Pages | 160 |
---|
![EXM00004](https://mdgunasena.com/wp-content/uploads/2022/07/EXM00004.jpeg)
![EXM00004](https://mdgunasena.com/wp-content/uploads/2022/07/EXM00004-100x100.jpeg)
M.D.GUNASENA 160 Pages Square Ruled Pack
රු540.00
Price Summary
- රු540.00
- රු540.00
- රු540.00
M.D.GUNASENA 160 Pages Square Ruled 06 Books
Notify me when item is back in stock.
Be the first to review “M.D.GUNASENA 160 Pages Square Ruled Pack” Cancel reply
Related Products
නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත – 100 වැනි සංස්කරණය
සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්රියාකාරීත්වයේ සිට ජනගහන ප්රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.
මාඉටිපේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
ගුණසේන සමාගම විසින් සම්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයකි. පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකි ආකාරයෙන් සකස් කොට ඇති බැවින් පාසල් දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
ගුණසේන ඉංග්‍රීසි දෙමළ ශබ්දකෝෂය
බහුලව භාවිත වන ඉංග්‍රීසි වචන සදහා දෙමළ උච්චාරණය සහ අර්ථය සහිතව මෙය සම්පාදනය කොට තිබේ.
මහා සිංහල ශබ්දකෝෂය
අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම
අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථය මගින් අලෙවිකරණයේ මූලික පදනම් මනාව ඉදිරිපත් කර තිබේ. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.
උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය
රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරඟ විභාගයකට මුහුණ දීමත් එයින් ඉහළම දස්කම් දැක්වීමක් අත්‍යවශ්‍යය. ඒ සඳහා බුද්ධි පරීක්ෂණ භාෂා හැකියා පරීක්ෂණ ආදි විවිධ විෂයන් ඔස්සේ දැනුම හා කුසලතාවන් මැන බලයි. මෙම කෘතිය උසස් ජයග්‍රහණ ලබා ගනු සඳහා විධිමත් ව සම්පාදනය වූවකි.
චීන බසට අත්වැලක්
චීන බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට වඩා වැදගත් වනු ඇත.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
දෙමළ 3
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක තෙවැන්නයි.
ජපන් – සිංහල – ඉංග්‍රීසි ශබ්දකෝෂය
ජපන් බස ඉගෙන ගන්නා සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ශබ්දකෝෂයකි. මූලික වදනයෙන් ජපන් බසින් යොදා එහි අර්ථය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉදිරිපත් කොට තිබේ.
සිංහල දෙමළ කතා පුහුණුව 1
දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මේ කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.
There are no reviews yet.