Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5572-33-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සූර්යනාශ
රු780.00
Price Summary
- රු780.00
- රු780.00
- රු780.00
ඇය තම දෑස් විවර කළාය.
ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි.
වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්රියේදී
සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව
ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය
කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ
අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම
සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත්
ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට
තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි.
ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි.ඒ පළිගැනීමම පමණි…
විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන්
ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ
අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමුව වූයේ ඒ
අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි…
Notify me when item is back in stock.
Be the first to review “සූර්යනාශ” Cancel reply
Related Products
ගස් මිනිස්සු
‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.
BUY EBOOK VERSIONCharlie and the Chocolate Factory
Charlie and the Chocolate Factory is a 1964 children’s novel by British author Roald Dahl. The story features the adventures of young Charlie Bucket inside the chocolate factory of eccentric chocolatier Willy Wonka.
ගම්මානේ අපි
ගම්මානයක ජීවත්වන කුඩා ළමුන් පිරිසක් වටා ගෙතුණු නවකතාවකි. වැඩිහිටියන්ගේ වැඩකටයුතුවලට උදව්වෙමින් සමගියෙන් ගමක ජීවත්වන ආකාරය මෙයින් කියැවෙයි.
BUY EBOOK VERSIONThe Dalada Chronicles
The book, Dalada Chronicle is basically written about the arrival of the Tooth Relic in our country. But this is written not as a report but as a novel. It is noteworthy that some facts which the historian did not find have been included here in the form of fiction.
BUY EBOOK VERSIONදුවකගේ කඳුළු
රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.
BUY EBOOK VERSIONඅලුත් නැන්දම්මලා
තම නිවස කුළ නැන්දම්මා ලේලි අරගලයට නැවතීමේ ලකුණක් දැමූ ඈ තවත් බොහෝ නැන්දම්මලා හා ඒ සතුට බෙදාගැනීමේ අභිලාශයෙන් ඒ අත්දැකීම් ලියා තැබීමට ගත් උත්සහයකි මේ අලුත් නැන්දම්මලා.
BUY EBOOK VERSIONප්‍රේම යුද්ධය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
වනගත මැණික – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවල මහතාගේ ‘වනගත මැණික’ නම් කෙටි කතා සංග්‍රහයයි.
ගීයක සැඟවුණු ඇත්ත
ගීතයක් නිර්මාණය වීමට විවිධ හේතු බලපෑ හැකිය. ඒ හේතු අතර සත්‍ය සිදුවීම්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. සත්‍ය සිදුවීම්වලින් නිර්මාණය වූ සිංහල ගීත බොහොමයකි. ගීතවලට ප්‍රියකරන්නන්, ඒ සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගන්නට කැමැත්තෙන් පසුවන්නේ එයින් ගීතයේ අරුත තවත් තීව්ර කරගත හැකි නිසාය. මේ කෘතිය සම්පාදනය වී ඇත්තේ එවැනි පාඨකයන් උදෙසාය. හැත්තෑව, අසූව සහ අනූව යන දශකවල නිර්මාණය වූ අර්ථාන්තිව සුභාවිත ගීත බොහොමක් පසුපස සැඟවුණු සැබෑ කතා මෙයින් ඉතා රසවත්ව විස්තර කොට තිබේ.
BUY EBOOK VERSIONබිසව් සීගිරි
‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.
BUY EBOOK VERSIONVillage By The Sea
The village by the sea: an indian family story is a novel for young people by the indian writer anita desai, published in london by heinemann in 1982. It is based on the poverty, hardships and sorrow faced by a small rural, community in india
වැඩකට නැති පොත
‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.
BUY EBOOK VERSIONRecently Viewed
මේක අපේ ජාලේ කඩේ
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
කුණාටු රැයේ අබිරහස් එළියක්..!
” මට ඊයේ රෑ කියන්න අමතක වුණා. ” ජුලියන් කිව්වා. ‘අපි මුහුදු කොල්ලකාරයින්ගේ රහස් පාරෙන් ඇවිත් මඩුවෙන් එළියට චීන කොට ගවනර් ඒ ළඟම තැනක හැංගිලා බලාගෙන හිටියා. එයා බලාගෙන ඉන්න ඇත්තේ අර මිනිස්සු දෙන්නා ඒ පාරෙන්ම ඇවිත් එයාට හොර බඩු ගෙනත් දෙනකල් වෙන්න ඕනේ.”
“ගවනර් මුලින්ම ඒ මිනිස්සු දෙන්නා කියලා අපිට රැවටිලා” ‘මම මෙහේ…!’ කිව්වා. ඒ වෙලාවේ අපි එයා ගැන සැක හිතුවේ නෑ. අපි පෙනේන්රුත්ලන් මහත්මයා එක්ක කුස්සියට වෙලා කතා කර කර ඉන්න අතරේ මඩුවේ ලෑලි පියන උඩින් දාලා තිබුණු ගෝනි අයින් කරලා අර.
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දොලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.
සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය
ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්රිත ග්රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.
ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.
පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්රන්ථයකි.
උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.
My First Book of Opposites
‘My First Book of. .. Series is a set of 12 books designed for tiny Jots. The series has been developed to enable the little minds to understand various concepts with the help of everyday objects. The different concepts dealt with in the series would help to develop cognitive, listening, reading and visual skills of the children. The bright and colorful pictures along with the simple text are sure to-appeal to the ever inquisitive minds of the little ones. The books can be used both at home as well as part of the school curriculum.
මතක සමග ලට්ට ලොට්ට
ගලේ කොටන අකුරු වගේ නෙව් හිතේ කෙටෙන අකුරු වයස්ගත වෙනකොට මැකෙනව. ඒ නිසා මගේ හිතේ කෙටිච්ච අකුරු මතක විදියට මෙතන එකතුකරල තියෙනවා. පිළිවෙලක් නැති උනත් කියවන්න අවුලක් නැතිවෙයි.මතකයට අමතරව මුහුණුපොතේ ලියපු ලට්ට ලොට්ටත් තියෙනවා. ලට්ට ලොට්ට කියන්නෙ කසළම නොවෙයි. ඕනම වෙලාවක වැඩක් ගන්න පැත්තකට කරන එවා.
Flip – Flap Fun – Amazing Colours & Shapes
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වර්ණ සහ හැඩතල පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Step To The World – Level 1 – Essential Skills
Step To The World Beginner – Level 1 – Essential Skills
ජ්‍යොතිෂ පද්‍යාවලිය
පෙළගැස්ම
- ග්‍රහ ස්වභාව /1
- රාශි ස්වභාව /16
- රවි රාශි ඵල /29
- චන්ද්‍ර රාශි ඵල /32
- කුජ රාශි ඵල /35
- බුධ රාශි ඵල /38…යනාදිය..
නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්
“නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්” ලිපි මාලාව ධර්මානුගාමී සදාත්නික ආධ්‍යාත්මික සත්‍යයක් වෙත් අප යා කරවයි.
New Millennium Kids Activity Book – 3
The ideal book to teach kids after 3 letter words.
Introducing vowel sounds make one long vowel sound.
කාලි-මාතංගෙශවරි තන්ත්රය
කාලි-මාතංගෙශවරි තන්ත්රය
සඳ තරු මල් ගී මුතු වල්
විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.
BUY EBOOK VERSIONඅම්මා
‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’
පොඩිත්තන්ට ඉලක්කම් වැඩපොත
පෙර පාසල් ළමුන් සදහා ඉලක්කම් හදුනා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාකරකම් ඇතුළත් කර මෙය නිර්මාණය කර ඇත.
2 ශ්‍රේණිය සිංහල, ගණිතය සහ පරිසරය වැඩපොත
2017 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූල වන පරිදි 2 ශ්‍රේණියේ දරුවන් සඳහා සිංහල, ගණිතය හා පරිසරය යන විෂයයන් ඇතුළත් කර මෙම පොත සම්පාදනය කර ඇත.
There are no reviews yet.