Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2994-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "දුටුගැමුණු රජතුමා" to the cart because the product is out of stock.
ලෝක ඉතිහාසය
රු1,750.00
Price Summary
- රු1,750.00
- රු1,750.00
- රු1,750.00
ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාරය, එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි.
BUY EBOOK VERSIONAdd a review Cancel reply
Related Products
21 Lessons for the 21st Century
Yuval noah harari takes us on a thrilling journey through today’s most urgent issues. The golden thread running through his exhilarating new book is the challenge of maintaining our collective and individual focus in the face of constant and disorienting change. Are we still capable of understanding the world we have created?
ලක් බිමේ තවත් යුගයක්
සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් ‘වන සරණ’ (Savage Sanctuary) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ තංගල්ලේදී ජන්ම ලාබය ලත් හෙතෙම, 1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්තාව අසල අද “විචර්ලි” ජාත්‍යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය.
වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත්‍රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු, කවියකු හා සාහිත්‍යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් Where the White Sambur Roams ‘සුදු ගෝනා’ නමින් ද Wild White Boy ‘සුදු වැද්දා’ නමින් ද Vanished Trails ‘මැකී ගිය දඩමං’ නමින් ද සිංහලයට නැගී තිබේ.
ලංකාවේ ඉපද – හැදී – වැඩී – උගෙන මෙහිම ජීවත් වූ බර්ගර් ජාතික ස්පිටල්, මෙරටට දැක්වූ භක්ත්‍යාදරය Far-off Things නම් කෘතියෙන් ප්‍රකට වේ. ලෙනාඩ් වුල්ෆ් ගේ Growing, ‘ලක්බිමේ සත් වසක්’ යනුවෙන් සිංහලයට නැගූ ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා Far-off Things, ‘ලක් බිමේ තවත් යුගයක්’ නමින් පරිවර්තනය කිරීමෙන් කළ ශාස්ත්‍ර සංග්‍රහය ප්රශස්ත ය.
මෙම කෘතිය ලංකාවේ ෙඑතිහාසික තොරතුරු ද – ආදී වාසීන්ගේ වතගොත ද – සිද්ධස්තාන හා සුන්දර ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම ජනශ්රැති හා මිත්‍යා මත ද හෙළි කරණ අතර ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ පරිවර්තන කෞශල්‍යය ද එමැනවින් පිළිබිඹු කරන්නකි.
-තිලකරත්න කුරුවිටබණ්ඩාර
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
BUY EBOOK VERSIONශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලාංකීය ඉතිහාසය
ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඊළාම් යුද්ධය අවසන් වන තෙක් වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, සමාජයීය, ආර්ථික, දේශපාලන ආදී කරුණු ඇතුළත් කොට සම්පාදනය කරන ලද, වෙළුම් 5 කින් සමන්විත කෘතියකි. එකී විෂයයන් සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු 49 දෙනෙකු මෙයට දායකත්වය සපයා තිබේ.
වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
BUY EBOOK VERSIONඅභීත සිංහල වීරයෝ
දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.
BUY EBOOK VERSIONබ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
ඉතිහාසයෙන් ඇසෙන කතා
කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
Recently Viewed
පරිසරය (2 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
පරිසරය (2 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
ශිව – නාගයන්ගේ රහස
නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජින කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.
මහ පිරිත් පොත – විශාල ප්‍රමාණය
පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් පොත පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්‍රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්‍රන්ථයෙන් මෙය යුක්ත වේ.
බොල් පිනි
“මේ අහන්න අකී…අපි දෙන්නම දන්නවා මේ දේවල්වලින් අපිට ලැබෙන දෙයක් නෑ කියලා.ඔයා දන්නවා ඔයා ඉන්න තත්වේ. ඇත්ත කොච්චර දුකක් වුණත් අපි ඒකට මුණ දෙන්න ඕන නේද? මට බෑ අම්මට මේවා තේරුම් කරන්න.ඒත් ඔයා දන්නවනේ…ඔයත් මෙහෙම අම්මගේ මනස්ගාතවලට කැමති වෙද්දී මම අසරණයි ළමයෝ…”
පන්සිය පනස් ජාතකය (පංචායුධ – ස්වර්ණහංස)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
ලේඛකයෝ – 2
ලේඛකයෝ – 2 නැමැති පොතේදී ‘ලේඛකයෝ – 1’ හඳුන්වා දුන් ලේඛකයෝ හැර තවත් ලේඛකයන් විසි දෙනෙකුගේ ජීවන තොරතුරු, සාහිත්‍ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර මෙමඟින් ගෙන එයි. ජීවන තොරතුරු යටතේ එකිනෙක ලේඛකයාගේ ජීවන ගමනේදී සිදුවූ වැදගත් යයි හැඟෙන සිද්ධීන් හැකිතාක් දුරට අඩංගු කිරීමට උත්සාහයක නිරත වී ඇත.
Pamudi Wasalathantri –
This is a very important book translated by a great journalist in our country. The benefits to us of world history are enormous.
Jalill –
It’s very good book about history