නෝරා සහ කඩමලු පැදුර
Highlights:
“කඩමලු පැදුරේ කඩමලු පැදුරේ මා කියනා දෙස මා ගෙන යන්නේ”
රු490.00
කච කච සිමෝනා
Highlights:
ආ….. ඒක හුස්මට පොත කියෙව්වද? මම ආවෙ ඉතුරු ටික කියන්න කියල, සෙල්ලමත් බාගෙට නැවැත්තුව, හ්ම් අපරාදෙ… ඒ වුනාට තව කොච්චර කතා තියනවද මේ පොඩ්ඩයි නෙ තියෙන්නේ. මම ලිව්ව ලොකු විභාගයක්, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. හරි හරි කමක් නෑ එහෙනම් ඉතින් ඉතුරු ටික ඊළග පොත කියවලම හොයා ගන්නකෝ! මම යනව යන්න!
මම,
සිමෝනා
රු650.00
කතා කරන මහවැව
Highlights:
ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට, ඒ සමඟ ම බිහි ව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛණ්ඩ ව පණනල රැකගෙන ඒමට සමත් විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඒවායේ පරිමාණයේ ඇති සරල බව, සහ එම සරල බවට පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව පරිසරය සමඟ ඇති කරනෙ තිබූ සමෝධානයයි. කතා කරන මහවැව හඬනඟා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබැඳියාව පිළිබඳ කතන්දරයයි.
රු580.00
කථම් භූත
Highlights:
“තාත්තා කී සැරයක් ගෙටයි එළියටයි යනවද?” “අනේ මන්දා සේනක…”
“කවුරුහරි එනකං බලන් ඉන්නවා වගෙ පේන්නෙ”
ඔව්.මගෙ අම්මා කියන්නෙ ඉනේ පිහියකුත් තියෙනවා කියලා.”
“මොකක්… මොකටද පිහියක්?”
“දන්නෙ නෑ.ඊයෙ රෑ මගෙ අම්මා දැක්කලු තාත්තා
සීයගෙ තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවනවා”
“තාත්තට මොළේ නරක් වෞගෙන එනවත් ද?”
“අර …අර බලන්නකො …මං හිතන්නෙ දැන්මම නරක් වෙලා වගේ”
දුටු දෙයින් මගේ මුළු ශරීරයම සීතල වී ගියේය .
අපේ තාත්තා උඩු මහලේ සිට මිදුල දෙසට තුවක්කුව එල්ල කරගෙන සිටියේය. ඔහුගේ එල්ලය තිබුනේ මිදුලේ බංකුව දෙසටය. බංකුවේ හිඳ සිටිනු පෙනුනේ අපේ අම්මා ය. එතරම් දවස් කාමරය තුළටම වි සිටි අම්මා එළියට කැඳවාගෙන විත් තිබුණේ මාලිකාය. තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේ ය.
රු750.00