Product Tag: Romantic Novels

Romantic Novels

Showing all 10 results

Show:

තුහින පිනි සළු

Highlights:

එහෙනම් මට කියන්න වෙන්නේ වෙඩින් එක අවුරුද්දකට කල් දාලා මිස් නේත්‍රාට කොළඹට ට්‍රාන්සර් වෙන්න කියන එක තමයි.කරන්න බැරි වැඩක් නොවනේ ඒක.ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.

-රිතේෂ්-

මාස දෙකකුයි අවුරුද්දකුයි අතරෙ මාස දහයක වෙනසක් තියනවා
මිස්ට මාලියද්ද.මොනම හේතුවකටවත් මම මගේ වෙඩින් එක කල් දාන්නේ නැහැ.

-නේත්‍රා-

නුඹ හිදී සිතේ සොදුරුම තැනක

Highlights:
“මුරණ්ඩු ගෑනු ළමයි අවංකලු..”
“ආම් කාරයෝ නපුරුයිලු..”
“එච්චරද..?”
රාජේන්ද අයියා විමසුවේ මදෙස බලාගෙනය.
මට සිනා නැගේ.
“මම අහලා තිබුණේ නෑ”
“මොනාද..?”
“මුරණ්ඩු ගෑනු ළමයා අවංකයිලු කියලා..”
“ඒ මගෙ නිර්මාණයක්නේ”
ඔහු හිනැහුනේ මහ හඩිනි.
මසිත උපන්නේ අමනාපයක් විය හැකිය.
“මොකද හැම එකටම බක බක ගාන්නේ”
ඔහු කළේ මගේ විරසකය
මායිම් නොකොට තවත් හිනහීමය.

උත්තමාවී

Highlights:

උඹ මට යශෝදරාවක් නංගි. තමන්ගේ ස්වාමිපුරුෂයා යහමඟට ගන්න එයා ආපහු එනකම් බලන් හිටපු උඹ මට යශෝදරාවක් බත්. උඹට මාව දාලා යන්න තිබුනා. වෙන එකෙක් ලගට. ඒත් උඹ ගියේ නැත්තේ උඹට මාවම ඕනි නිසා. මගෙ අතක්වත් නොවැදුනු… බැල්මකින්වත් උඹව ඉඳුල් නොකරපු මං වෙනුවෙන් උඹ ජිවිත කාලෙම විදෙව්වා බන්. ඇත්තටම උඹ මට යශෝදරාවක්.

හිත මොරගෑවා ඒ වචන ලග. යශෝදරාවක් කියන නාමය පවා ගන්න අපි සුදුසු නෑ. එච්චර ලොකු කැප කිරීමක් කරන්න මේ මිනිස් ගෑනු සංහතියටම බෑ. හැබැයි යශෝදරාව එච්චර ලොකු කැපකිරීමක් කලේ එයාට නොකර බැරිකමට කියලා මට හිතුනු වාර අනන්තයි. යශෝදරාව තේරුම් ගන්න ඇති… එයා කොච්චර කන්නලව් කලත් සිය සැමියා තමන් හැර යන බව. ලෝවැසියන් වෙනුවෙන් දිවිය පුදන වග. ඉදින් නොලැබීම දරාගෙනම ඈ අත් හරින්නට ඇති සිදුහත් බෝසතුන්ව. ඇගේ සිත එදා කියෙව්වා නම්… ඈද වේදනාවෙන් වග දැන ගනී… සිදුහතානන්.

ආදරණීය වික්ටෝරියා

Highlights:
ඔහුගේ ලෝකයේ
පරමාදර්ශය වූයේ
ඇයයි.
එසේම
නම කියූ සැණින් දත්
අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට
ඔහු තුළ
බලාපොරොත්තු දැල් වූයේද
ඇයයි.
එපමණකුදු නොව
තුංග පොල් ගසක් තරමට
තරව මුල් දරා වැඩෙන්නට
ඔහුගේ
හෙවණැල්ල වූයේද
ඇයයි.

සැරිසර කුමරී

Highlights:
‘මටත් සිංහල උගන්නනවද?

”මම උගන්නන්නේ ඉංග්‍රීසි සිංහල නෙමෙයි”

”එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?”

”මම ඉගෙනගත්තා”

”තව මොනවද ඉගෙනගත්තේ ?”

”ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා”

”මට සමාවෙන්න සුද්දී ” ”සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.”

හත්දින්නත් තාරුකා

Highlights:
“ඔව් යකෝ ඔව්….! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප්‍රිය ගොන් කණුවක් යකෝ..! ” “උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප්‍රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ….! ” “තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප්‍රේම පුරාණය සමකෝණී ත්‍රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ්‍ර ප්‍රේම කතාවක් වෙයි කියලා…! ” ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන ඉන්නවා විතරමයි. “ඉඳකින්.! ඇයි බන් මම මෙහෙම උනේ??” අපෙන් ැහන්නේ?? අහපන් තොගේ ඔය නල්ලමලේ හිතෙන්….! විකි ශම්මිකගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා හිනාවුණා.

රාග ගිනි

Highlights:

සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය.     එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳූම්න්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය.         “එයා මාව දූෂණය කළා.!”   මගේ හොඳම මිතුරිය කියන්නීය. “මං එහෙම කළේ නෑ.!”මගේ සැමිය කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමිය, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍ර දූෂකයෙකුද.? නැතිනම් මගේ හොඳම මිතුරිය බොරුකාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.?

මූ නං මහ…

Highlights:

සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.

I.D.

Highlights:
සැබෑ අඹු සැමියන් සිටින්නේ
එක ගෙදරක එක ඇඳක නොව,
ගෙවල් දෙකක,
නැතිනම් ග්‍රහලෝක දෙකක,
දෙතැනක බව
ඔවුහු තේරුම් ගත්හ.
එසේම
ඔවුන් එකිනෙකා වෙත ළංවන විට
ගිනි ඇවිළී දෙදෙනාම
විනාශ වෙන්නට ඉඩ ඇති බවත්,
ඈතින් සිටින විට
හැමදාම ගිනි ඇවිළෙමින්
විනාශ නොවී පැවතිය හැකි බවත්
ඔවුහු තේරුම් ගත්හ.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping