Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-7463-58-2 |
Language | Sinhala |
Pages | 32 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10189407](https://mdgunasena.com/wp-content/uploads/2023/05/10189407.jpg)
![10189407](https://mdgunasena.com/wp-content/uploads/2023/05/10189407.jpg)
සිංහල අකුරු ක්‍රියාකාරකම්
රු290.00
Price Summary
- රු290.00
- රු290.00
- රු290.00
- රූපයට අදාළ අකුර තෝරන්න
- එක සමාන අකුරු යා කරන්න
- ඉදිරියෙන් ඇති රූපයට අදාළ වචනය රවුම් කරන්න
- මුලින් ඇති අකුරෙන් පටන් ගන්නා රූපය පාට කරන්න
- රූපයේ ඇති අකුරු සොයා හිස් කොටුවල ලියන්න … යනාදි ක්‍රියාකාරකම් රැසක් මෙම පොත් පිංචෙහි ඇතුළත් වේ.
Notify me when item is back in stock.
Be the first to review “සිංහල අකුරු ක්‍රියාකාරකම්” Cancel reply
Related Products
සඳ තරු මල් ගී මුතු වල්
විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.
BUY EBOOK VERSIONටිකිරි අකුරු 1 – 2 ශ්‍රේණි සඳහා
අකුරු ලිවීම ළමා මනසට දිනෙන් දින එකතුවන අත්දැකීම් අතරින් වඩා නැවුම් වූවකි. ඒ සඳහා කුඩා දරුවාට වෙහෙසකින් තොරව අකුරු සහ පිල්ලම් හඳුනාගැනීමටත්, නිසියාකාරව ලිවීම හුරු කිරීමටත් මෙම පොත ඉතා ප්‍රයෝජනවත් වේ.
BUY EBOOK VERSIONAlphabet Chart – ENGLISH
The colourful and attractive poster is a pleasant way of introducing the alphabet to children. The capital and simple letters are printed in large format with words and pictures for quick identification and helps children learn the alphabet easy way.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සිතුමිණි හෝඩිය
සිතුමිණි හෝඩිය
අකුරු හුරුව
සිංහල භාෂාව හදාරන දරුවන්ට සිංහල අක්ෂර මාලාව නිවැරදිව හුරුකිරීම මේ කෘතියෙන් සිදුකරයි. සිංහල අක්ෂර ලිවීම සඳහා දරුවන්ගේ අත හුරු කරවිමේ දී එය මනා අවබෝධයකින් කළ යුතු ය. සැබවින්ම එය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. දරුවන්ට මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන්ට ද මේ කෘතිය අතිශය වැදගත් ය.
කතා අහමු පාට කරමු 1
කතන්දරයක් සමඟ එයට අදාළව යොදා ඇති සිතුවම බලා ඒ ආකාරයෙන්ම සකස් කළ තවත් සිතුවමක් වර්ණ ගැන්වීමට උගන්වන ළමා කෘතියකි.
කවි කියමින් පාට කරමු
මූලිකව චිත්‍ර පාට කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය වූ මෙය තුළ ඇති සුවිශේෂී අන්තර්ගතය නිසා මෙය සෙසු පාට කිරීමේ පොත්වලට වඩා වෙනස් වේ. අප අතර ප්‍රචලිත පැරණි කවිවලට නව අර්ථකථන එක් කරමින් දරුවන්ට නව අදහසක් ඇති කරන්නට සමත් අයුරින් මෙහි අන්තර්ගත කවි සම්පාදනය කොට තිබේ.
Copy Colouring – Animals
සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ සතුන් පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ සතුන්, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.
අකුරුවලින් සත්තු අඳිමු
සිංහල බසෙහි ඇති විවිධ අකුරුවලින් පහසුවෙන් චිත්‍ර ඇඳීමේ ක්‍රම කුඩා දරුවන්ට උගන්වන කෘතියකි. අපට ඇසෙන සෑම හඬක් ම ඒ අයුරින්ම අනුකරණය කොට ඉදිරිපත් කළ හැකි අතිදක්ෂ හඬ අනුකරණ ශිල්පියකු වූ මංගල ප්‍රේමදාසයන් මෙය සම්පාදනය කොට තිබේ.
ගුණසේන සිංහල කොපි පොත 2
අත් අකුරු නිවැරදි ව ලිවීම සඳහා වූ උපකාරක පොත් පෙළෙහි දෙවැන්න වන අතර මෙය දරුවන් අංග සම්පූර්ණ අක්ෂර ලිවීම සඳහා පුහුණු කරවයි. දරුවන්ට හැසිරවිය හැකි පහසු අක්ෂරවල සිට සංකීර්ණ අක්ෂර දක්වා ක්‍රමවත් ව ලියන්නට හුරුකරවයි.
Copy Colour – Brown
එකම නමකින් වුවත් පොත් පෙළක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබීම මෙම පොත් පෙළෙහි අති විශේෂත්වයයි. හඳුනා ගැනීම පිණිස භාවිත කරන්නේ පොතේ පිට කවරයේ වර්ණයයි. ඒ අනුව අදාළ පොත වෙන් කොට හඳුනා ගැනීම සඳහා වූ වර්ණය මෙම විස්තරයෙහි ඇතුළත් කොට තිබේ. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ම නිර්මාණය කරන ලද මෙම පොත් මාලාවෙහි විවිධ හැඩතල, වස්තූන්, සතුන්, පලතුරු ආදිය පාට කිරීමේ අවස්ථාව කුඩා දරුවන්ට ලබා දෙයි. ඒ සමගම එම වස්තුවේ නම ද ඉංග්‍රීසි බසින් සඳහන් කරයි. පාට කිරීමත්, සරල ඉංග්‍රීසි වදන් දරුවන්ට ඉගැන්වීමත් මේ පොත් මාලාවෙන් සිදු කෙරේ.
There are no reviews yet.