Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-8884-02-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
අභිරහස් පණිවුඩය
රු850.00
Price Summary
- රු850.00
- රු850.00
- රු850.00
සාජන්ට් කියතෙන් කපන හැටි හැමෝම බලාගෙන හිටියා.කැපුන තැනින් වතුර ටිකක් විද්දා. ඒත් එක්කම කුඩා දිලිසෙන කෑලි දෙකකුත් බිමට වැටී, දිස්නය දෙන්න වුනා. ෆැටී ක්ෂණිකව පැනලා ඒවා අහුලාගෙන සුපිරින්ටන්ඩන්ට් අතට දුන්නා.
“අම්මප, ඔව්මයි, ඒවා දියමන්ති තමයි.” සුපිරින්ටන්ඩන්ඩ් කිව්වා. “පයිප්පය ඒවගෙන් පිරිල හිර වෙලා තියෙන්න ඇත්තෙ, වතුර ටික හරියට ආවෙ නෑ කියන එක පුදුමයක් නෙමේ. තව තැනක් කපන්න සාජන්ට්.”
සාජන්ට් කීකරු වුනා. කිසිම සැකයක් නෑ. පයිප්පය පුරවලා දියමන්ති. සමහර ඒවා ගොඩක් ලොකුයි. සමහරක් පුංචියි,අවුරුදු ගණනාවක් වතුරේ තිබ්බත් කිසිම හානික් වෙලා නෑ……
Be the first to review “අභිරහස් පණිවුඩය” Cancel reply
Related Products
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
නිල් දියමන්තියේ අබිරහස
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
හඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
දොර දොර කළුවර
|
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
Recently Viewed
අනූෂ සහ රන්කුමරු
ඇත් පැටවකු හා වනාන්තරයේ එකට හැදී වැඩෙන මිනිස් දරුවකු පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක යොවුන් නවකතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ‘අලි කතාව‘ සිනමා සිත්තම සඳහා පාදක වූයේ ද මේ අපූරු නිර්මාණයයි.
BUY EBOOK VERSIONකෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත
කෙටි කතා සංග්‍රහය උ/පෙළ 2017 සිට නියමිත
විද්‍යාව බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 7 ශ්‍රේණිය
Binder Clip 25mm
Binder Clip 25mm
භාගිනෙය්‍ය සංඝරක්ඛිත මහරහතන් වහන්සේ
“සංඝරක්ඛිත, මේ සිතේ හැටි ඔහොම තමා.කලබල වෙන්න එපා. සිවුරු අරින්නට කල්පනා කරන්න ඕන නෑ.හිතට ලැජ්ජාවක් ඇති කරගන්නත් එපා. අපි බුදුරජාණන් වහන්සේව බැහැදකින්න යමු. බුදුරජාණන් වහන්සේගෙන් මේ හිත දියුණු කරන ධර්මය අසමු” කියලා බුදුරජාණන් වහන්සේ ළඟට රැගෙන ගියා.
කෙලෙස් පර්වත
‘මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා” යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. ” මම හරියට බය වුණා… ” “සෝමා අහගෙනද හිටියෙ? ” “ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. “ඒ මගේ අතීතේ වෙන්නැති…… මගේ අතීතේ මට වද දෙනවා “
කැමීලියා
බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.
ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.
සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වු පසු පවා – දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටි
බලාපොරොත්තු හා ප්රාර්ථනාවන්ට වඩා විශ්වාස බලවත්ය.
සංගීතය – ගුණසේන Q & A 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
Gunasena Q & A G.C.E (O/L) Past Papers – සංගීතය 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
කැලණි රජ කුමරිය
විහාරමහාදේවියගේ චරිත කතාව යොවුන් නවකතාවක් ලෙස මෙම කෘතිය ඔස්සේ දිගහැරෙයි. මුහුද ගොඩ ගළා මහත් විනාශයක් සිදුවන්නට යද්දී, නිර්භීතව මුහුදට බිලිවීමට ඉදිරිපත් වී, කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්ව, අවසානයේ සොලීන්ගෙන් රට ගළවා ගැනීමට යුද වදින ගැමුණු කුමරුගේ මව ද වන්නට තරම් වාසනා ගුණයක් හිමි නිර්භීත කාන්තාවක් ලෙස ඉතිහාසය තුළ ඇගේ නම සනිටුහන් වී තිබේ. අප රටේ අනාගත පරම්පරාවන්ට ඇගේ චරිතය මහත් ආදර්ශයකි.
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.
උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය පරිවර්තනය
උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය පරිවර්තනය
මුහුණුපොතේ යතුරුපතින්
රුහිරු වගුරුවන අවිය අවියක් කර නොගෙන යොවුන් කවියන් “කවිය” අවියක් කර ගැනීම අප තුළ දනවන්නේ සුපසන් හැඟිමකි. මෙම කවි තුළ අඩුපාඩු සෙවීම නොකළ යුතු වුවද ඔවුන්ට සුන්දරත්වයේ නිවැරදි මඟ හඳුන්වාදීම බහුශ්‍රැත කවියන්ගේ යුතුකමකි. “මුහුණුපොතේ යතුරු පතින්” පොත් පිංච තුළින් අපේ ම්ව්බිමෙහි සතරදිග් භාගයේ මෙන්ම පිටරට ද සිටිනා යොවුන් කවියන් කිවිඳියන්ගේ නිර්මාණ එක මිටකට ගෙන දොරට වැඩුම ගැන අප සතුටු වෙමු.
Boththalil Wandu (Kuruminiya Bothale)
உலகப் புகழ்பெற்ற கலைஞரும் சிறுவர் கதை எழுத்தாளருமான திருமதி சிபில் வெத்தசிங்க அவர்களால் இந்தப் படைப்பை உருவாக்கப்பட்டுள்ளது. அசல் படைப்பு சிங்களத்தில் வெளியிடப்பட்டது, இது அதன் தமிழ் மொழிபெயர்ப்பு.
There are no reviews yet.