Product Tag: S.Godage saha Sahodarayo

S.Godage saha Sahodarayo

Showing all 5 results

Show:

ජුලිහත

Highlights:

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.

රදළ පිළිරුව

Highlights:

සිංහල නවකතාව කලාත්මක නව මඟකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු ලෙස ඩබ්ල්යූ. ඒ. සිල්වා සූරීන් හැඳින්වීම නිවැරදිය. සිංහල සිනමා සිත්තමට ද ඔහුගේ කැලෑ හඳ, හිඟන කොල්ලා, දෛවයෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි. කතුවරයෙකුගේ “රදළ පිළිරුව” නව කතාව තුලින් සහ එතුමා සිය නවකතාවලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීම. එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුව ම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙළන දෘෂ්ටිකෝණය අන් කවරදාටත් වඩා ඉතා අනාදරණීය වී ඇති බැවිනි.

විද්‍යුත් රසායනය

Highlights:

විද්‍යුත් රසායනය යනු භෞතික රසායන විද්‍යාවේ
තවත් එක් වැද්‍යගත් අධ්‍යන ක්ෂේත්‍රයකි. මෙහිදී
කිසියම් ඉලෙක්ට්‍රෝන සන්නායකයක මුහුණත හා
අයන සන්නායකයක් අතර සිදු වන රසායනික
ප්‍රතික්‍රියා පිළිබඳව අධ්‍යනය කරයි. මෙම පරිච්චේද්‍ය
තුලින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ
විභාගයට අදාලව ඇති විද්‍යුත් රසායනය විෂයේ
මුලික හරයන් පැහැදිලි කරවයි.

චාලක රසායනය, වර්ග කළ බහුවරණ ප්‍රශ්න

Highlights:

මෙය චාලක රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ චාලක රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

නරි බෑනා

Highlights:
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්

තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping