව අතහැර තරහින් පුපුරමින් ජුලියන් සිටි තැනට ආවා.

රුකි අත දිගු කර ජුලියන්ව අල්ලා ගන්නට හදනවාත් සමගම ටේර්ෂ එකවරම ඉදිරියට පැන ඔහුගේ අත සපා කෑවා. රූකි තුවාල වූ අත අනෙක් අතින් මිරිකාගෙන වේදනාවෙන් කෑ ගැසුවා.

අබිරහස් සිරකාරියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 3

Highlights:

” අන්න කියන කොටම ගඳයා ” ඩික් එක වරම කිව්වේ ටිමිගේ කර පටියෙන් අල්ලා ගැනීමට අත දිගු කරන ගමන්මයි.

ඒත් ටිමී ඩික්ට අසු නොවී ඉවතට පැන ගත්තා. ගොරවමින් වේගයෙන් ගඳයා දෙසට දිව ගියා. ගඳයා විලාප නගමින් ටිමීගෙන් බීට් පැන දුවන්නට වුණා. ඒත් ටිමී ඉක්මන් වුණා. එයා පැනපු ගමන්ම ගඳයාගේ බෙල්ලෙන් අල්ලා බිම පෙරළා ගත්තා. මීයකු මෙන් කනකින් අල්ලා සෙළවූවා. ඒත් එක්කම ස්ටික් කුස්සි අම්මා ලොකු පොල්ලකුත් අරන් මුළුතැන් ගෙයින් එළියට පැන්නා. ඒත් ඒ මේ අත වේගයෙන් පෙරළෙමින්, දඟලමින්, පොරකන බල්ලන් දෙන්නා අතරින් ටිමීව තෝරාගෙන පහර දෙන්නට ඇයට පුළුවන් කමක් තිබුණේ නෑ. කලින් වතාවේ වගේ තමන්ගේම බල්ලට පහර වදියි කියා ඈ බිය වුණා.

ජුලියන් ඉක්මනින් දිව ගොස් වතුර බටය අතට ගත්තා. වගා එකවරම පැන ගිහින් සැඟවුණා. ‘ මතකයි නේ කලින් වතාවෙ සිදුවුණ දේ..?’

රෑ මැදියමේ සොරකමක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා – 2

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping