Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-652-172-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහා උපයෝගී කර ගැනීමට මනෝවිද්‍යා ක්ෂේත්‍ර නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නම් වේ.
Notify me when item is back in stock.
Be the first to review “සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්” Cancel reply
Related Products
කාල් මාක්ස් ජීවන චරිතය
ජනයා ආර්ථික සංවර්ධනයේ හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම අනුව බවත් රාජ්‍ය සංස්ථා, නීතිය පිලිබඳ සංස්ථා, කලාව සහ ආගම පිලිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම අනුව බවත්, එබැවින් එය වසන් නොකොට සම්පුර්ණයෙන් හෙළි කලයුතු බවත් මාක්ස් කිවේය.
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
සතුන්ගේ පුංචි ගෙදර
මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.
මේ ඔක්කොම වින් ඩික්සි නිසා
දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි.ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කනගාටුවෙනි.
වහලිය
වහලිය
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත් ත්‍රාසජනක අත්දැකීම් වලට දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරිම සදහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින් සී සාමින් ,වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සදහා තණකොළ එක් රැස් කරමින් කර්යබහුල වෙයි. ඇතැම් වේලාවටජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්ච්ත්, අම්මාත්, මේරි සහ කේරීත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.
ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
There are no reviews yet.