Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-2736-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
තණ කන අපි
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”
Notify me when item is back in stock.
Be the first to review “තණ කන අපි” Cancel reply
Related Products
මල්ගුඩියේ මිනීකන්නා
ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.
රජ කුමරියකගේ දිනපොත 01
පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.
ඕස් දේශයේ අපූරු මායාකරු
ලොව පුරා සෑම ප්‍රධාන භාෂාවකට ම පරිවර්තිත ව පිටපත් මිලියන දහයකට අධික ව අලෙවි වී, චිත්‍රපට හා නාට්‍ය සිය ගණනකට පාදක වූ, ඇමරිකානු භූමියේ ලියැවුණු උසස් ම ළමා නවකතාව, 2021 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී පරිවර්තිකාවක වෙතින් සිංහලයට නගා රැගෙන එන සම්පූර්ණ හා අසංක්ෂිප්ත පරිවර්තනය.
කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය
එකවර මුදල් ගෙවා භාණ්ඩ මිලදීගත නොහැකි සාමාන්‍ය මහජනතාව බහුලව භාවිත කරන කල්බදු (ලීසිං) හා පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම හෙවත් කුලී සින්නක්කර ක්‍රමයට අදාළ නීති තත්ත්වයන් මේ ග්රන්ථයෙහි අන්තර්ගත වේ. පරිච්ජේද 28 කින් හා පිටු 141 කින් යුත් කල්බදු (ලීසිං) හා කුලී සින්නක්කර නීතිය ග්‍රන්ථය චකී මාතෘකා වලට අදාළ ව්‍යවස්ථාපිත අණපනත් හා විනිශ්චිත නඩු තීන්දු 28 ක් ද ඇසුරින් ප්‍රායෝගික නඩු නිමිති පදනම් කරගෙන රචනා වී ඇත. එසේම 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරණ පනත සියලු සංශෝධන සහිතව ග්‍රන්ථයේ අගට චක්කර ඇත. මාතෘකා අනුව වර්ගී කරණය කරන ලද නඩු තීන්දු නාමාවලියක්ද යුහු යොමුව සඳහා (For Quick Reference) as අන්තර්ගත වේ.
මේ නිසා සිංහලයෙන් සරල බසින් ලියැවුණු කල්බදු (ග්‍රීසිං) හා කුලී සින්නක්කර නීතිය නමැති මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට හා නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වේ. සිවිල් අධිකරණ වල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) ව්‍යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලෙන් නීති ග්රන්ථ 43 ක් ද නවකතා 5ක්, කෙටිකතා පොත් 4ක්, පර්වර්තන නවකතා 2ක් සහ නාට්‍ය ග්රන්ථ එකක් ලියා පළකර ඇත. ඒවා නීති වේදීන් මෙන්ම සාමාන්‍ය පාඨකයන් අතරද අතිශය ජනප්‍රිය විය. මෙම ” කල්බදු (වීසිං) හා කුලී සින්නක්කර නීතිය ඔහුගේ 44 වන නීති ග්‍රන්ථයයි.
යසාවා සාන් මා සහ ජපානය
ශ්‍රී ලංකා සහ ජපන් ජන ජීවිතය පොදු බෞද්ධ සංස්කෘතිය අනුව අධය්‍යත්මික ගුණ වගාවත්,භෞතික කාර්මිකරණය මත භෞතික දියුණුවත් සංකලනය කරගෙන නූතන සංවර්ධන සංකල්ප ප්‍රගුණ කරන් සැටිත් හිතකර සේ තම ආකල්ප සකස් කර ගැනීම සදහා පොදු ජනතාවට, ප්‍රතිපත්ති සාධක පිරිස්වලට සහ අනෙකුත් බලධාරින්ට මෙම ග්‍රන්ථය උපකාරි වනු නියතය.
බැරීගේ සිහිනය – බරක් ඔබාමා
මගේ ජීවිතය සිහිනයක් යයි මට වරෙක සිතේ. මගේ කතාව තරම් දුක්ඛිත කතාවක් ලෝකයේ කිසිදු නායකයෙකු සතුව ඇත්දැයි මට වරෙක සිතේ. හවායි දූපතේ මව සමඟ ජීවත් වූ පුංචි කොලු පැටියා ඇමෙරිකාව වැනි විශාල රටක ජනාධිපතිවරයා වේ යැයි කවුරුවත් නොසිතු බව මට සහතිකය. මා හදා වඩා ගත් මවද, මගේ මිත්තණියගේ සෙනෙහස ලැබූ මමද, මේ පිළිබඳව කිසි දිනක නොසිතුවෙමි. එහෙත් මගේ දෛවය මෙසේ විය. එය වෙනස්ය. එය වෙනස් කළේ කවුරුන්ද? එය වෙනස් කළේ දෙවියන් විසින්මය. එය මගේ විශ්වාසයයි.
DUO – ඩුඕ
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක
ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු
සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති.
හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති.
අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ
දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව
සැනසුම සොයා සරන්නී, සතුට අන්
තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ
ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින
අදිටන සුරතට කැටි කොට ගත්තාය.
ලාඩං
ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි. සිතුවමකට නැගීමට දැරුණු ප්රයත්නයයි. ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක්-දොම්නස් ඉතිහාස කතාවේ අංශු මාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.
රාවණා 3 මෙහෙයුම
හෙළදිව පෞරාණික ප්‍රෞඩත්වය වර්තමාන සිංහල ජනතාව තුළට කාවැද්දීම සඳහා ඉතිහාසයේ වැළලී ගිය සටන් හාරා අවුස්සමින් කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතිය නිර්මාණය වී ඇත.
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු මත පදනම් වූ නිර්මාණාත්මක සාක්ෂියකි.
සත්‍යය සැමවිටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු ඇත.
අන්ධයා සහ සුරුට්ටු න්‍යාය
බඩ තඩියා නැවතත් සිගරට්ටුවක් දල්වා ගනිමින් මෙසේ කියන්නට විය.
”කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු ගඟේ ඉන්න මාළු”
අමාරුකාරයා ද අත්හැරියේ නැත.
”දැලි පිහිය හිාගෙන ඉන්නෙ තමන්ට කපන්න පුළුවං රැවුල විතරයි කියලලු”
”දෙපැත්ත කැපෙන ආයුධ මෝඩයන්ට බයයිලු”
නැවතත් අමාරුකාරයාගේ වාරය පැමිණියේ ය.
”තුවක්කුව වුණත් බයගුල්ලෝ අතට ගියහම කොකා මැරිල වැටෙනවලු හාමතේ ඉඳල ම”
”කාටද තමුසෙ කොකා කිව්වේ? මට ද? මට ද?”
බඩ තඩියා අතක් මීට මොලවා ගනිමින් අමාරුකාරයට අනින්නට ඉදිරියට පැන්නෙන් කිහිපදෙනෙක්ම හනික තම අතවු දුම් බට මුවෙහි රුවා ගනිමින් ඔහු අල්වා ගත්තෝ ය.
දේශපාලන සමාජ විද්‍යාව-3
දේශපාලන සමාජ විද්‍යාව යනු සමාජ හා දේශපාලන බලයේ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එනම් සමාජ සම්බන්ධතාහි පවතින මූලික මානයන් වන දේශපාලනික ආයතන, සමාජ කණ්ඩායම් (සමාජ පන්ති, ස්ත්‍රී පුරුෂභාවය හා ජාතිකත්වය) පිළිබඳ අධ්‍යයනයයි.
කුරුලු මෙහෙයුම
පරිසරයේ සුවිශේෂී අංගයක් වන සත්ත්ව සම්පතට ආදරය කරමින් අපමණ අභියෝගවලට මුහුණ් දෙමින් ජීවත්වන සතුන් වෙනුවෙන් උදාර සේවයකට කැපවු දරු පිරිසක් ගැන කියවෙන “කුරුලු මෙහෙයුම” යොවුන් නවකතාව පරිසර හිතැති ආචාරධර්ම දරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියකි.
පාරිසරික කතා ගනයට ඇතුළත්වේ. සත්ව සම්පතට ආදරය කරන දරු පිරිසකගේ වික්‍රමයක් ගැන කියැවෙන කතාවකි. මතු පරපුර පරිසර හිතැත්තන් බවට පත්කිරිමේ අරමුණෙන් ලියැවී ඇත.
There are no reviews yet.