Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-138-782-2 |
Language | Sinhala |
Pages | 212 |
Publishers | |
Template | BOOKS |
ධනවත් පියා සහ දිළිඳු පියා
රු920.00
Price Summary
- රු920.00
- රු920.00
- රු920.00
Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ Robert T Kiyosaki සැලකෙන්නේ ලක්ෂපතියන් ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක් ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්ම වීමෙන් සියලු දෙනා වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපව අලුත් විදිහට සිතන්නට පුරුදු කරන ග්රන්ථයක් බව ඔබට කීවේ එහි එබැවිනි එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින් ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
Be the first to review “ධනවත් පියා සහ දිළිඳු පියා” Cancel reply
Related Products
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
ඩෙනිස්ගේ දස්කම්
ඩෙනිස් නමැති දරුවාගේ දඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ කතාවෙන් කියවෙයි.
රැම්සීස්
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය.
නපුරු පාලකයෝ තුන්දෙනා
නපුරු පාලකයෝ තුන්දෙනා වේදිකා නාටකයක්, ගීත නාටකයක් මෙන්ම චිත්‍රපට කිහිපයකට නගනු ලැබ ඇත. එය ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වය දිනාගෙන ඇත. හාස්‍ය රසයෙන් යුත් මෙම කාව්‍යමය සුරංගනා කතාවේ ඉරණම ප්‍රීතිමත් එකකි.
ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිලිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණ වලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.
සතුන්ගේ පුංචි ගෙදර
මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
ලක් බිමේ සත් වසක්
මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. රීළඟ වතාවේ මිද්වලකඩ දී මුලාදෑනියෙකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුණොත් මම ගැහැනියක් මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.
මැංචෝසන් චාරිකා
බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.
එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.
මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.
මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.
එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන් ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.
හරි පුදුම ඉස්කෝලෙ
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
There are no reviews yet.