Product Tag: Sooriya Publications

Sooriya Publications

Showing all 7 results

Show:

රේගු පුරාණය

Highlights:

රේගුවේ ආරම්භය සහ විකාශය, එහි වැදගත්කම හා ආර්ථීකය කෙරෙහි වූ බලපෑම ආදිය පිළිබඳ සිත්ගන්නාසුළු තොරතුරු මෙහි ඇතුළත් වේ.

වන සංග්‍රාමය

Highlights:

“අහෝ, විල්ප්‍රද්! කුණාටුවකට මැදිවූ සින්දුර තුරක් මෙන් මා තනි කර-දා පලායන්නට තොපට සිත් දුන්නේ කෙසේදැ”යි දුක් මුසු පහත් හඬෙකින් පවසා, නැවත අසුන් ගෙන විෂණ්ණ චින්තාවලියෙක පැටළුණ හ.

වන සිරියක අසිරිය

Highlights:

ජාතික වනෝද්‍යානවල පිහිටීම, ගමන් මාර්ග, සංචාරක බංගලා සහ සත්ත්ව හා ශාක ප්‍රජාව පිළිබඳ තොරතුරු මෙම කෘතියේ අන්තර්ගතය.

ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්

Highlights:

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE  – A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.

සාපරාධී ගංගාව

Highlights:

වසර දහයකට පසු සිය රටට පැමිණෙන වංශාධිපති තරුණයෙකුට තම මව ජීවත්ව සිටි කාලයේ ඇය බොහෝ සේ ඇළුම්කළ දුප්පත් දැරියක, දැන් නව යොවුන් තරුණියක ලෙස මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳෙද්දී, තරුණයා දෛවය විසින් බිහිසුණු අත්දැකීම් සමූහයකට ගොදුරු කරයි. අවසානයේ මරණයේ දොරකඩ හමුවේදී ඔවුන්ගේ ඉරණම කෙසේ සටහන්ව තිබේද?..

වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය

Highlights:

ලෝ පතළ ශල්‍ය වෛද්‍ය විලියම් හල්ස්ටඩ්ගේ සැබෑ ජීවිතය ඇසුරින්…

ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම්වලට බඳුන් වන මිනිසුන් සැත්කමේ දී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය.

මනෝකාය, විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව

Highlights:

සම්මුතිය එකකි. විශ්වයථාර්ථය තවෙකකි. සම්මුතියක් ඇතිවී ඇත්තේ විශ්වයථාර්ථය මුහුණදීමට සත්වයාට ඇති නොහැකියාව නිසාය. මෙම නොහැකියාව සත්වයාගේ සහජ ගතිලක්ෂණයකි.

මෙහි අවසන් ප්‍රතිඵලය නීතිය නැමැති තවත් සම්මුතියක් මායාලෝකය තුළ බිහිවීමයි. එමනිසා නීතිය යනු සත්වයාගේ සියලු සහජ ගතිලක්ෂණයන් තාවකාලිකව යටපත් කිරීමට ගත්තාවූ දුබල උත්සාහයක් පමණි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping