Product Tag: වසවර්තියෙක් ද නොවීම්

වසවර්තියෙක් ද නොවීම්

Showing the single result

Show:

වසවර්තියෙක් ද නොවීම්

Highlights:
දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව, අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම්, මිථ්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත් වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී. නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්වවිද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂණය වී ගැමි බුද්ධිමතකු බවට පත් වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේද නායකයෙකු බවට පත් වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව, තම ජීවිතයෙන් සන්තෘප්තියක් ලැබූවකු පිළිබඳ පුවතකි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
11 Cart
Close

My Cart