Product Tag: Siril Chandrasekara Gunawardena

Siril Chandrasekara Gunawardena

Showing all 4 results

Show:

රජ කුමරියකගේ දිනපොත- 04 (කුමරිය පෙම්වතෙක් පතා)

Highlights:

මම මගේ නියපොතු කෑම නවතා දමමි. මා වෙනුවෙන් ජයඝෝෂා නඟන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි. අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොට්ටිස් ගැන සිහින මවමින් පසුවෙමි. ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය. ඈ දැන් ඇයගේ පැවැත්මට සැබැවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සූදානම්ය.

රජ කුමරියකගේ දිනපොත 01

Highlights:

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

දේවත්වයෙන් ප්‍රභාව කරා

Highlights:

ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ “The Sound of Silense” ආදී ලෝප්‍රකට භාවනා ග්‍රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියන ලද “The Way It Is”
නැමති ග්‍රන්ථ සිංහල අනුවාදයයි.

මෙවන් සතුටක් වෙන කොයින්ද?

Highlights:

ලෝක ප්‍රකට ධර්මදූතයන් වහන්සේ නමක වන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ The Art Of Disappearing නම් නවතම කෘතියෙහි සිංහල පරිවර්තනය ‘මෙවන් සතුටක් වෙන කොයින්ද?’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. අජාන් බ්‍රහ්මවංසෝ තෙරණුවන් මේ කෘතියේදී අවධානය යොමු කරනුයේ භාවනාව පිළිබඳවය. බුද්ධ ධර්මය අභ්‍යාස කිරීමේ අවශ්‍යතාව පහදා දෙන උන්වහන්සේ සියල්ල අත්හැරීමෙන් සතුට ලබන ආකාරය මෙමඟින් පෙන්වා දෙයි. බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ඉදිරිපත් කිරීම් සිත්ගන්නා සුළුය.

බුදුදහම මනසට ඖෂධයක් වන ආකාරයද ප්‍රඥා බලය වඩා ගත හැකි ආකාරයද කාම ආශා විනිවිද දකින ආකාරය ද මේ පොතෙන් පැහැදිලි කර දෙන්නේ සිත දියුණු කළ යෝගී උතුමෙකු පරිද්දෙනි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping