Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-2894-2 |
Language | Sinhala |
Pages | 212 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මගහැරුණු දූපත්
රු750.00 රු675.00
Price Summary
- රු750.00
- රු675.00
- 10%
- රු675.00
- Overall you save රු75.00 (10%) on this product
වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත්‍රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මදක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණු වලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පු වල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ සෘජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා, කණුව මත හුන් වී රුව විසින් මුද්‍රා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මුදු සුළඟට හසුව සමනල රෑනක් සේ දස අත පියාඹන හැටි ඔහු දුටුවා. අවට පැතිරි තිබූ ගන්ධබ්බ වළියෙන් ඒ පියාඹන දේවල් කඩදාසි යයි තහවුරු කර ගන්න ඔහුට පුළුවන් උනා. ඒත් ඒ සිතිවිල්ලට බාධා පැමිනුණේ කණුව උඩ සිටි රුව අනපේක්ෂිතව එකවරම පහළට පනිනවා දැකීමෙන්.
Notify me when item is back in stock.
Be the first to review “මගහැරුණු දූපත්” Cancel reply
Related Products
ඔහුගේ කතාව – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ සයිමන් නවගත්තේගම මහතාගේ ‘ඔහුගේ කතාව’ නම් කෙටි කතා සංග්‍රහයයි.
අවසාන පැය
කෘතියේ පෙළගැස්ම
- අවසාන පැය
- බාප්පාගේ මරණය
- ඩයස් මහත්තයා
- ජයසේනගේ බලාපොරොත්තුව
- නාගයා
- ආච්චිගේ උදව්ව
- පන්සලේ කපු මහත්තයා….යනාදි කෙටිකතා 16 කින් සමන්විත වේ.
වියන් ඇඳ
ප්‍රවීණ ලේඛිකා දයා ද අල්විස් විසින් කලකට පෙර නිර්මාණය කරන ලද මෙම කෙටිකතා එකතුව නව මුද්‍රණයක් ලෙස යළිත් මෙසේ ප්‍රකාශයට පත් ව තිබේ. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ජීවන හැලහැප්පීම් කෙටිකතා ඇසුරින් සංවාදයට ලක් කෙරෙන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි ය.
බඩගින්න – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඒ. නන්දසිරි මහතාගේ ‘බඩගින්න’ නම් කෙටි කතා සංග්‍රහයයි.
පාප ක්‍රිස්ටි
මට තේරුනා මං කරපු පව් වල තරම.
ස්වාමි ගැඹුරු හුස්මක් අරං පහල
දැම්මෙ හරියට අනේ මේ වගේ.
පව්කාරයෙක් කියන්නා වගේ.
ස්වාමි බලන් ඉන්නවා,
තව මොනවද උඹ කරපු පව්
කියලා අහන්නා වගේ.
මං පඩයක් අතට අරං
ඉඹලා බැලුවා කිව්වා.
ඒක පාපයක්.
ලමයෙක් කවදාවත් කරන්ඩ
හිතන්නවත් හොඳ නැති.
කච කච සිමෝනා
ආ….. ඒක හුස්මට පොත කියෙව්වද? මම ආවෙ ඉතුරු ටික කියන්න කියල, සෙල්ලමත් බාගෙට නැවැත්තුව, හ්ම් අපරාදෙ… ඒ වුනාට තව කොච්චර කතා තියනවද මේ පොඩ්ඩයි නෙ තියෙන්නේ. මම ලිව්ව ලොකු විභාගයක්, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. හරි හරි කමක් නෑ එහෙනම් ඉතින් ඉතුරු ටික ඊළග පොත කියවලම හොයා ගන්නකෝ! මම යනව යන්න!
මම,
සිමෝනා
නිරෝධායන චාරිකාව
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.
ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
දෙවියන්ගේ ආලය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මහින්ද කරුණාරත්න මහතාගේ ‘දෙවියන්ගේ ආලය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
පුංචි කාලේ මං
ආදරණීය සාධනා පුතේ,
ඔයාට ලස්සනට ලියන්න පුළුවන්. ලස්සන කතා
ගොතන්න පුළුවන්. ඈන් ෆ්රෑන්ක්ගේ දින පොත
මං ඔයාට කියලා දෙන්නම් ඒ පොත ගැන විස්තර.
ඒ එයාගේ ජීවිතේ දින සටහන්. අද ඉදන් ඔයාට මං
තෑගි දීපු අලුත් පොතේ ඔයත් දින සටහන් ලියන්න.
හිතට දැනෙන, හිතට හැගෙන හැමදෙයක්ම ඒ
දිනේට ලියන්න . ඔයාට තෑගි දීපු පොතේ පිටුවල
තියෙන එක එක පාට වගේම ජීවිතෙත් එක එක
අත්දැකීම් එකතු වෙයි. ඒ සුවිශේෂී හැම සිදුවීමක්ම
සටහන් කරන්න. දවසක ඒ සටහන් ඔයාගේ ජිවීතේට
ප්‍රයෝජනවත් වෙයි.
-ඔයාගේ තාත්තා
ගැහැනු පිරිමි මල් පලතුරු
“මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ… අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා – රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි… ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා… අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ…” එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.එය මට සැනසුමකි.ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි.එහි තෙතක් විය.ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.
කල්ගිය නඩුව – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී. ඇස්. ජෝන් පියසිරි මහතාගේ ‘කල්ගිය නඩුව’ නම් කෙටි කතා සංග්‍රහයයි.
There are no reviews yet.