Product Tag: Wajira Kasthuri

Wajira Kasthuri

Showing all 3 results

Show:

නිදිකුම්බා මල් කැකුළී

Highlights:

“මම දන්නෙ නැහැ ඉන්දු..ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි… තමන් ජීවිතෙන් ඉල්ලන දේ මිසක්, ජීවිතය දෙන දේ ගන්නෙ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි..”

සයුරි අක්කා එහෙම කිව්වහම ඇත්තටම මට ඉවසුම් නැතිව ගියා.අක්කෙ මම අක්ක එක්ක කට ගහනව නෙමෙයි..

කුඹුරුගමුවේ වජිර ස්වාමින්ද්‍ර ප්‍රත්‍යවලෝකන

Highlights:
අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත, මහාචාර්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාම්න්ද්‍ර ප්‍රත්‍යවලෝකන ග්‍රන්ථය සිංහල භාෂා සාහිත්‍යය ප්‍රදානය කෙරෙන නව මාදිලියේ සාහිත්‍ය නිර්මාණයකි. සම්භාවිත පුද්ගල චරිත හා ආයතනයක් පදනම් කොටගෙන දශක හත අටක කාල පරාසයක් තුළ දේශයක සිදු වූ සමාජ, ආර්ථක , දේශපාලන හා සංස්කෘතික විපරිනාමය විචාරාත්මක විවරණයකට යොමු කළ අයුරු මෙම කෘතිය මගින් දැක බලාගත හැක.

පඬුරු බඳින ගස්

Highlights:

මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping