Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-652-208-5 |
Language | Sinhala |
Cover | Soft Cover |
සාර්ථක ජිවිතයේ රහස
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි සිතන අයටද, කෙතරම් උත්සහ කලත් සතුටින් ජීවත්වීමට නොහැකියැයි සිතන අයටද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබෝධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයැයි සිතන අයටද මෙය බෙහෙවින් ඵලදායක අත් පොතකි.
Notify me when item is back in stock.
Be the first to review “සාර්ථක ජිවිතයේ රහස” Cancel reply
Related Products
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
සීතලෙන් සීත වුණු සීත සමය
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81දි ඇති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් වීම සදහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරීට සහ කේරීටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිගයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලඩ් තිරීගුසොයා බිහිසුණු ගමනක යෙදෙති.
ලස්සන වසිලීස්සා
බාබයිගා යකින්න කෑම මේසය පිළියෙල කළා . වයින් සහ මී පැණි ගෙනාවා. අන්ද්රේ ආඩම්බරකම් නැතුව මේසයට ඉඳගෙන කෑවා. බීවා. බාබයිගා යකින්න මාර්යා කුමරිය ගැන විපරම් කළා. කසාද බැඳලා හොඳින් ජීවත් වෙනවද කියලා ඇහුවා. අන්ද්රේ සියලු විස්තර ඈට කීවා. රජතුමා නැති රටින් නැති දෙයක් ගේන්ට කියලා අණ කළ හැටිත් ඇයට කීවා.
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
වහලිය
වහලිය
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.
මේ ඔක්කොම වින් ඩික්සි නිසා
දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි.ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කනගාටුවෙනි.
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
There are no reviews yet.