Authors | |
---|---|
Publishers | |
ISBN | 979-0-710025-04-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
ඉගෙන ගමු වයන හැටි තබ්ලාව යනු සංගීත භාණ්ඩ වාදනය පිළිබඳ පිළිබඳ ලියැවුණු පොත් මාලාවක මුලින්ම එළිදකින කෘතියයි. මෙහි සම්පාදකවරයා වන්නේ අප රටෙහි දක්ෂ මෙන්ම ජනප්‍රිය තබ්ලා වාද්‍ය ශිල්පියකු වන වාද්‍ය විශාරද, ලලිත කලාශූරී, සංගීත අධ්යක්ෂ මනෝජ් පීරිස් මහතාය. තබ්ලා වාදනය හදාරන සියලු දෙනාට ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි පරිද්දෙන් මේ කෘතිය සම්පාදනය වී තිබේ.
BUY EBOOK VERSIONBe the first to review “ඉගෙන ගමු වයන හැටි තබ්ලාව” Cancel reply
Related Products
නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්
නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ. මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.
දේශාභිමාන ගී
නුතන සිංහල ගීත රසිකයා පමණක් නොව පාසල් සිසුන් තුළද දේශාභිමාන ගිත ගැන ඇත්තේ පටු ආකල්පයකි, ජාතික මමත්වය, වීරත්වය, අපේකම මතුකරන දේශාභිමාන ගීත කිහිපයක්ම මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබීම ඉතාම වැදගත්වේ.
වැනීසියේ වෙළෙන්දා
වැනිසියේ වෙළෙන්දා නාට්‍යයයේ ආකෘතිය රැදෙන්නේ විනිශ්චය සහ පරීක්ෂණ අවස්ථා කීපයක් මතය. ක්‍රියාදාමය විකාශනය වන විවිධ අවස්ථාවන්හිදී චරීතයක් විභාග කරනු ලබයි. නැත්නම් නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම විභාගයන්හිදී සදාචාරය, මිනුම් දණ්ඩ කොට ගැනේ. කරඬු තුනෙන් එකක් තෝරා ගැනීම නිදසුනකි. මහා නඩු විභාගයේදී යුක්තිය ද නැත්නම් අනුකම්පාවද වඩා හොඳ යන්න තීරණය වන්නේ මතුපිට පෙනුම සහ යථාර්ථය අතරය.
උඩරට නැටුම් කලාව
කලකට පෙර මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික උත්සවයන්ට පමණක් සීමා වී තිබුණු, මහජනයාගේ දර්ශනය ඈත් වූ උඩරට නැටුම දැන් පාසල් විෂය මාලාවට එක්වූ සෞන්දර්ය විෂයයකි. පාරම්පරික උඩරට නැටුම් ප්‍රවීණයන් කීප දෙනා අතරින් කෙනෙකු වන සේදරමන් මහතා ඉතා සරල බසින් ආධුනිකයන්ට මෙන්ම නැටුම් ගුරුවර ගුරුවරියන්ටත් අත් පොතක් සේ භාවිත කිරීමට සුදුසු පරිදි මෙම අගනා ග්‍රන්ථය සකස් කර ඇත.
හෙළ ජන ගී
ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.
Progressive Series In Theory Of Music Book 3
Theory Of Music Work Book 3
ඕගන් පුහුණුව -2
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
මී රංචුව
දේශීය සිනමා කර්මාන්තයේ වංචාව, කුමන්ත්‍රණය, සොරකම, තණ්හාව හා ගුණමකුකම පිළිබඳ මූෂිකයින්ගේ කෝන්තරය
මී අර්ථය: ‘විශේෂයෙන්ම වංචාකාරී, අගෞරව සහිත තුච්ජ-අධම මිනිසා යන්නය. ඇතැම් අවස්ථාවලදී මීයන් ලෙඩරෝග වාහකයෙකු ලෙස කටයුතු කිරීමට වග කියයි.
ගිටාර් පුහුණුව – 4
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
Western Music Theory Work Book One
Western Music Theory Work Book One
ප්‍රස්තාර සහිත ළමාගී
මෙම කෘතියෙහි අන්තර්ගතය වන්නේ එදා 1925 වකවානුවෙන් ආරම්භ වු ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඇසීමට ලැබුණු ජනප්‍රිය ළමා ගීත වල ස්වර ප්‍රස්තාර සහ ගීතයන් ය. මෙහි දක්නට ලැබෙන ප්‍රස්තාරයන් එදා අසන්නට ලැබුණු ළමා ගීතවල නිවැරදි ප්රස්තාරයන්ම වේ.
මලක් වුණේ ඇයි නුඹ මට
ප්‍රවීණ ලේඛකයකු සහ කෘතහස්ත මාධ්‍යවේදියකු වන සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත ගණනාවක් වෙයි. එමෙන්ම මෙතෙක් නො ගැයුණු ඒවා ද ඒ අතර වෙයි. අප කාලයක් තිස්සේ රස විඳි අමරසිරි පීරිස් ගයන මලක් වුණේ ඇයි නුඹ මට, සුනිල් එදිරිසිංහ ගයන කවුරුන්ද ඔබ මගේ, අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ගුණදාස කපුගේ ගයන කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ආදී බොහෝ ගීතවල රචකයා ඔහු ය. මෙම කෘතිය ඔහු විසින් රචනා කරන ලද සියලු ගීතවල එකතුවකි.
There are no reviews yet.