සන්තාන සිත්තම්
“ඔව් දෙව්… මටත් ඕන ඒ වගේ ආදරයක්… ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”
“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්… මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්… ඒත් මට සැකයි… ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”
දෙනෙත් – තුමායා
“හොඳයි අප්පච්චී… ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්… මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන… ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.
බිඟුන් – පවීන්
උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ… උඹ මොකද්ද මට කිව්වේ… උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද…. තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි… දෑවැද්දට බඩත් එක්කම” “මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි… මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ… එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා ”
බැසිල් – ගර්ලි
තරු දෙව්ලි
“ඒ කෙල්ලගේ අම්මා තාත්තා තව ජීවත්ව ඉන්නවා… මාත් මැරුණේ නැහැ.. මතක තියා ගනින්.. උඹ ඒ කෙල්ලව රවට්ට ගත්තත්… උඹට ඕන විදිහට පාවිච්චි කරලා ඒ විදිහට ප්රයෝජන ගන්න නම් බැරි වෙයි… පුළුවන් නම් උත්සහ කරපන්… මම කොහෙත්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ” ඔහු කෝපයෙන් වෙව්ලමින් කෑගැසුවේය.
රාධා
“මම මේ විදහට අදින්න ආසයි.. මගේ ජාතිය ගැන මට තියන අභිමානය නැති කර ගන්න මම කැමති නැහැ.”
” අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා.”
“මම දන්නවා ඔයා මම මේ විදිහට අදිනවට කැමැති නැහැ කියලා.. මම දෙමළ කෙල්ලක්.. මගේ ඇගේ දුවන්නේ දෙමළ මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි ලේ.. මම.. මනෝරත්නම් මීනක්ෂි ශ්රී රාධා.. මම සිංහල විදිහට ඇන්දා කියලා මගේ උපත වෙනස් කරන්න බැහැ නේනූ”
“හරි ..කටවහ ගන්නවා” මීනක්ෂි නිහඩ වූවාය.
නිවසට යන තෙක්ම ඔවුන් ගියේ නිහඩවයි. වාහනය නැවතූ නෙත්නු වාහනයෙන් බැස මීනක්ෂි වෙතට ආවේය.
” ඊයේ ජාති දෙකක් කලවම් වුණා.. සිංහල කොල්ලෙකුයි… දෙමළ කෙල්ලෙකුයි.. මම දූල්වල ආරච්චිලාගේ නෙත්නු පහන්සිළු දූල්වලාඅරච්චි.. මගේ ලෙයින් උපතක් සිද්ධ වුණොත් ඔයාගේ බඩ දෙමළ කෙල්ලක්ගේ බඩක් කියලා ඒ උපත නැවතෙන්නෙත් නැහ මීනූ..”ආවේගයෙන් පැවසු නෙත්නු නිවසට ගියේය..
දෛව ප්රාර්ථනා
“ගිහියෙක් විදින රස වින්දනය චීවරදාරියෙක් විදින්න උත්සහ කරන එක
සුදුසු නැහැ… ආසාව නැති කර ගන්නනේ අත් හැරීමට පුරුදු කර ගන්නේ…
ඒත් ඉතින් මැදහත් සිතින් දෙයක් වැළදගත්තට ඒක වරදක් නෙවෙයි”
“එහෙමයි හාමුදුරුවනේ”
“දවසක් මම ඒක අරගෙන පොඩ්ඩක් කියවලා බැලුවා මොකද්ද මේක කියලා
බලන්න හිතාගෙන”ලොකු හාමුදුරුවෝ හැරී ඉදිරියට යමින් කීවෝය.
“මළා.. ලොකු හාමුදුරුවෝ ලව්සීන් ඔක්කොම බැලුවවත්ද”
විදුන රහසින් ඇසුවේය. ගගනට දැනුනේ ලැජ්ජාවකි.
එහෙත්… එය ප්රබන්ධනයකි. හැම රසයක්ම එහි ඇතුළත් තරමට ප්රබන්ධයක්
සාර්ථකය. වදන් ගොතන්නේ යම් යම් පුද්ගල හැසිරීම් රටා මවමිනි. ඒවා තාත්වික
විය යුතුය.. ගගන උන්වහන්සේ පසුපස යමින් සිතුවේය.
” ඇහුනේ නැද්ද මම කියපු එක” විදුන නැවත ඇසුවේය.
“ඇහුනා.. හාමුදුරුවෝ නෙවෙයිනේ නවකතාවේ ලව් කරන්නේ අහස් මන්තීට…
උන්නාන්සේ ඒක කියෙව්වාට ඒක බදා ගන්න එකක් නැහැ උඹලා වගේ”
“අපිත් ඉතින් ඔය පොත් වල තියන විදිහට ලවි කරන්නේ නැහැ….
අපිට ආවේණික විදිහට ඒක කරනවා මිසක්”
“කරන්නේ නැහැ නෙවෙයි එහෙම කරන්න බැහැ…
ඒ තරම් ආදරයක් උඹලාගේ හිත් වලට ඇතුළු කර ගන්න බැහැ…