යලිත් හිනැහෙමි
“බදුල්ලට යනකොට රෑ අටට කිට්ටුවේවි. ඔයාට කන්න බොන්න තව තියෙනව ද? ඊළඟ ස්ටේශන් එකේ නැවැත්තුව ම මොනවා හරි ගන්න ඕන ද? හවස් වෙනකොට නම් කෑම විකුණන අය වැඩිය නගින්නෙත් නෑ.” ඔහු ඇසුවේ මග් එක මවෙත දිගු කරන ගමන්. “තෑන්ක්ස්. ඔයාගේ කෑම හරි රසයි.” අර තියුණු දෑස් සිනාවකින් සිහින් වෙන හැටි බලමින් මං මග් එක බැක්ප්පැක් එකට දාගත්තා.
“කෑම තියෙනවා යශෝධ. ඩෝන්ට් වොරි. බෙදාගන්න ලැබුණ එක සතුටක්.”
රිදුම් අතැර
“භානුක ධර්මරාජා…
නම ගම දන්නේ නෑ කිව්වනේ.
දැන් දැනගන්නවා.
මාත් එක්ක එකට එක කියලා
තමුන් කරගත්තේ ලොකු වැරැද්දක්.
අන්න ඒක විතරක් ඔළුවට දාගෙන
දැන් ඔහොම්ම ම ඇවිදගෙන ගෙදර යනවා.”
සුළඟට පවසමි
ප්‍රේමය ජාති, ආගම්, කුල ගෝත්‍ර පමණක් නොව සමාජ මට්ටම, උගත්කම වැනි මිනුම් දඬු පවා අභිබවා යා යුතු ගුණයක් විය යුතු යයි සිතමි. එහෙත් එවැනි සුවඳ හමන මානව සබඳතා මෙවැනි විප්‍රවකාර සමාජයක් තුළ දුලබය. එහෙයින් “ සුළඟට පවසමි ” ලියා තැබෙන්නේ එවැනි ගුණෝපේත හදවත් බිහිවීම සඳහා හැකි පමණ උත්‍තේජනයක් ලබාදෙනු පිණිසය.
ආල නුරා
ඔය කොයි දේකින්වත්
හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ
දොලේ උනත් වතුර ටික බොර උනාම
මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ.
හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම
බොර වෙච්චි දොල වගේ තමයි.
මොකක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම
බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා.
හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක්
වෙන දේවල් හිතෙන්නෙ නෑ
පැහැබර දවසක්
කිසිත් නොකී විමුත් සෙමෙන් පහත් වී
ඇගේ නළලත සිය දෙතොල් තැබුවේ යන්තමටය.
තත්පරයකදු එහි සිය දෙතොල් තබා නොසිටි විමුත්
නිහඬිවම රිය පණ ගන්වා ගත්තේය.
කුසුම්ගේ වැඩිමල් පුතුගේ නිවස අසලට පැමිණෙන තුරු
ඔවුන් අතර පැතිර ගියේ නිහඬියාවකි.