Product Tag: WES WALAGATH PASAL DARIYA

WES WALAGATH PASAL DARIYA

Showing the single result

Show:

වෙස් වළාගත් පාසල් දැරිය – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 09

Highlights:

“මේකෙ ජායාරූපයකුත් තියෙනවා….” පුවත්පත ඔවුන්ගේ
දෙසට හරවමින් ඇගේ පියා පැවසුවා.”

ඒක ඒ තරම් පැහැදිලි නැහැ… ඒත් ඇගේ පාසල් නිල
ඇඳුම බලා ගන්න පුළුවන්…” පීටර් හා ජෙනට් පුවත්
පතේ තිබූ ඡායාරූපය දෙස හොඳින් බැලුවා. ඡායාරූපයේ සිටි
ගැහැනු ළමයා සිනහවකින් සැරසී ගත් මුහුණ වටා හිසකෙස්
සහිත අයෙක් බව ඔවුන්ට පෙනුණා. ඇය පෙනුමෙන් යහපත්
අයෙක් බව ඔවුන් හිතුවා.

ජෙනට්ට සිතුණේ ඇය සැබවින්ම මුදල් සොරකම් කළ පලා යාමට
නොහැකි බවයි. ඇය ඇගේ පියා වෙතට හැරුණා.

“එයාගෙ ආච්චි ජීවත් වෙන්නෙ බෙලින්ග් ගමේ කොහේද…? ”

“ඒ ගැන තියෙනව ද බලමු… නැවතත් පුවත්පත අතට
ගනිමින් ඇගේ පියා පැවසුවා.”

” ඔයාලාට මේ පත්තරය කියවලා උවමනා කරන තොරතුරු ගොඩක්
හොයා ගන්න පුළුවන්. ළමයා එයාගෙ ආච්චි ළඟට ගියා නම් දැනටමත්
එයාව හොයාගෙන. ඒත් එයා ඒ ළඟම කොහේ හරි හැංගිලා ඇති.
ඔයාලට පුළුවන් එයාව හොයා ගන්න.”

ඔව් අපිට පුළුවන්..” පීටර් කිව්වා.

සප්ත සුමිතුරන්ට කාලෙකින් වැදගත් දෙයක් කරන්න ලැබුණෙ නැහැ.
අපි හෙටම රැස්වීමක් කැඳවනවා. හෙට සෙනසුරාදාවක් වුණ එකත්
හොඳයි…. එදින සවස ජෙනට් පසුදින පැවැත්වෙන රැස්වීම පිළිබඳව
දන්වන්නට සප්ත සුමිතුරන් සියලු දෙනාටම සටහන් ලිව්වා. හැම
ලිපියකින්ම කියවුණේ එකම දෙයක්.

“ආදරණීය සප්ත සුමිතුර.

හෙට උදේ (සෙනසුරාදා) දහයට මඩුවේ දී රැස්වීමක් පවත්වනු ලැබේ.
ඔබේ ලාංඡන පැළඳගෙන රහස් වචනය මතක තබාගෙන පැමිණෙන්න.”

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
13 Cart
Close

My Cart