සිරිමෙවන් සේනක විසින් විරචිත මෙම ග්රන්ථය අපේ සමීප යටගියාවේ විසු එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක මහයතිවරුන්ගේ වතගොත සැකෙවින් පාඨකයාට පමුණුවන කාලෝචිත ග්රන්ථයකි.19 වන සහ 20 වන සියවස්හි වැඩ විසු ශ්රී ලාංකික සංඝපීතෘවරුන් ගැන ලියවෙන පොත් පෙළක පළමුවැන්න මෙය වේ.