- You cannot add "ඉසුරුමුණිය" to the cart because the product is out of stock.
සංක්‍රාන්ති සහ තවත් කතා
සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ ලියූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය “ගස් කට්ටිය” (1994) සිට මේ වන විට ප්‍රකාශිත අලුත් ම කෙටිකතා සංග්‍රහය “සංක්‍රාන්ති” (2012) දක්වා කෙටිකතා සංග්‍රහ නවයක පළ වූ කෙටිකතා අසූ පහක් අතරින් තෝරාගත් කෙටිකතා ඇතුළත් කෘතියකි මේ. මෙවැන්නක් පළ කිරීමේ අරමුණ වූයේ ඔහුගේ විවිධ ප්රවණතා පිළිබිඹු කරන කෙටිකතා පාඨකයින්ට ද පහසුවෙන් පරිහරණය කිරීමට අවස්ථාවක් ලබා දීම ය.
රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්
රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.
සිංහල ජනකවි
ජනකවිය තරම් ජනතාවගේ ජීවන සුවඳ වහනය වන තවත් කවි වෙසෙසක් නැති තරම් . එයට ප්‍රධානම හේතුව වනුයේ ජනකවි යනු ජනතාවගේ එදිනෙදා ජිවිතයේ ඔවුන් අත්දුටු සැබෑ අත්දැකීම් පදනම් කර ගෙන කියැවුණු, ලියැවුණු ඒවා වීමයි.
ඉසුරුමුණිය
බෞද්ධ ඉතිහාසයේ ඉසුරුමුණියට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. හතර වැනි සියවස පමණ වනවිට මේ විහාරය අභයගිරියට අයත්ව තිබී ඇත. ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව මුලින්ම තැන්පත් කොට තිබී ඇත්තේ මේ ඉසුරුමුණිය විහාරයේය.
ඉසුරුමුණි විහාරයේ විහාර ගෙවල් දෙකකි. ලෙන් විහාරය යනුවෙන් හැඳින්වෙන දර්ශනීය කුඩා විහාරගෙය මිහිඳු පොකුණට ඉහලින් ඇත. පර්වතය ඉදිරියේ වේදිකාවක් මත ඉදි වූ මේ විහාරගෙයට පිවිසීමට ගලින් නිමකළ පඩි කිපයක් ඇත.
අනෙක් විහාරගෙය මෑතක දී තනවන ලද්දකි. මෙහි බුදුරජානන් වහන්සේගේ ඉඳි පිළිමයක්, හිටි පිළිමයක් හා ඔත් පිළිමයක් පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ව්‍යවසායකත්වය සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්
1970 දශකයෙන් පසු සමාජ විද්‍යාවේ උප විෂය ක්ෂේත්රයක් ලෙස ව්‍යවසායකත්ව අධ්‍යයනය හඳුන්වා දීමත් සමඟ ව්‍යවසායකත්වය පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් ආරම්භ විය. මෙම අධ්‍යයන මුලිකවම යුරෝපා කලාපය ඇසුරින් ගොඩනැගේ. Daniel Lernner, David C. McClelland, Everette Hagen, W.W Rostow වැනි නවීකරණ න්‍යාය වාදීන්ගේ අදහස්වල අන්තර්ගත වු ආර්ථික නොවන සාධක ව්‍යවසායකත්වයේදී වැදගත් වන්නේ කෙසේද යන්න මෙහිදී අධ්‍යනය කෙරේ.
සංදේශ විවරණය
ආකර්ෂණීය ලෙස නම් කෙරෙන පරිච්ජේද දහයකින් සමන්විත මෙම ග්‍රන්ථය සිංහල සංදේශ කාව්‍යයන්හි හැඩරුව – ගුණ තෙද ආශ්වාදනීය ලෙසත් විධිමත් හා පිළිගත් විචාර සම්ප්‍රදායයන්ට අනුගතවත් මනා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුවත් සංග්‍රහ කර තිබේ. “සංදේශ විවරණය” සිංහල පාඨකයාට අපූරු අර්ථසම්පන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
පීකිං පෙම්පත
“පීකිං පෙම්පත” (Letter from Peking) නැමති මේ නවකථාවට පාදක ව ඇති ජාතිය, ජන්මය,දේශය හා දේශපාලනය පිළිබඳ පරස්පරතා නිසා පවුල් දිවිය, ආදරය, දාරක ප්‍රේමය, පැවැත්ම හා අපේක්ෂා තුළින් මතුව එන ඝටනාව මෙහි විරහ කාව්‍යයක විලාසයෙන් නිර්මිත ය. කාලය, අවකාශය හා දීපය බඳු බාධක මත වුව ද මෙහි කුළු ගැන්වී ඇති හා බැඳීම් ළබැඳියන්ගේ සංවේදී සංජානනය පළ කරයි.
Essays For Grade 3-4-5
Writing helps kids become better readers. Write well allow kids to do better in other subjects, science, maths etc. Essay writing is great way to improve kids writing skills and kids can start essay writing form small topics such as my self, my mother, my friend, my school, etc. Once kids get step up with those topics, kids can try to write essays with advance topics. Then kids need collect more information related to the topic the going to write, and kids can collect information related to the topic the going to write, and kids can collect information reading books, articles, sample essays etc. then kids will soon see the benefits. This book is a good approach for this.
රතු කිමෝනාව
ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තවමත් උසුලාගෙන දිවිගෙවන කාන්තාවන්ට ජපන් සංස්කෘතිය තුළ මුහුණ දීමට සිදුවන දුෂ්කරතා ඇසුරින් මෙහි අන්තර්ගතය සකස් වී තිබේ.
මිගුවල් වීදිය
මිගුවල් වීදිය’ නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.