දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.