Publishers | |
---|---|
ISBN | 955-21-0524-2 |
Language | Sinhala |
Cover | Hard Cover |
සද්ධර්ම රත්නාවලිය
රු2,000.00
Price Summary
- රු2,000.00
- රු2,000.00
- රු2,000.00
‘දහම් නමැති රුවන් ඇමිණූ වැල’ යන අරුත් ඇති ‘සද්ධර්ම රත්නාවලිය’, දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත කෘතියකි. එම යුගයේ බිහි වූ කෘතීන් අතර ප්‍රමා’ණයෙන් මෙන්ම සාහිත්‍යමය අගයෙන් ද වඩාත් වැදගත් වන එකම කෘතිය මෙය බව සඳහක් කිරීමෙහි වරදක් නැත. මෙහි ඇති භාෂා විලාශය උගත් නූගත් සියලු දෙනාටම තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත ය. බෞද්ධ, අබෞද්ධ කාගේත් අවධානයට යොමු වූ කෘතියකි.
Be the first to review “සද්ධර්ම රත්නාවලිය” Cancel reply
Related Products
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
There are no reviews yet.