Product Tag: ලසිත රවීන් උමගිලිය

ලසිත රවීන් උමගිලිය

Showing all 29 results

Show:
10% DISCOUNTSold Out

මිනී තුනයි පෙට්ටි දෙකයි

Highlights:

අතුරුදන් වූ මල් ශාලා හිමියෙක් !

ඔහුගේ අතුරුදන් වීමත් සමග ඇරඹෙන

අභිරහස් සිදුවිම් මාලාවක්.

රු517.50
10% DISCOUNTSold Out

504

Highlights:

අපරාධකරුවකුගේ වසර ගණනක

සැලසුම් සියල්ල විනාශ වන්නේ එක්

මුග්ධ සිතුවිල්ලක් හේතුවෙන්ද? සුරූපී

යුවතියගේ ඝාතනය සිදුවන්නේ කුමන

අරමුණකින්ද?

රු603.00
10% DISCOUNTSold Out

බෙල්ල කපාපු හන්දිය

Highlights:

සියල්ල සිදුවන්නේ

ලොව නිදි ගත් අදුරු නිසල රාත්‍රියේදීය.

මෙම අද්භූත බිහිසුණු දාම ඝාතකයා ගේ

මෙම ක්‍රියාවලියේ සැබෑ අරමුණ කුමක්ද ?

රු517.50
10% DISCOUNTSold Out

නැව්තොටේ ඝාතනය

Highlights:

ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළුණු රාත්‍රියක නැව්තොටක් අසල දී ඝාතනයට ලක්වන ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහුගේ දේපළ සූක්ෂම අයුරින් කොල්ලකෑමට උත්සාහ ගන්නා රූමත් තරුණියක් ඇතුළු කණ්ඩායමක්, ගොත ගසන බිෂොප්වරයෙක්. මේ උභතෝකෝටික ගැටලුවට මැදිවන අසරණ කාන්තාව මෙම මර උගුලෙන් ගලවා ගැනීමට නීතිඥ පෙරී මේසන්ට හැකිවේද?

රු765.00
10% DISCOUNT

අබිරහස් සලකුණ

Highlights:

මෙතෙක් කිසිදු සිතියමකට ඇතුළත් නොවූ,
නිවැරදි පිහිටීම සොයගතන නොහැකි,
අත්ලන්තික් සයුරේ හුදකලාව පිහිටි කොදෙව්වක් වන
වොල්ගා දුපත බිහිසුණු අන්තරායන්ගෙන් පිරි ස්ථානයක්
බව ඔවුන් වටහා ගන්නා විට සියල්ල සිදුවී අවසන්ය.
ජීවිතයත් මරණයත් අතර සටනකින් ජයගෙන
දූපතෙන් පලායන තරුණයින්ට
ඉන්පසු අත්වන ඉරණම කුමක්ද?
මේ එම ත්‍රාසජනක කතා පුවතය.

රු801.00
10% DISCOUNTSold Out

ප්‍රභූ මැදුරේ මිනීමැරුම

Highlights:

මෙවර පෙරී මේසන් කරා
පැමිණෙන්නේ සුනඛයෙකු ගේ
උඩුබුරුලෑමෙන් මානසික
පීඩාවට පත් සේවාදායකයෙකි!
අබිරහස් හැසිරීම් රටාවක්
පෙන්වන සුනඛයකු සහ
ගුප්ත චරිත ස්වභාවයක් ඇති
මිනිසෙකු අතරට මැදිවන
පෙරී මේසන් හමුවට පැමිණෙන
අභියෝගය කුමක් ද?
මේ එම ත්‍රාසජනක කතා පුවතයි.

රු855.00
10% DISCOUNTSold Out

කාපීතියානු දඩබිම

Highlights:

මේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුනේ ප්‍රධාන ද්වාරය අසල නිශ්චල රැඳී සිටි දම් පැහැති අලංකාර ගවුමකින් හුන්, මනස කළඹවලන ආකාරයේ අතිශය ශෝභාසම්පන්න යුවතියකගේ රුව ය…!

රු585.00
10% DISCOUNTSold Out

බියකරු අනංගයා

Highlights:

ජීවිත රක්ෂණ වන්දි මුදල ලබා ගැනීමේ අරමුණෙන් සිය ස්වාමිපුරුෂයාට වස දී ඝාතනය කිරීමේ චෝදනාව සැල්මා ඇන්සන් හට එල්ල වනුයේ අවාසනාවන්ත අයුරිනි. එමෙන්ම ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු ඇය ඔහුගේ මිතුරකු වන කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ පෙමින් බැඳීම එම චෝදනාවේ ප්‍රභලතාව වඩාත් තීව්‍ර කිරීමට හේතු වෙයි. ඇය නීතිඥ පෙරී මේසන් හමුවීමට පැමිණෙන්නේ සියලු අපේක්ෂාවන් සුන්වීමෙන් අනතුරුවය. මෙම අසරණ කාන්තාවට එල්ල වන එම අභූත චෝදනාවන්ගෙන් ඇය මුදා ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා ඇතුළු කණ්ඩායමට හැකි වේද?

රු891.00
10% DISCOUNTSold Out

ස්වර්ණමය නගරය

Highlights:

“ස්වර්ණමය නගරය” නම් වූ මෙම කෘතිය ඔබ අතට පත්වන්නේ ” බිහිසුණු වන මැද ” පොත් පෙළේ තෙවැන්න ලෙසයි. ත්‍රාසජනක වීර වික්‍රමාන්විත කතා සමඟ කවදත් අත්වැල් බැඳගෙන සිටින නව යොවුන් පාඨකයින් හට මෙය තවත් එක් අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමාන ය.

එම කුටිය දිගින් අඩි තිහක් පමණ වූ අතර පළල අඩි දහයකට වැඩි නොවීය. එහි එක් පසෙක වූයේ ස්වර්ණමය ප්‍රතිමා සමූහයකි. ඒවායින් සමහරක් දෙවිවරුන්ගේ යැයි පැවසිය හැකිය. තවත් ප්‍රතිමා කිහිපයක් දිව්‍යාංගනාවන්ගේ යැයි මට සිතිණි!

“…මේ සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රතිමා! සැකයක් නැහැ, මේ අපේ පෞරාණික ඉන්කා රාජධානියේ එක්තරා යුගයකට අයත් වැළලී ගිය නගරයක්!”

කුටිය තුළ පැවති වස්තු සම්භාරය දෙස මැතිව් බලා සිටියේ තුෂ්ණිම්භූතවය. අපි තිදෙනා ගොලු වී අප ඉදිරියේ වූ මහානර්ඝ වස්තු සම්භාරය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. මේ එම අපූර්ව ස්වර්ණමය නගරය පිළිබඳ කතා පුවතයි.

රු801.00
10% DISCOUNTSold Out

කොල්රිජ් ශාපය

Highlights:

මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි .ඇගේ මුහුණේ රැඳී තිබුණේ පමණ ඉක්මවූ සුදුමැලි බවකි. එහෙයින් රත් පැහැ දෙඅදර වඩාත් කැපී පෙණිනි. ඇය සෘජුව බලා සිටියේ ජෝන් කැල්වින් තරුණයා දෙසය.

…..මෙය තාත්වික ලෝකයේ සීමා මායිම් ඉක්මවා ගිය කිසියම් බිහිසුණු මනෝමය දර්ශණයක් දැයි ඔහුටසැක සිතිණි. ඒ ඇසිල්ලෙහිම ඔහු අදිසි හස්තයකින් ඈතට තල්ලුකර දැමුවාක් මෙන් පසෙකට ඇද වැටුණේ ය. තමා සිය ග්‍රහණයට නතු කරගත් විශාල මිනිස් රුව මේ වන විට අතුරුදහන්ව ඇති බවත් ගිනි උදුන අසළ සිටි සුදු වතින් සැරසුනු යුවතිය ගේ දෙනෙත් පුළුල් වී කෝපාග්නියෙන් දැවී යමින් තිබෙන බවත් ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය.

රු765.00
10% DISCOUNT

ගුප්ත සුරපුරය

Highlights:

අද්භූත සිදුවීම්වලින් පිරි එම ගුප්ත පුරවරය තුළ ඩිදුවිය නොහැක්කේ කුමක් ද? තාත්වික ලොවෙහි දි කිසිසේත් සිදුවිය නොහැකි යැයි ඔබ සිතනා බොහෝ දේ එහිදී ඔබට සජීවීව දැක බලා ගන්නට හැකිවෙනු ඇත!

එම කෲර රැජිණත් ඇය වටා සරණ මායාකරුවන් පිරිසත් අභිබවා යා හැක්කේ කාට ද?

රු801.00
10% DISCOUNT

බිහිසුණු වන මැද

Highlights:

බිහිසුණු ගෙරවුම් හඬක් සමඟින් ඝනව වැඩුණු පඳුරට ඉහළින් ක්ලෙවර් වෙත කඩා පැන්නේ දැවැන්ත ව්‍යාඝ්‍ර යෙකි….. මරණ බිය ඔහුගේ මුහුණෙන් පිළිඹිබු වනු ප්‍රථමවරට මාගේ නෙත් ඉදිරියේ දෘශ්‍යමාන විය.

“අවදානම්! බොහොම අවදානම්! ඒ දිය පාරට යන්න වෙන්නෙ ම්ලේච්ඡ කුකුමා ගෝත්‍රිකයන්ගෙ ගම්මානයක් අසලින්. ඒක මඟහැරලා එතනට ළඟා වෙන්න පුළුවන් ක්‍රමයක් මම දන්නෑ!…..”

රු711.00
10% DISCOUNTSold Out

කර්මක්ෂය

Highlights:

“විමුකති ලැබීම සඳහා කර්මක්ෂය කළ යුතු නැත. කර්ම ඉතිරි වුවද තෘෂ්ණා ක්ෂය කිරීම තුළින් විමුක්තිය ලද හැකිය.

– බුදුරජාණන් වහන්සේ –

රු1,080.00
10% DISCOUNTSold Out

මණි මේඛලා හෙවත් මායා බන්ධනය

Highlights:

මම සැලෙන හදින් යුතුව එම ස්වර්ණමය කුටිය ඇතුළු වීමි. කුටිය තුළ දල්වා තිබූ විලක්කුවල ආලෝකය වැටී බිත්ති සරසා තිබූ රන්පත් දිදුළමින් පැවතියේ ය. ඒවායින් නික්මුණු කාන්තියෙන් මාගේ දෙනෙත නිලංකාරව යන්නාක් මෙන් දැනිණි.

රු360.00
10% DISCOUNTSold Out

සැඟවුණු අද්භූත කතා – මරණ තුනක් සහ තවත් අද්භූත කතා

Highlights:

…මා හිඳගෙන උන් ගල් තලාවට මඳක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි. රන්වන් පැහැ කෙස් කළඹකින් යුත් ඇය මට පිටු පා වෙරළට වී රළ පෙළ දෙස බලා සිටියා ය. ඈතින් ඇදී ආ වේගවත් රළ පහරක් වෙරළ සිප විත් ඇගේ ඇත් දළ පැහැ ගත් සියුමැලි දෙපා ද තෙමාලීය.

රු855.00
10% DISCOUNTSold Out

අවසන් සටන

Highlights:

ඈතින් ඇදී ආ ඊයක් අප දෙදෙනා අතර පතිත් වූවේ අප තව තවත් භීතියට පත් කරමිනි… මිහිමත පතිත වූ ඊයෙන් එක්වර ම ගිනි ජාලාවක් අහසට පැන නැඟුණේ දසත ආලෝකවත් කරමිනි. අප මේ දකින්නේ මායාවක්ද? නොඑසේ නම් සැබෑ ගිනි ජාලාවක්ද?

“ඇලෙක්!” මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.

රු360.00
10% DISCOUNTSold Out

මාරක උණ්ඩය

Highlights:

යොට් යාත්‍රාවක් තුළ සිදුවූ අබිරහස් ඝාතනයක්. අහිංසක යුවතියක් පසුපස හඹා එන කප්පම්කරුවන් පිරිසක්, තම සුරූපී බිරිඳට එල්ලවන මිනීමැරුම් චෝදනාවෙන් ඇය මුදාගැනීමට වැර දරන ධනවත් ව්‍යාපාරිකයෙක්, සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතාට මෙම සංකීර්ණ ගැටළු විසඳා ඇය එම චෝදනාවෙන් මුදා ගැනීමට හැකිවේ ද?.

රු855.00
10% DISCOUNTSold Out

භීෂණයේ හෝරාව

Highlights:

“…මම දැන් ඔබගේ මනෝමය කාය ඔබේ භෞතික සිරුරෙන් වෙන් කර මේ අවකාශයට මුදා හරිනවා… ඉන්පසුව ඔබ කළ යුත්තේ…”

මෙම බිහිසුණු මිනිසාගේ ග්‍රහණයට නතුවන සිය පෙම්වතිය මුදා ගැනීමට රොජර් ඇට්කින්සන් හට හැකිවේද?

රු855.00
10% DISCOUNT

ලෝහිත හාදුව

Highlights:

“මගේ පුංචි යක්ෂ කෙල්ල. ඔබ මොනවාද මෙහේ කරන්නෙ? මම කිව්වනෙ අපි දෙන්නටම හරියන්න මම බොන්නම් කියල…” “මොහොතක් ගත් වුණා. ඔහු ආපසු ගිහින් පුටුවේ ඉඳගත්තා. මම ඔහු ළඟට ගිහින් නළලට හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක්…”

රු405.00
10% DISCOUNTSold Out

ශාපලත් උරුමය

Highlights:

අවස්ථාවාදී ඥාතීන් පිරිසක්ගේ කුමන්ත්‍රණයකට හසුවන ඩැෆනි ෂැල්බි යුවතිය හට සිය මහප්පාගෙන් උරුම වීමට තිබූ සියලු දේපළ අහිමි වන්නේ ඉතා අවාසනාවන්ත අයුරිනි. කිසිත් හව්හරණයක් නොමැතිව වල්මත් වන ඇය මිනීමැරීමේ චෝදනාවකට හසුවන්නේ නොසිතූ විරූ අයුරිනි.

රු855.00
10% DISCOUNTSold Out

බියපත් උරුමකරුවෝ

Highlights:

ලොරේටා ට්‍රෙන්ට් මහත්මිය විශාල දේපළකට හිමිකම් කී වංශවත් වැන්දඹුවකි. නීතිඥවරයකුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ බැක්ස්ටර් යුවතිය හට හිටි හැටියේ එල්ලවන මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවක් හමුවේ ඇය අසරණ වන්නීය. එම චෝදනාවෙන් ඇය මුදා ගැනීමට පෙරී මේසන් සමත් වුවද ඉන් පසු ලොරේටා ට්‍රෙන්ට් නම් ධනවත් වැන්දඹුවගේ ඝාතනය සම්බන්ධව ඇයට චෝදනා එල්ල වන්නේ පැහැදිලි සාක්ෂි මතය.

රු855.00
10% DISCOUNTSold Out

සිංහයන්ට මැදිව

Highlights:

සිය පෙම්වතිය සතුරන්ගෙන් මුදා ගැනීම සඳහා බිහිසුණු වනසතුන්ගෙන් සහ ම්ලේච්ඡ ස්වදේශිකයන්ගෙන් ගහණ බිහිසුණු අප්‍රිකානු වනාන්තර තුළ අභීතව සටන් වදින තරුණයෙක්!

“…මැතිව් දැන් අපිට සමුගන්න වෙලාව ඇවිත්. මගේ ඇස් දෙක ගණ අන්ධකාරයකින් වැහීගෙන යන බව මට දැනෙනවා….

රු801.00
10% DISCOUNTSold Out

ඩූ or ඩයි

Highlights:

කුරියර් සේවාවක් හරහා තරුණියකට
ලැබෙන අසාමාන්‍ය ගණයේ පාර්සලයක්!

අතුරුදන් වන ව්‍යාපාරිකයෙක්!

අති සුක්ෂ්ම අපරාධකරුවකු පසුසප
හඹා යන අභීත නිලධාරියෙක්!

රු855.00
10% DISCOUNT

සමුගැනීමක් නොවේ

Highlights:

ඓතිහාසික ශිලා ස්මාරක පිහිටි භූමියෙහි වැටි තිබී හමු වු
වෙඩි වැදුණු තරුණයින් දෙදෙනෙකුගේ සිරුර කෝන්වෝල්හි
පිහිටි මුලික රෝහලක් කරා රැගෙන එන විට වේලාව රාත්‍රි
නවයට ආසන්න ව පවතින්නට ඇත.ඔවුන් රෝහල කරා රැ
ගෙන විත් තිබුණේ එම ප්‍රදේශයේ ගොවිතැනෙහි නියතුව සිටි
ඩේමියන් නම් තැනැත්තෙකු විසිනි. නොපමාව ඔවුන්ට වෛද්‍ය
ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ ද ඉන් එක් අයෙක් රෝහලට
රැගෙන එන විට ද ජීවතුන් අතර නොසිටියේ ය. වෛද්‍යවරුන්ගේ
කැපවීම හේතුවෙන් අනෙක් තැනැත්තාගේ දිවි රැක ගැනීමට
හැකියාව ලැබිණි.

කෙසේ වෙතත් පොලීසියට මෙය ප්‍රහේලිකාවක් විණි. වෙඩි
තැබුවේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක්
මෙතෙක් ඔවුන්ට නොලැබිණි. එහෙයින් ප්‍රකාශයක් සටහන්
කර ගැනීමට තුවාලකරුට සිහිය ලැබෙනතුරු සිටීමට පොලීසියට
සිදු විය. එකී අවස්ථාව එළඹුණේ තවත් හෝරා තුනකට
පමණ පසුව ය.

රු711.00
10% DISCOUNTSold Out

සුසිනිඳු දෑත

Highlights:

නීතීඥ පෙරී මේසන් චරිතය පළමු
වරට හමුවන්නේ 1933 වර්ෂයේදී
අර්ල් ස්ටැන්ලි ගාඩ්න්ර් මහතා අතින්
නිර්මාණය වු මෙම කෘතිය තුළිනි.
ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයක්
සහ චපල බිරිඳක් වටා ගෙතී ඇති
මෙම ත්‍රාසජනක නවකතාව තුළින්
ගාඩිනර් සිය ප්‍රතිභාව මැනවින්
ලොවට පෙන්නුම් කරයි.

රු765.00
10% DISCOUNTSold Out

පිශාච බලකොටුව

Highlights:

අයිරිෂ් ජාතික බ්රෑම් ස්ටෝකර් මහතා 1897 වර්ෂයේ  දී රචනා කරන ලද  ලොව අතිශය බිහිසුණු නවකතාව ලෙස අවිවාදයෙන් සියලු  විචාරකයින් පිළිගනු ලබන ඩ්රැකියුලා නවකතාව අවසානයේ එතුමා එහි තවත් දිගුවකට මංපෙත් විවර කර තිබූ බව ඔබ දැන සිටියාද? ඒ මෙහි දෙවැනි අනුබද්ධය යි …

රු1,260.00
10% DISCOUNTSold Out

මරණ වරෙන්තුව THE DEATH WARRANT

Highlights:

රහස් සංකේත ක්‍රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස හඹා යන රහස් පරික්ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරූ දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක්‍රියාත්මක කරන්වුන් සතු බුදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද?

රු711.00
10% DISCOUNTSold Out

ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම Murder At The Anderson Road

Highlights:

දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද? දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු වන්නේ ද? දේශපාලනය නැමති පොතේ පාතාලය නම් පරිච්ජේදයට හිමිවන්නේ කුමන ස්ථානයක් ද? වඩාත් භයානක පාතලයේ යමපල්ලන් ද නොඑසේ නම් දේශපාලනඥයින් ද?

රු405.00
10% DISCOUNTSold Out

CURSE OF MANAMPITIYA මනම්පිටියේ භීෂණය

Highlights:

අභිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් !  එය ගන  මුකලානක් මැදින් වැටී තිබු ගුරු පරකි. දෙපස පිහිටි දැවැන්ත තුරු ලතාවන්ගෙන්ගේ ආවරණය හේතුවෙන් දිවා කල වුවද එහි පැවතියේ මඳ අදුරු වනාන්තරය තුළ සැඟව ඇති අබිරහස කුමක්ද?

රු585.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping