Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5572-33-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "මහා වියවුල" to the cart because the product is out of stock.
සූර්යනාශ
රු780.00
Price Summary
- රු780.00
- රු780.00
- රු780.00
ඇය තම දෑස් විවර කළාය.
ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි.
වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්රියේදී
සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව
ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය
කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ
අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම
සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත්
ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට
තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි.
ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි.ඒ පළිගැනීමම පමණි…
විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන්
ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ
අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමුව වූයේ ඒ
අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි…
Notify me when item is back in stock.
Be the first to review “සූර්යනාශ” Cancel reply
Related Products
දුවකගේ කඳුළු
රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.
BUY EBOOK VERSIONවනගත මැණික – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවල මහතාගේ ‘වනගත මැණික’ නම් කෙටි කතා සංග්‍රහයයි.
විනිවිඳින සිතිවිලි
‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.
BUY EBOOK VERSIONබිසව් සීගිරි
‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.
BUY EBOOK VERSIONමාතා
විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.
BUY EBOOK VERSIONආදරණීය මාක්ස්
නදිෂ් දික්කුඹුර විසින් පුවත්පතකට ලියන ලද ලිපි මාලාවක් ඇසුරින් සම්පාදනය වී ඇති ‘ආදරණීය මාක්ස්‘ කෘතිය යනු මාක්ස් යන චරිතය සහ මාක්ස්වාදය දෙස වෙනත් දෘෂ්ටිකෝණයකින් බැලීමකි. මාක්ස්වාදයේ අනුගාමිකයන් එය ඉගෙන ගන්නවා මිසක එය අවබෝධ කර නොගන්නා බව කතුවරයා පවසයි. අද අප රටේ අසන දකින මාක්ස්වාදයට වඩා සැබෑ මාක්ස්වාදයේත් කාර්ල් මාක්ස් නම් චරිතයේත් ඇති ආදරණීය බව, රස වින්දනාත්මක බව මතු කරන්නට කතුවරයා මේ කෘතියේ ඇති ලිපි මාලාව තුළින් උත්සාහ දරයි.
BUY EBOOK VERSIONඇදහිය නොහැකි සත්‍ය කතා
එදිනෙදා ජීවිතයේ දී අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම අදහා ගත නො හැකි, විස්මය ජනක දෑ වලින් පිරී පවතී. ලක්බිම පුවත්පතේ රිද්ම අතිරේකයට කතුවරයා විසින් සතිපතා ලියන ලද එවැනි විවිධ කතා රැසක් එකතු කරමින් මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONහෙදියකගේ නොදුටු දින පොත
සිය වෘත්තීය ජීවිතය හෙදියක ලද සැබෑ අනුවේදනීය අත්දැකීම් අලළා සම්පාදනය කරන ලද කෘතියකි.
BUY EBOOK VERSIONවැඩකට නැති පොත
‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.
BUY EBOOK VERSIONසසර
ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.
BUY EBOOK VERSIONදෝංකාරය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ හියුබත් දිසානායක මහතාගේ ‘දෝංකාරය’ නම් කෙටි කතාවයි.
අපි මහලු වයසේ
විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.
BUY EBOOK VERSIONRecently Viewed
වැඩිහිටියෝ නීතිය හා රැකවරණය
වගන්ති 44 කින් සමන්විත 2000 වසරේ පැණවූ අංක 09 දරණ පනත වැඩිහිටි තැනැත්තන්ගේ රැකවරණය හා අයිතීන් මෙන්ම දරුවන්ගේ හා රාජ්‍යයේ වගකීම් ක්‍රියාවට නැංවීම සඳහා යොදා ඇති යාන්ත්‍රණය හා වැඩ පිළිවෙළයි.
වැඩිහිටි වයසට පත්වන තැනැත්තන්ට නිසි රැකවරණ පසුබිමක් නොමැති වූ විට නොයෙකුත් සමාජමය අකරතැබ්බයනට මුහුණ දීමට සිදුවේ. වියපත් වැඩිහිටියනට දරුවන්ගෙන් සිදුවන ගැහැට වියවුල් ගැන කොතෙකුත් සිද්ධි අසන්නට ලැබතත් ඒවායේ පසුබිම් කරුණු හා ඒවාට විසඳුම් දුන් අයුරක් හෝ පිළිවෙලක් අසන්නට නොලැබේ.
08 ශ්‍රේණිය සිංහල භාෂාව ( MY TUTOR )
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
පෙළ පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි, දෙවැනි හා තෙවැනි වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ඇතුළත් ය.
English Foundation Skills Work Book 1 (Nelson)
The simplicity of the twin-track structure of Nelson English enables you to support your pupils’ language development with a rigorous skills programme. It provides a highly structured course which is easy to use and simple to manage. The Foundation Skills Workbooks 1-4 and the Word Book are ideal for independent work.
සුදු කිටියාගේ ප්රවෘත්ති
මේ කෘතිය ලාංකීය ළමා සාහිත්‍ය කෘති අතරට එක්වන අමුතු ආකෘතියක ළමා කතාවකි. මේ සුදු කිටියාගේ ප්රවෘත්ති ප්‍රකාශයයි. එහිදී විවිධ සිදුවීම් ඉදිරිපත් වන්නේ හාස්‍ය මුසු ප්රවෘත්ති වාර්තා ලෙසයි. ඒ තුළින් ඉතා වැදගත් පාඩමක් ළමා මනසට ඇතුළු කරයි.
BUY EBOOK VERSIONFlowery Cloth
One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colourful paintings that will appeal to young children.
බුකුං බුකුං
හිඹුටු වාරෙට හිඹුටු කැලේ හරිම ලස්සනයි.
කහ පාටට ගෙඩි හැදිලා අතුවල එල්ලෙනවා,
මුළු පළාතම සුවඳයි.
ඒ සුවඳට ඈත ඉන්න පුංචි සත්තු, කුරුල්ලො, වවුලො හිඹුටු කැලේ දිහාට ඇදිලා එනවා.
හිඹුටු වැල්වල එල්ලිලා මේ සත්තු බඩ පිරෙන්න හිඹුටු කනවා.
මේ කැලේ හිටියා පුංචි වඳුරු පැටියෙක්. එයාගෙ අම්මයි තාත්තයි එයාට ආදරේට කීවෙ “බුකුං බුකුං” කියලා
බුකුං බුකුං හරිම දඟකාරයා. හැමදේටම කලබලයි.
2 ශ්‍රේණිය සිංහල
විෂය නිර්දේශය සහ ගුරු අත් පොතේ සඳහන් ප්‍රාථමික අධ්‍යාපන අවධිය සඳහා නිපුණතා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කර මනා දැනුමක් දරුවාට ලබා දීමට අදාළ අභ්‍යාස මේ පොත තුළ අන්තර්ගත කර ඇති අතර ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව සකස් කර ඇත.
ගලිවරය
කුරුමිට්ටන ඉදිරියේ තමන් යෝධයන් යැයි සිතන බොහෝ අය සැබෑ යෝධයන් හමුවේ කුරුමිට්ටන් බවට පත් වෙති. මේ සත්‍යය ගලිවරය කෘතිය තුළින් පාඨකයාට පසක් කර දෙන්නේ ත්‍රාසය කැටි වූ අපූරු කතන්දරයක මිහිර ද සිතට ළඟා කර දෙමිනි.
Read it yourself with Ladybird Level 1 : Keeping Active
Keeping Active is a Level 1 Read it yourself book, suitable for very early readers who are ready to take their first steps in reading. A small number of frequently repeated words, simple facts, clearly labelled images and captions reinforce key information. Includes contents, index and a picture glossary.
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත ඩී එන් ඒ තාක්ෂණය ශ්රීඝ්ර පුනරීක්ෂණය (උසස් පෙළ)
පාළු මැදුරේ සිරකරුවෙක්
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ එකලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.
Amazing Questions & Answers – Human Body
How many times does your heart beat in a day? What is locked inside your rib cage? Answer your children’s How’s, Why’s, What’s and When’s about the human body with this unique Amazing Questions and Answers volume.
ජාතික වීරයෝ
අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි.
BUY EBOOK VERSIONSteps To Elocution Let’s Talk Beginner A
|
There are no reviews yet.