The Lion, the Witch and the Wardrobe
|
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය
මහාචාර්යතුමකු ගේ පැරණි නිවසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලුසී පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි.එය වනාහී සදාතන සීත සෘතුවක් රජකරන හිමෙන් වැසී ගිය දේශයකි.
බලගතු මායාකාරියක ගේ අණසකට යටපත් වූ දේශයකි. සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මජනක සත්ත්වයන් ජීවත් වන මායාවෙන් හා ඉන්ද්‍රජාල වලින් පිරුණු දේශයකි.
එය හඳුන්වනු ලබන්නේ නානියාව යනුවෙනි
එහි වසන සැමගේ ම බලාපොරොත්තු ඇස්ලන් නැමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා සදාතන සීත සෘතුවෙන් තම දේශීය ගලවා ගනු ලනු දැකීමය. එහෙත් ඒ සිදුවීමට මෙලොවින් ළමයින් සිව්දෙනෙකු නානියාව ට පැය තැබිය යුතුමය.
ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතීන් අතරින් ඉදිරියෙන්ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සිංහයා මායාකාරිය සහ ඇදුම් අල්මාරි ලොව කවර කොතැනක ජීවත් වුවද කවර බසක් කතා කළ ද ළමයින් හැමටම කියවා රස විඳිය හැකි නිර්මාණයකි.