Product Tag: Sara Publications

Sara Publications

Showing all 9 results

Show:

අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ

Highlights:

අධ්‍යාපන ඥානවිභාගයට තුඩුදුන් දාර්ශනික ප්‍රවේශයන් වන සන්තතවාදය, සාරාත්මවාදය, ප්‍රගතිවාදය, හා ප්‍රතිනිර්මාණවාදය මෙන්ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් විග්‍රහ කෙරෙන මෙම කෘතිය සමාජ ප්‍රගතියට මහත් සේ දායක වූ තාගෝර්, ගාන්ධි, කන්නන්ගර, ප්‍රෙයර් හා නියරේරේ යන අධ්‍යාපන දාර්ශනිකයන්ගේ දායකත්වය ද විමසුමට ලක් කෙරේ.

අධ්‍යාපනික ක්‍රියාමූලික පර්යේෂණ

Highlights:

ක්‍රියාමූලික පර්යේෂණ ප්‍රධාන යොමුව පවතින්නේ යම් සමාජ කණ්ඩායමකට හෝ ප්‍රජාවකට ඉතා සමීප ව බලපානු ලබන ප්‍රායෝගික ගැටලු පිළිබඳව ය. එය ස්වාභාවික අවස්ථාවන් පිළිබඳ ව ගුණාත්මක පර්යේෂණ උපකරණ යොදාගනිමින් කරනු ලබයි.

සාධනය මිනුම ලේඛ්‍ය පරීක්ෂණ

Highlights:

සාධනය මිනුම ලේඛ්‍ය පරීක්ෂණ නම් වූ මෙම ග්‍රන්ථය පරීක්ෂණ ක්ෂේත්‍රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරීක්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් ගෙනහැර දක්වයි. මෙහි විවිධ ලේඛන පරීක්ෂණ වර්ගවල ස්වභාවය, ඒවා රචනය කිරීමේ මුලධර්ම, විවිධ පරීක්ෂණවල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විමර්ශනයට ලක් කොට තිබේ.

කාලීන අධ්‍යාපන දාර්ශනිකයෝ

Highlights:

අධ්‍යාපනය පිළිබඳම් හැම අයකුම කතා කළත්, ශාස්ත්‍රීය ගැඹුරකින් හා අවබෝධයකින් යුතුව කාත කරනුයේ අතලොස්සක් බව පැහැදිලිව ම පෙනේ. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ගැඹුරු සාකඡාවක් කිරීමටත්, දාර්ශනික හා විද්‍යාත්මක පදනමක් ඇති කර ගැනීමටත්, අවශ්‍ය මූලික පසුතලය ‘කාලීන අධ්‍යාපන දාර්ශනිකයෝ’ පොත කියවීමෙන් යම් පමණකට දැනගත හැකිය.

කාර්යමූල පර්යේෂණ ක්‍රමවේදය

Highlights:

කාර්යමූල පර්යේෂණ (Action Research) විභාග අපේක්ෂකයා විසින්ම සත්‍ය වශයෙන්ම සිදුකළ යුතු විම නිසා එය හුදු වාර්තාවකට සීම නොවී අපේක්ෂකයා විභාගයෙන් සමත් වන අතරම ක්ෂේත්‍රයටද ගුණාත්මක ප්‍රතිඵලයක් අත්වෙයි. ජපානය වැනි රටවල ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සිදුවන්නේ කාර්යමූල පර්යේෂණ හරහාය.

වෘත්තීය මාර්ගෝපදේශය හා ගුරු භූමිකාව

Highlights:

විවිධ අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ සංකල්පය සංවර්ධනය වූ ආකාරය මෙන්ම එහි න්‍යා‍යාත්මක පදනම විග්‍රහය හා ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවශ්‍යතාව මෙම කෘතිය මගින් මනාව පෙන්වා දෙයි.

ආධ්‍යාත්මික මනෝවිද්‍යාව

Highlights:

මෙම කෘතිය මගින් ආධ්‍යාත්මික ජීවනය කුමක්ද? ආධ්‍යාත්මික සංවර්ධනය සිදු වන්නේ කෙසේද? සම්ප්‍රජානනය යනු කුමක්ද? ප්‍රඥාව යනු කුමක්ද? එය උද්දීපනය කර ගන්නේ කෙසේදැයි කතුවරයා ගැඹුරු විවරණයක යෙදෙයි.

මහලුවිය සඳහා උපදේශනය

Highlights:

‘මහලුවිය’ සං‍වර්ධන මනෝවිද්‍යාවට අයත් විෂය මාතෘකාවකි. මනුෂ්‍ය ජීවය ආරම්භ වී හැදී වැඩී වැඩිහිටි වීම දක්වා සංවර්ධන  මනෝවිද්‍යාවේ මාහැඟි සාහිත්‍ය‍යක් ප්‍රකාශිතව පවතී.

නව අධ්‍යාපන මූලධර්ම

Highlights:

පෙළගැස්ම

  1. අධ්‍යාපන අභිමතාර්ථ සාධනයට පාදක සාධක
  2. ජාතික ඒකාබද්ධතාවය සඳහා අධ්‍යාපනය
  3. යාවජීව අධ්‍යාපනය
  4. ගෝලීය අධ්‍යාපනය
  5. සාරධර්ම අධ්‍යාපනය හෙවත් ගුණධර්ම අධ්‍යාපනය …යනාදිය
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping