Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-8663-28-X |
Language | Sinhala |
Pages | 201 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මෙකල නිවුණු ඇත්තෝ
රු275.00
Price Summary
- රු275.00
- රු275.00
- රු275.00
පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග්රන්ථ, අභිධර්ම ග්රන්ථ, භාවනා ග්රන්ථ, ධර්ම ග්රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි.
Be the first to review “මෙකල නිවුණු ඇත්තෝ” Cancel reply
Related Products
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
There are no reviews yet.