Product Tag: Ruwani Liyangolla

Ruwani Liyangolla

Showing all 2 results

Show:

ධූම

Highlights:

“මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින්
බරවූ නෙතිනි. “මටත් ඉන්න දෙන්න පාඩුවේ..
ඔය ඇස් මාව පුච්චනවා..”

තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන්
මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය.
ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත්
ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය..
ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති හැඩ ය.
ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ
දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට
කරන්නේ ආරාධනාවකි.
තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දී ම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහස්ගේ උරහිස් අතර මුහුණ සගවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව – ප්‍රචණ්ඩ වූයේ මන්දැ’යි සිතාගත නොහැකිව ය.

ඒ මගේ සඳයි

Highlights:

“මතුපිටින් ලෝකෙට පේන ජීවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් ම්න්දෝදරී ..”
යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද්‍යා බියටම වෙව්වලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping