Product Tag: W .A .j. WANIGASEKARA

W .A .j. WANIGASEKARA

Showing all 10 results

Show:

ඇහැලේපොළ

Highlights:

ඇහැලේපොළ යන සරල ජනප්‍රිය නාමයෙන් හැඳින්වෙන මොහුගේ සම්පූර්ණ නම ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේය. මොහු පිළිබඳව එකිනෙකාගේ විවිධ තක්සේරු පවතී. සමහරු දේශ ද්‍රෝහියෙක් ලෙස ද තවෙකෙක් රාජ ද්‍රෝහියෙක් ලෙස ද එසේත් නැතිනම් අනෙකෙක් ජාති හිතෛෂි විරුවෙක් ලෙස ද වශයෙන් විවිධ අර්ථකථන දී තිබේ.

නිමාවිය ගමන අද මෙතනින්..

Highlights:

“කරන කලට පවු මීරිය මීසේ – විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”. එසේම දිට්ඨ ධම්මවේදනීය කර්මය ගැන ද දහමේ කියවෙයි. මේ හැමකෙකින්ම කියැවෙන්නේ කළකම් පලදීම ගැන ය. මෙම කතාවේ ප්‍රධාන චරිතය වූ ක්‍රිස්ටි සමරකෝන් හැමවිටම බලා ඇත්තේ යුක්තිය සාධාරණය නොව තම ආත්මලාභය සඳහා කවර අන්දමින් හෝ තම මඩිය පුරවා ගැනීම ය. බලය තරකර ගැනීම ය.

ඔහු ජීවිත කාලයක් එසේ කර පුරවාගත් මඩියත්, තරකරගත් බලයත් නිමේෂයෙන් වැනසී යයි. මේ කතාව තුළ ගම්‍ය වන්නේ එම යථාර්ථවාදී දහම් පණිවිඩයයි.

තරු දෙකක්

Highlights:

ඇටියාවල විජිත ධනංජය, කුලී වැඩ කර ජීවත් වූවෙක්. එතරම් උගතකු නොවූ ඔහුට කුලී වැඩ හැර වෙන රැකියාවක් සොයා ගත නො හැකි වුණේ වෙනත් රැකියා සඳහා ශිල්පීය දැනුමක් හෝ පුරුද්දක් හෝ නො තිබුණ හෙයින්. දිනපතා ම කුලී වැඩ නො ලැබුණ ඔහු බිරිඳ හා දරු දෙදෙනා ද සමඟ ජිවිකාව කළේ අග හිඟකම් මැද අපහසුවෙන්.

පිය පුතු වත (02)

Highlights:

“ස්වාමින් වහන්ස, බොහෝදෙනා ස්ථීර කොට කියනවා එබඳු සැඟ වූ ධනයක් ඇති බව. ඒ නිසා රජතුමා සමඟ හිතවත් ඔබ වහන්සේ ලවා එය දැන එය ලබා ගෙන තව තවත් රටේ වැඩ කරන්නට මා අදහස් කරන්නේ”
“හොඳමයි රජතුමනි එය දැන ගැනීමට මා උත්සහ කරන්නම්”

රාජසිංහ කාලාවතරණය

Highlights:

“මහ රජතුමනි, කුවන්නාව විජය හා එක්වීමෙන් පසු ඇයගේ විශ්මිත බලය හා හැකියාව අතුරුදහන් වුණා විය හැකි නේද? මොකද විජයට අහුවීමෙන් පසු ඇය ඔහුගේ වහලියක් බවට පත් වූ බවයි පෙනෙන්නෙ.”

පිය පුතු වත

Highlights:

අතීත ලංකා ඉතිහාසයේ පැතිකඩක් මුල් කර ගෙන ලියැවුණ මෙම කතාවේ එන චරිත කීපයකි. ඉන් ප්‍රධාන වන්නේ කාවන්තිස්ස, විහාර මහා දේවිය, ගැමුණු හා තිස්ස චරිත ය. ඉනුත් සුවිශේෂ වන්නේ ගැමුණු කුමරුවන්ගේ චරිතයයි. මෙම චරිතය තුළින් රාජ්‍ය පාලනයේ දී ඉටු කිරීමට සිදු වන කැප කිරීම් කවරේ දැයි මනාවට එළිදැක්වෙයි.එසේම පාලකයන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග ද අවස්ථානුකූලව ඉදිරිපත් කෙරෙයි. එම අභියෝග ජය ගැනීමට පිය කාවන්තිස්ස රජුත්, මවු විහාර මහා දේවියත් කළ කැප කිරීම්, දැරූ උත්සහයන්, ඇති වූ ගැටලු ආදියත් මෙහි දැක්වෙයි.

සිංහල ව්‍යාකරණ – 2

Highlights:
  1. අපේ හෝඩිය
  2. පද
  3. ක්‍රියා පද
  4. නිපාත පද
  5. වාක්‍ය තැනීම කර්තෘකාරක හා කර්මකාරක වාක්‍ය
  6. උපසර්ග
  7. සමානාර්ථ පද
  8. විරෝධාර්ථ පද …

වලව්වක ඉලව්වක්

Highlights:

“මොන බොරු ද පුතේ උඹ මට නිකන් කෝචොක් කතා කියනවා. හාමු මහ රැස්පොට් කාරයා, මෙහෙ ඉන්නැද්දි. දැන් කොළඹ ගිහින් ඊටත් වැඩි ඇති.”

“එහෙම තමා ආච්චි කලින් කලට මිනිස්සු වෙනස් වෙනවා. හාමුගෙ වලව්වත් දැන් මගේ. ළඟදීම හාමුගෙ ලස්සන කුලවන්ත දෙවැනි දුව මගේ බිරිඳ වෙනවා.”

ගිරි දුර්ග අතරින්

Highlights:

“දැන් දුව කල්ප ළමය තීන්දු කරලා තියෙන එකේ ඒ ළමය ආපුහාම ටිකක් කතාබහ කරල දෙන්න ඇඳින ගන්න. මඟ ඇරලා පැත්තට වෙලා ඉන්න එපා. අපි වැඩිකල් නෑර මේ මංගල්ලෙත් කරනවා” මව දියණියට උපදෙස් දුන්නා ය.

“එයා එන්නෙ මාවම බලන්න නෙමෙයිනෙ. තමන්ගෙ නංගිව බලන්නනෙ” කියා මල්ෂා ලිස්සා යයි.

අපේ උරුමය

Highlights:

උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.

මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping